අදට දින හතරක් ගෙවී ගොසින්.....ඈ තාමත් එලෙසමයි.....කෙතරම් නම් ඇය සමග ඔවුන් ඉදියත් ඇගේ පුංචිම වෙනසක් වත් නෑ......එදා ලෙසටම ඔහේ වැතිරිලා.....අනුලා වැහැරිලා ගිහිල්ලා......ඇයටත් අමාරුයි රෝහලේ සිටීම....එනිසා දේව්ගෙ මිතුරන් ඇයව පිටත් කලා නිවසට....ඔවුන්ගෙ දෙමාපියනුත් අනුල සමගම සිටියා....නමුත් ඔවුන් තවමත් දේව් ලගින් හෙල්ලිලා වත් නෑ....එකම මොහොතකටවත් ඇයව තනිකලේ නෑ....දුශී ගෙ ඇස් නිදිමරලම යටගිහිල්ල තියෙනකොට....කොල්ලො පස්දෙනා ඒ පෙරදා සිටි කඩවසම් පිරිමි ලමුන්මද කියා සිතන්නවත් නොහැකියි.....ඔවුන් පිස්සන් මෙන් හැසිරෙන්නෙ.....ඔවුන්ගෙ සොයුරිය ප්‍රතිචාර නොදැක්වුවත්......ඔවුන් රෑ දවල් සැමවිටම ඈ සමග කතාකලා....ඇයට නැගිටින්න කිව්වා...ඒත් ඇය ඔවුන් එක්ක තරහ වෙලාදෝ ඈ තාම නැගිටින්නෙ නෑ.......
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
මේ අතර ඇමති වීරවර්ධන උසාවියෙන් එලියට ආවා.......මොහොතක් යන්නට කලියෙන් වාර්ථාකරුවන් ඔහු වටා රැස්වුනා.....
•"සර්....ඔබතුමාට මේ ගැන කියන්න තියෙන්නෙ මොකක්ද
•"සර් අපිට කියන්න....ජනතා නියෝජිතයන්ම මෙලෙස කිරීම ඔබ අනුමත කරනවද".
•සර් අපිට උත්තර දෙන්න....
ඇමති වීරවර්ධනට තමංගෙ රථයට යාමටවත් නොහැකි උනා
•"මේ පිලිබදව මම කිසිවක් දන්නෙ නෑ.....මගේ අනුමැතියෙන් පිට තමයි මේ සැම දෙයක්ම සිදුවෙලා තියෙන්නෙ.....ඔවුන් එය පිලිගෙන තියෙනව.....ඒ වගේම මම ඔවුන්ට විරුද්දව ක්රියාමාර්ගගැනීමට පොලිසියට මගෙ සම්පූර්ණ සහයෝගය දක්වනවා...."
කියා ඔහු තමංගෙ නිල රථයට නැගී පිටව ගියා
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
•ඒක මහ පුදුම බැදීමක් නේද ඩොක්ටර්....
•ඔව් නර්ස්....
•"ඒ ගර්ල් පුදුම වාසනාවන්තයි...ඒවගෙ කට්ටියක් ලබන්න....බලන්නකො ඒ කෙල්ලව දාල විනාඩියකටවත් ඒ පස්දෙනා හෙල්ලෙන්නෙ නැති හැටි.....
•"ඒක තමයි ඩොක්ටර් එයාලා සහෝදරයොද
ඒ දේව්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා හා කාර්යම්ණ්ඩලයේ හෙදියන් දෙදෙනෙක් කතා කරනවා
VOUS LISEZ
🔥_°°වෛරයේ ගිණිදැල්°°_🔥
Mystère / Thriller🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓 වෛරයේ ගිණිදැල් මතින් යුක්තිය සොයන #ඇයත්, ජීවිත සමග හරි අපූරුවට සෙල්ලම් කරනා #දෛවයත් ඉදින් බලා ඉන්න කවුරු ජයගනීද? #යුක්තියද? #අයුක්තියද? *ඔවුන් දෛවය වෙනස් කරයිද නැතිනම් දෛවය ඔවුන්ව වෙනස් කරයිද #2 -Thriller Ranking out of 918 storie...
