'|'~•නව වෙනි ගිණිදැල්ල•~'|'🔥

331 68 7
                                    

ගැන් එක රනාගෙ කුඩු ව්‍යාපාරයේ ස්තාන අතරින් ප්‍රධානම ස්ථානයක් වූ බන්ටියාගෙ කුඩු පැකට් කරන තැනට ඇටෑක් කර මැරයන් සියලු දෙනාම පාහේ මරා දැම්මේ බන්ටියාටද දරුණු ලෙස තුවාල කරමින්.ඉහින් කනින් ලේ පෙරාගෙන අඩපනව සිටින බන්ටියාව පුටුවකට බැද ගැටගැසුවේ බන්ටියා ඔවුන්ගෙන් බේරෙන්න කෑගසද්දි

•"කවුද උබල.ඇයි මෙහෙම කරන්නෙ.මට යන්න දෙනව මිනිහො.උබල මං කවුද කියල දන්නවද.රනාබොස් උබලව මරාවි මට මුකුත් කලොත්.පණට ආදරේ නං මාව ලෙහනව මිනිහො"

•"ඒ බලපංකො ඩීකේ මුගෙ අත් කකුල් බැදල තියෙද්දිත් කටේ සද්දෙ.අනේ උඹේ මහලොකු රනා බොස්ම එයි බේරගන්න.ඇයි ඌ ලොකුද?"

ඩ්‍රැකී කිව්වෙ කේන්තියෙන් ඔවුන් පස් දෙනාම උන්නෙ කේන්තියෙ උපරිම සීමාවට ගොස්.

•"මොකක්ද උබ කිව්වෙ ආ....රනා බොස් ලගට යන්න ඕනෙ කියලනෙ.උබ බයවෙන්නෙපා බං අපි උබව අනිවා ඌ ලගට යවනවා නිකං නෙවෙයි හොදට රැපිං කරලා.එතකං පොඩ්ඩක් ඉවසපංකො.බලපංකො ඉතිං උබට හරි හදිස්සියිනෙ රනා බොස්ව බලන්න.රනා උබව අනිවාරෙන් බලනව.හැබැයි උබටනං රනාව බලන්න බැරි වෙනව.ඒකටනං ඉති අපිට සාමාවෙන්න ඕනෙ"

ගාබි කිව්වෙ බන්ටියාගෙ මූණට වැටුනු කෙස් ටිකක් පස්සට දාලා බන්ටියාගෙ කම්මුලට තට්ටු කරල සමච්චල් හඩකින්

•"කවුද උබල.රනා බොස් උබල කෑලි කරයි"

•"අනේ නිකං පලයං බං යන්න නිකං සුරංගනා කතා නොකියා.රනා.
....මහලොකු රනා.ඇයි ඌ වැඩ්ඩෙක්ද?අපි දන්නව බං මෙහෙ ඉන්න මැරයො ඔක්කොම රගන්න ඌ හිංද කියලා.ඇත්තටම උබලට ලැජ්ජ නැද්ද යකෝ අපරාදකාරයෙක්ගෙ නමක් අල්ලන් රගන්න.තූ නොදකින් ආ....මට අමතකඋනානෙ උබලා රනා ලග කටුකන බල්ලො කියලා"

•"ක..ක..කවුද උබල"

බන්ටියා ඇහුවෙ බියෙන්

•"කවුරු කියලද හිතන්නෙ මූණ වහපු පස්දෙනෙක් කිව්වම මතක් වෙන්නෙ කාවද.."

•"ඩී.....ඩී...ඩීකේ"

•"හහ්.හහ්..ඔව් යකෝ මම තමයි ඩීකේ.උබ්ල වගේ පාහරයො නිසා විනාශ වෙච්ච රට ආපහු හදන්න  ආපු ඩීකේ.ඒක කරන්නනං උබල වගේ එවුන්ව පරලොව යවන්න ඕනෙ  "

•"අනේ..අ..නේ..ඩීකේ මාව මරන්න එපා.ඩීකේ ආයෙ කුඩු විකුනන්නෑ ඩීකේ අතාරින්න මාව"

•"බලපංකො ඩීකේ මූ.කෝ දැං උබේ තිබ්බ කට.මොකෝ බය උනෙව්.දැං කලින් කිව්වෙඅපිව මරනව කියලා"

•"අනෙ....මට එක අවස්ථාවක් දෙන්න ..ආයෙ වැරදි කරන්නෑ ඩීකේ.පොරොන්දු වෙනව.එකම එක අවස්තාවක් දෙන්න"

•"එක අවස්තාවක්.....මොන  අවස්තාද යකෝ..........."

ඩීකේ උන්නෙ වියරු වැටිලා.ඩීකේට ඉවසන්න බෑ කුඩා ලමුන් පවා මොවුන්ගේ කුඩු නිසා විනාශ අයුරු දකිද්දි

•"හහ්....අවස්තා..උබට අවස්තාවක් දුන්නා යකෝ.අර රංජියා...ටවුන් එකටම කුඩු බෙදපු කුඩු රංජිව මරපු වෙලේ උබලට හැදෙන්න තිබ්බා.ඌට උනා වගේ උබලටත් වෙයි කියල බයට හරි උබලට හැදෙන්න තිබ්බා.ඒක අවස්තාවක් කරගෙන හැදෙන්න තිබ්බා.ඒත් උබල මොකක්ද කලේ.අරූ මැරිලා සතියක් යන්නත් කලින් උබලා ආයෙ වැඩේට් බාස්සා.රංජියාටත් වඩා කුඩු බෙදන්න ගත්තා.උබල දන්නවද යකෝ උබල නිසා පොඩි කොල්ලො කෙල්ලො විනාශ වෙන තරම.දවසා ගානෙ පොඩි උන් ඒවට ඇඩික්ට් වෙනව යකෝ.අවුරුදු 15-16පොඩි උන් යකෝ ඒ.උන් විනාශ වෙනව.රටේ අනාගතය විනාශ වෙනව.කවුරු නිසාද උබල වගේ පාහර බල්ලො නිසා .උබල තිරිසන්නු යකෝ...නෑ තිරිසන්නු මොන දේ කලත් තමංගෙ පැටවු විනාශ කරන්නෑ.උන්ටත් පැටවු ගැන කැක්කුමක් තියෙනව.එහෙව් එකේ උබල තිරිසන්නුන්ටත් වඩා අන්තයි බල්ලො.උබල වගේ බල්ලන්ට දෙන්න අවස්තා මං ගාව නෑ දෙන්න සමාවකුත් නෑ"

කියල ඩීකේ බන්ටියාට පිහියෙන් ඇනගෙන ගියේ වියරුවෙන්.ෂැඩෝ ගැන් එක ඩීකේව නවත්තන්නට නොගියෙ ඩීකේගෙ වියරුව ගන දන්න නිසා ඒ වියරුව පිටිපස්සෙ තියෙන වේදනාව දන්න නිසා.ඩීකේ ඉන්නෙ වේදනාවෙන් බව ඔවුන් දන්නව.ඒ නිසයි ඔවුන් ඩීකේට ඉඩ දී බලා ඉදියෙ.මෙයින්වත් ඩීකේගෙ වේදනාව යන්තම් වත් අඩුවෙන නිසා.ඩීකේ නැගිට්ටෙ බන්ටියාගෙ ඇගට පිහි පාරවල් දහස් ගානක් තියලා.බන්ටියාව අදුරගන්න බරි තරමටම ඩීකේ ඔහුව විරූපී කරල තිබ්බා

•"මුගෙ බොඩි එක එලියට අරං අනිත් ඒව ඇතුලට දාලා ගිනිතියපං"

•"හරි බං.එතකොට ඩ්‍රග්ස් ටික"

•"පිච්චෙන්න ඇරපං"

එහෙම කියල ඩීකේ එලියට ගියේ පිහියෙ තියෙන ලේ ටික පිහිදාන ගමං .ෂැඩෝ ගැන් එක තම ඩිෆෙන්ඩරයට වී බලං ඉදියේ ඈතින් අහස උසට නාගෙන ගිණිසිලු දිහා.ඉතින් ඒ ගින්නෙන්ම ඒ මලසිරුරුත් ඒ මත්ද්‍රව්‍ත්යත් වැසී යාවි.ටික වේලාවක් බලං ඉද ඔවුන් ගියේ බන්ටියාගෙ බොඩි එකත් අරගෙන තව කාර්ය යක් ඉතුරු නිසා.

🔥_°°වෛරයේ ගිණිදැල්°°_🔥Donde viven las historias. Descúbrelo ahora