•"oficer randu"
•"Yes sir"
•"රනාව දැං කොටු කරගන්න පුලුවංද ඔෆිසර්"
•"No sir not now.දැම්ම හරි වෙලාව නෙවෙයි .රනාට අදාල ඩීටෙයිල්ස් ඔක්කොම වගේ අපි ගාව තිබුනට එකම එකක් අඩුයි සර්.U.S වල ඉන්න රනාට ඕඩර් දෙන ලොක්ක.ඌ කවුද කියල හරියට දැනගන්නෙ නැතුව රනාව ඇරෙස්ට් කරනව කියන්නෙ මෝඩ වැඩක් සර්.ඌ ගැන දැනගන්නැතුව රනාව ඇරෙස්ට් කරන එක වැඩක් නෑ සර්."
•"ඇයි රන්දු එහෙම කියන්නෙ"
•"සර් නොදන්නව නෙවෙයිනෙ වීරවර්ධන ඇමතියා ඌට සප් එක.ඌ මොනා කලත් ඇමතියා ඕකගෙ පිටිපස්සෙ ඉන්නවම තමයි.පොලිසිය මේව දැක දැක ඔහේ ඉන්නව.රනාට විරුද්දව කොච්චර සාක්ෂි ඉදිරිපත් කලත් ඌව සති දෙකකට ඇතුලට දානව ඇරෙන්න දෙයක් අපිට කරන්න බෑ සර්.වීරවර්ධන අනිවාර්යෙන් ඌට ඇප ගන්නව.අපි කොච්චර සාධාරනේ වෙනුවෙන් හිටියත් අපේම අය පවා සල්ලිවලට යට වෙන බව සර් නොදන්න දෙයක් නෙවෙයිනෙ.ඒකහිංදයි මම කියන්නෙ U.S වල ලොක්ක ගැන හරි තොරතුරක් දැනගන්නකං ඉන්න කියල.ඌ ගැන එකම එක තොරතුරක් මට ලැබුනොත් මම රනාව බෙල්ල මුලටම හිරකරනව සර්"
•"ම්ම් ඉතින් රන්දූ..... රනාට ඇප ගන්න බැරි වෙන්න අපි ඒ කැරැක්ටර් එක ක්ලෝස් කරමු."
•"සර්.......සර් කියන්නෙ එතකොට......"
•"Yes Officer.අපි CID නිළදාරින්.පොලිසියට අපරාදකාරයෙක් මරන්න බැරි උනත් අපිට ඒක කරන්න පුලුවං.ඒකටයි ඕගොල්ලන්ව ට්රේන් කරල තියෙන්නෙ.අනික ඔෆිසර් රනාවගෙ කෙනෙක් මෙහෙම නිදහසෙ ඉන්න එක ගැනනං කොහොමටවත්ම කැමති නැති බව මුලු ස්ටාෆ් එකම දන්නව"
•"Yes sir"
•"ok රන්දූ.එහෙනං මිෂන් එක ඔෆිසර්ට බාරයි.ඔය හිනාවෙන් නං පේන්නෙ දැනටමත් වැඩේ ප්ලෑන් කරල ඉවරයි වගෙ."
•"You're Right Sir"
ඇය පිළිතුරු දුන්නෙ සුන්දර සිනහවක් තම ප්රධානියාට සංග්රහ කරමින්.ඔව් ඇය තරුණියක් සුන්දර තරුණියක්.නිකම්ම තරුණියක් නම් නෙවෙයි ඇය.CID හි දක්ෂතම නිලදාරිණිය ඇය.නමුත් CID ය ඇරෙන්න දන්නෙ නම් නෑ කවුරුත් ඇය ගැන.මොකද CID හි තොරතුරු පිටතට යාම තහනම්.අඩුම තරමෙ CID නිලදාරින්ගෙ පවුලෙ කිසිවෙක්වත් දන්නෙ නෑ ඔවුන් ගැන ඉතින් කෙසේනම් ඇය ගැන දැනගන්නද නමුත් CID හි ප්රසිද්ධම නිළදාරිනිය ඇය.ඇගෙ දස්කම් ගැන නොදන්න අයෙක් CID හි නම් නෑ.මෙතෙක් ඇයට ලැබුනු කිසිම කාර්යකින් අසාර්තක වීනම් නෑ ඇය.ඉදින් රනා ගැනත් බලාගනිවි ඇය.ඔව් ඇය බලාගනීවි අනිවාර්යෙන්ම.....
•••••••••••••••••••••••••••••••••••••••••••
•"බොසා බොසා"•"ඇයි චුට්ටෙ"
•"අපිට තවත් කරදරයක්"..
•"මොකක්ද බං ඒ"
•"අලුතෙන් ආපු CID officer කෙනෙක්"
•"ඉතිං"
•"ඒකි නටනව වැඩී ලොක්කා.අපේ පොට් එකින් එක වටලන්න අරං.අර dk කාරය තරම් ලොකු කරදරයක් නැතත් ඒකි හොදටම වැඩි"
•"ඒකි......ඒකිව්වෙ කෙල්ලෙක්ද"
•"ඔව් ලොක්කා"
•"ඒකි කවුද කියල හොයල බලල ඉවරයක් කරපං.පස්සෙ පස්සෙ ඕකිත් මරාලයක් වෙන්න පුලුවං දැම්ම ඒකිව ඉවර කරල දාපං"
•"Ok Boss"
******************************
ඔන්න අලුත් කැරැක්ටර් එකක් කඩං පාත් උනා.CID Officer Randu.ඉතිං එයා මොන වගේ වෙයිද
-ඩීකේට එයාගෙ පාඩුවෙ වැඩක් කරගන්න දීලා පාඩුවෙ ඉන්නදේවිද?
-නැත්තං ඩීකෙගෙ වැඩවලට මරාලයක් වේවිද*ඩීකේගෙ වැඩ වලට ඇගිලිගහන්න ගියොත් නං අපි කෝල් එකක් දෙමු ඒකිට එක බුලට් එකක් වෙන්කරන්න කියල ඩීකෙගෙ ගන් එකෙං.එහෙම පුලුවංද නේද අපේ ඩීකෙගෙ වැඩවලට ඇගිලි දාන්න.පාඩුවෙ ඉදියොත් නං ඉතිං සලකල බලන්න බැරියෑ.🙊
#Dew📝
أنت تقرأ
🔥_°°වෛරයේ ගිණිදැල්°°_🔥
غموض / إثارة🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓 වෛරයේ ගිණිදැල් මතින් යුක්තිය සොයන #ඇයත්, ජීවිත සමග හරි අපූරුවට සෙල්ලම් කරනා #දෛවයත් ඉදින් බලා ඉන්න කවුරු ජයගනීද? #යුක්තියද? #අයුක්තියද? *ඔවුන් දෛවය වෙනස් කරයිද නැතිනම් දෛවය ඔවුන්ව වෙනස් කරයිද #2 -Thriller Ranking out of 918 storie...