'|'•~දහහතරවන ගිණිදැල්ල•~'|'🔥

525 70 2
                                        

•"චුට්ටෙ මෙහෙ වරෙන්"

•"බොසා"

•"උබලට සතියක් ගිහිල්ලත් අර ඩීකේ කාරයා ගැන තොරතුරක් හොයාගන්න බැරිඋනාද යකෝ"

•"සොරි බොසා ඌ කොහොම හරි මාරු වෙනව"

•"හිත හිත ඉන්න බෑ යකෝ.ඌ මැරයෙක් වෙන්න ඕනෙ පොලිසියත් ඌ ගැන හොයනව කියන්නෙ ඌ පොලිසියෙ එකෙක් නෙවෙයි.හරි අදට අතරිමු ඉක්මනට ඌ ගැන හරි තොරතුරක් ඕනෙ"

•"හරි බොසා"

•"හ්ම් යමං දැං අර ගජනායක ඇමතිගෙ උපන්දිනේ.අද ක්ලබ් එකට එන්න කිව්ව.ජිප් එක ලෑස්ති කරපං."

•"හරි බොසා"

•••••••••••••••••••••••••••••••••••••••••••
•"ඩීකේ අපිත් එන්නද බං.උබව තනියෙන් යවන්න බෑ"

•"ඕන්නෑ ඩ්‍රැකී මං ඌට ඇටෑක් කරන්නෑනෙ.උබල මෙතන ඉදපං.මං එන්නං ඉක්මනට"

•"හ්ම්.හරි මචං"

•••••••••••••••••••••••••••••••••••••••••••

රනා උන්නෙ ක්ලබ් එකේ ඔහුට වෙන් උනු කොටසේ මදුවිත තොල ගාමින්.චුට්ටේ හා අනිත් ගෝලයන්ද ඔහු අසල සිටියේ වැනි වැනි.එකපාරටම මුලු ක්ලබ් එකේම ලයිට්ගියේ හාත්පසම අදුරු කරමින්.සියල්ලන්ගේම නොසන්සුන් කෑගැසීම් මද්‍යයේ රනාව පිටුපසට ඇදීගොස් ඔහුගේ මුව වැසී ගියේ කෑ ගැසීමට නොහැකිලෙස.ඔහුතම ගන් එක ගැනීමට උත්සහකලත් එය එතන තිබුනෙනෑ.

•"මේකද හොයන්නෙ රනා"

රනාගෙ ඇස් විසල් උනේ තම ගන් එක පිටුපසින් සිටි කෙනා කවුරු උනත් තමාගෙ ගන් එක ඒ කෙනාගෙ අතේ තිබුනු නිසා.රනා දැගලුවත් ඒ කෙනාගෙ ග්‍රහනයෙන් නම් මිදෙන්න හැකි උනේ නෑ ඔහුට

•"මං කිව්වනෙ උබව ඉක්මනටම හම්බෙන්න එනව කියල.මේ ඩීකේ පොරොන්දුකඩන්නෑ එහෙම.උබ කරපු හැම දේකටම විදවන්න ලෑස්තිවෙලා හිටපං රනා.උබව මං නැතිකරනව.මං ඩීකේ යකෝ ඩීකේ.උබේ මාරය බලාපොරොත්තුවෙන් ඉදපං.ලගදිම උබේ වාරය එයි .මං උබව මරනව රනා.උබෙ හුස්ම නැතිවෙන්නෙ මගෙ අතින් බව මතක තියාගනින්."

රනා ඒ රත් පැහැ ඇස් දිහා බලං ඉදියෙ බියෙන් .ඒ ගිණියම් දෑස්වල තිබුනු වෛරය අදුරගන්න රනාට අපහසු උනේ නෑ.රනාට එකපාරටම දැනුනෙ තම බෙල්ලට වේදනාවක්.නමුත් එකපාරටම ලයිට් ආවෙ ඩීකේගෙ ග්‍රහනය ලිහිල් වෙද්දි .රනා වටපිට බැලුවත් ඒ වෙනකොටත් ඩීකේ සුලගටත් වඩා වේගෙකින් අතුරුදහන් වෙලා තිබුනා.

•"බොසා බොසා ඇයි"

•"ඩී..ඩී...ඩීකේ"

•"මොකක්"

•"ඌ ආවා චුට්ටෙ.ඩීකේ මෙතනට ආවා..ඒ ඇස් ...ඒ...ඇස් වල වෛරය පිරිල චුට්ටෙ.ඒ රතුපාට ඇස් මට කාවදෝ මතක් කරනව චුට්ටෙ .මට මතක නෑ හ්ම් බලමු ඩීකේ උබ කවුද කියල"

•"ලොක්කා"

•"මොකො බං"

•"ලොක්ක්ගෙ බෙල්ල"

•"ඉතින් මගෙ බෙල්ල මොකො"

•"බලන්න ලොක්කා"

රනා කැඩපතෙන් තමංගෙ ගෙල දෙස බැලුවත් ඒ ඇස් දොඹ ගෙඩි වගේ වෙන්න ගියේ සුලු වෙලාවක් විතරයි

•"මේ...මේ...මේක"

ඔව් ඩීකේ හරි අපූරුවට රනාගෙ ගෙලේ සටහනක් තියල .ඔහුගෙ ගෙලේ පැහැදිලිව DK යන්න සටහන් වී තිබුනා.ඉතින් ඩීකේ පැමිණේවි කියූ ලෙසටම තම වෛරය සන්සිදුවා ගන්න රනාගෙ ඉදිරියට ලගදීම දවසක.රනාට තමංගෙ පව් සෝදාගන්න සිදුවේවි ඔහුගේම රුදිරයෙන්.ඔව් අනිවාර්‍යෙන්ම සිදුවේවි එය.

•••••••••••••••••••••••••••••••••••••••••••
ෂැඩො ගැන් එක ක්ලබ් එකෙන් එපිට සිට බලං ඉදියෙ ඩීකේ එනකං.ඈතින් ඩීකේ ආවෙ තමංගෙ ඇදුමත් සකසමින්.රෂ් ඈතින් එන ඩීකෙගෙන් හිසින් ඇහුවෙ ගිය වැඩේ කොහොමද කියල.ඩීකේ අතින් සන් කලේ👌 වැඩේ  සාර්තකයි කියන්න වගේ✌️

******************************

#DewNash

🔥_°°වෛරයේ ගිණිදැල්°°_🔥Where stories live. Discover now