'|'~•හතරවෙනි ගිණිදැල්ල•~'|'🔥

506 88 12
                                    

•"මොකක්ද උබ කිව්වෙ"

•"ඒ..ඩීකේ..මචන් කූල් ඩවුන් බං..උබටත් පොඩ්ඩ ගෑවෙන්න බෑ ඉතිං වරෙං යකෝ යන්න අම්බානෙට වැඩ තියෙනව"

ඔව් ඒ ඩීකේ.යුක්තිය වෙනුවෙන්ම ඉපදුනු ඩීකෙ.අසාදාරණ දෛවය පරද්දන්නම ඉපදුනු ඩීකේ......

ෂැඩෝ ගැන් එක ඩීකේ ව ඇදගෙන ගියේ ඩීකෙ ගෙ කේන්තිය හොදින්ම දන්නෙ ඔවුන් නිසා

•"මොකක්ද උබ ඒ කිව්වෙ.ඒ කවුරූනත් එසේ මෙසේ කේන්තියක් නං නෙවෙයි.උබ දිහා මරං කන්න වගේ බැලුවෙ."

•"මං හොදටම බය උනා බං දැක්කද මූණ පෙනුනෙ නැතත් ඒ ඇස් රතු වෙලා තිබ්බා"

•"හ්ම් .අපිත් දැක්කා.කවුද ඒ....අනික මූණ වහගෙනත් එක්ක ..මොන ජාතියෙ මිනිස්සුද දන්නෑ...අද ඉදන්වත් කට පරිස්සං කරගනින්"

•"අනේ දැං නං මට බයයි බං"

•"විකාර නොහිත ඉදහං...දැං ඒක ඉවරයි...අනිත් කට්ටිය එයාව ඇදගෙන ගියේ වෙලාවට....යමං දැංවත් ඇතුලට"

අනිත් තරුණියන් එසේ කියා ඇතුලට ගියත් අර තරුණියනම් තවමත් බලා උන්නෙ ඔවුන් ගිය පාර දෙස

••••••••••••••••••••••••••••••••••••••••••••••••••
ඩිෆෙන්ඩර් රථයට නැගි ෂැඩෝ ගැන් එක ඩීකේව ඇතුලට තල්ලු කරා.විනාඩියක් පමණ නිශ්ශබ්දව තිබුනු රථය දෙදරන්න උනේ ඩීකෙ ඇරුනම අනිත් හතර දෙනාගෙ සිනා හඩින්.ඩීකෙ තරහින්ම ෂීට් එකට ගහද්දි ඔවුන් තව තවත් හිනා උනා.

•"හහ්..උබල...උබල...උබලත් හිනාවෙනවද යකෝ..මරනව ඕකිව මං..මං ඩීකේ යකෝ ඩීකේ..මරල පාකරනව නුවර වැවේ ඔය කෙල්ලව.උබල ...උබල..ඔක්කොටම හපං...නවත්තපං ඔය කෙකර ගෑවිල්ල..."

ඔවුන් හිනාව කාගෙන ඉදියෙ ඩීකෙ ඉතින් කිව්වොත් කිව්වා නිසා

•"බලපං බං ඒකි ඩීකේයම එහෙම කිව්වනෙ.මූන වහං ඉන්නෙ මූන කුනුවෙලා නිසාලු..හහ්.හහ්.හම්මෝ නේ"

අමාරුවෙන් සිනාව නතරකරං ඉදියත් ඒ කීමත් සමග නැවත්තඔවුන් ඩිනා උනේ මහ හඩින්

•"අනේ..යමං බංඅගුලක් කියවනව.පෙන්නනව මං ඕකිට මූණ😡"

ඩීකේ කිව්වෙ මූණ වසා තිබූ ලේන්සුව ඉවත් කර කැප් එක ගලවමින්.නමුත් අදුරු කර ඇති ඩිෆෙන්ඩරය අතරින් ඩීකේගෙ මූණ දුටුවෙනම් නෑ කිසිවෙක්.ඩීකෙ එහෙම්ම ෂීට් එකට හේත්තුවෙලා ඇස් පියාගත්තා.මග දිගට මිතුරන් විහිල කරමින් ගියත් ඩීකෙ නම් උන්නේ මූණ ඇබුල් කරගෙන...

••••••••••••••••••••••••••••••••••••••••••••••••••
@2.30 a.m

•"යාරා....මැ..ණි..ක අ..ප්..ප..ච්.
චි ය..න
.ව යා..රා...අ..ප්..ප..ච්..චිට ය..න්න වෙ..න..ව..නෙ...මා..ත් කැ..ම
.ති නෑ ම..ගෙ සුදු දු..ව..ව දා..ලා ය..න්න....ම්..ගෙ මැ..ණි..ක පරිස්සම් වෙ..න්..න......අ..ම්.ම..වයි
..ම..ල්..ලි..ව..යි.. බලා..ග..න්..න.යා...රා..ඔ..යා...ට.වි..ත..ර.යි
.ඒ..ක.පු...ලූ....වං...මං..ආ..ද..රෙ..යි..ඔ.යා..ලා..හැ..මෝ.ට..ම...ස..තු...ටි..න්.ඉන්න..ම.ගෙ..සුදු..දු..ව😔"

•"අප්පච්චීඊඊඊඊඊඊඉ...........😫"

•"යන්න එපා අප්පච්චි යන්න එපා.."

පාන්දර දේව් ගැස්සිලා ඇහැරුනා....‍දාඩිය පෙරාගෙන...
අවුරුදු හයක් තිස්සෙ හැමදාම පේන මේ හීනය දේවාට අලුත් දෙයක් නෙවෙයි...ඔව් අවුරුදු හයක්.....ඇය අවුරුදු හයක් තිස්සෙ විදවනව...තමංගෙ වීරය නැතුව...හීනයක් කිව්වට මේක හීනයක්මත් නෙවෙයි...දේව්ගෙ තාත්තා මැරුණ දවසෙ ඇගේ උකුල උඩ ඉදන් කියපු දේ තමා හැමදාම ඇයට හීනෙන් පේන්නෙ...ඒකෙන් වෙන්නෙ අමාරුවෙන් ඇය හදාගත්තු හිත හැම රෑකම ආයෙ ආයෙ පෑරෙන එක විතරයි....ඒකයි කියන්නෙ දෛවය හරිම දරදඩුයි....

•"අප්පච්චි ඇයි අපිව දාලා ගියේ..අමාරුයි අප්පච්චි...හරි වේදනයී...සමහර වෙලාවට පපුව පැලෙන්න වගේ අප්පච්චි...පිටිං හිනා වෙලා ඉදියට හැමදාම අපි අඩනව......නොකිව්වට වාශ්ට හරිම අමාරුයි ඉවසන්න...මගෙ මල්ලි විදවනව අප්පච්චි......අප්පච්චිගෙ ආදරේ හරියට විදින්නත් කලිම්ම දාලා ගියාම වාශ්ට කොහොම දැනෙනව ඇතිද අප්පච්චි.....ගොඩක් දවස් වලට එයා අඩනව අප්පච්ච්චි.....හොරෙං අඩනව..........ඒවුනාට මගේ පණට ඒක මගෙං හංගන්න බෑ..එයාගෙ මුලු ලෝකෙම උනු මේ අක්කගෙන් එයාට හංගන්න බෑ මුකුත්...කොහේ හරි ඉදන් බලං ඉන්න අප්පච්චි පොරොන්දු උන විදිහටම ඒ දෙන්නව සතුටින් තියනව මං..... හැමදාටම"

*********************************
සිනා කැන් මල් පිරී ඉතිරුණු
නිවස අද සොහොනක් වෙලා
ඔබේ තුරුලේ දග කෙරූ ඔබෙ
අහිංසකාවිත් කවුදෝ හංගලා
අපහසු හැම දේ උනත් දැං
දරාගන්නට හුරුවෙලා
අනේ අප්පච්චි ඔබේ දුවගේ
හදවත දැං ගල් වෙලා.......

අවැසි වූවත් එන්න ඔබවෙත
බදීම් ගොන්නක හිරවෙලා
ඒවා අතැර එන්න බෑනෙ
එවිට ඔවුනුත් තනිවෙනා
මං විදින දුක මගේ පවුලට
නැවත දෙන්නට බැරි නිසා
ඉවසා ඉන්න මතු භවේනං
එනවමයි ඔබෙ දුව වෙලා.........
#Dew

පස්වන ගිනිදැල්ලෙන් හමුවෙමු..

🔥_°°වෛරයේ ගිණිදැල්°°_🔥Onde histórias criam vida. Descubra agora