Chapter - 1

14.9K 1.1K 202
                                    

1958
ලන්ඩන්

ආදරය කිරීම යනු මිත්‍යාවකි.

"අතිශයෝක්තියෙන් යුතු, ආදරණීය, දුරදිග නොබලා කටයුතු කරන, හිත පුරා මැවෙන ආදරය..... ආදරය කරනවා කියල කියන්නෙ වෙන මුකුත් නෙමෙයි, යථාර්ථවාදී දෙයක්" එයා පුංචිකාලෙ කියෙව්ව සුරංගනා කතාවල තිබ්බෙ එහෙමයි.. "තම තමන්ගේ ජීවිත පරිපූර්ණ කර ගන්න හැම කෙනෙක්ම එයාලගෙ සදාකාලික සම්බන්ධතා ඉස්සරහින් තියන වීදුරු බිත්තිය තමයි ආදරේ කියල කියන්නෙ..."

ආදරේ කරනවා කියලා කියන්නෙ වෙන මුකුත් නෙමෙයි. ඒක පරිපූර්ණ දෙයක්.

වෙන කාටවත් නැති උනත්, ජන්කූක්ට ඒක පරිපූර්ණ දෙයක්..

ජන්කූක් හැදී වැඩුනෙ දුප්පත් පවුලක. කඩා වැටෙන්න ලං උන, මිල අඩුම ලාබ තීන්ත ගාපු බිත්ති එක්ක පොඩි ගෙදරක ජන්කූක් එයාගෙ ළමා කාලය ගෙව්වා. ජන්කූක්ගේ තාත්තා එයාගෙම බිරිඳව පිලිකුල් කරා. ඒ නිසා ඒ දෙන්නා අතර නිතරම වගේ රණ්ඩු තිබ්බා. අවුරුදු ගාණක් තිස්සේ එකට ජීවත් උනත් එයාලා කවදාවත් වාසනාවන්තයි කියල හිතුවෙ නෑ. සෑහිමටක පත් උනෙත් නෑ. ජන්කූක්ට අනුව එයාලා පරිපූර්ණ උනෙත් නෑ. ඒත් එච්චර ප්‍රශ්න තිබිලත් ඇයි ඒ දෙන්නා තාමත් එකට ඉන්නෙ ? ඒකට උත්තරේ කවදාවත් ජන්කූක් දැනගෙන හිටියේ නෑ. දැනගන්න උවමනාවක් තිබ්බෙත් නෑ. ඒත් ජන්කූක් දෙයක් සරලව තේරුම් ගත්තා ; ඒ ආදරය කවදාවත් සදාකාලිකව පවතින්නේ නෑ.

"ආහ් එයා ගොඩක් නිහඬ කෙනෙක්" ජන්කූක්ට ඇහුනා.
"වැඩිය කතා කරන්නෙ නෑ. ඒත් ගොඩක් පොත් කියවනවා. එයා ගොඩක් වැඩත් කරනවා. කලාතුරකින් තමයි ගෙදර ඉන්නෙත් "

ජන්කූක් එයාටම හිනා වෙනගමන් දොර ලඟ ඉදන් මේ හැමදේම අහගෙන හිටියා. වැඩිය කතා කරන්නෙ නැති එක ඒ තරං වැරැද්දක්ද ? ජන්කූක්ට පොඩි කාලෙ ඉදලම මේ වගේ දේවල් ඇහිලා තිබුනා; ඇයි ඔයා කතා කරන්නෙ නැත්තෙ, තව ටිකක් කට අරින්න, කතා කරන්න ඔච්චර කම්මැලි වෙන්න එපා. ඒ වගේම, එයා වටේ තිබ්බ හැම දේකින්ම පැනලා යන්න ජන්කූක් පාවිච්චි කරපු දේ තමයි කියවීම. ජන්කූක් කියන්නෙ වැඩ නිසා ගොඩක් කාර්යබහුල කෙනෙක්. කාර්යබහුල කෙනෙක් කියනවට වඩා, වටපිටාවෙ තියන හැමදේකින්ම එයාවම කාර්යබහුල කරගන්න ජන්කූක්ට ඕන උනා. ගොඩක් වෙලාවට එයා හිතලම එයාවම මගඇරගත්තා.

Somebody To Love  ||  Taekook  [ COMPLETED ]Where stories live. Discover now