අවම වශයෙන් පවසනවා නම්, ඒ වන විට තත්වය, තරහ... දුක... කනස්සල්ල... පසුතැවීම... බලාපොරොත්තු බිඳ වැටීම... සියල්ලෙන්ම සමන්විත උනා...
සතියක් ගෙවී යන තැන නිවස පුරාම අප්රසන්න, නොසන්සුන්, අපහසුතාවයට පත් වෙන වාතාවරණයක් ගොඩනැගී තිබුනි... උදෑසනම වැසිකිළි බඳුන දිහාවට දුවගෙන යන වෙරෝනිකාගෙ ඔක්කාරය දිනපතාම ඇසෙන්නට විය... ජන්කූක් දිනපතාම උදේ ආහාරය පිලියෙල කරත්, කිසිම දිනක එය ආහාරයට ගැනීමට නොහැකි වෙරෝනිකා, පසුව තමන් විසින්ම පිලියෙල කරගන්න දෙයක් ආහාරයට ගන්න හුරුවෙන්නට උනා... බලාපොරොත්තු නොවූ පරිදි වැඩි කාලයක්, වෙරෝනිකා දිහා බලලා හිනාවෙන්නත්, ජන්කූක් දිහා බලලා හිනාවෙන්නත් උනු ටේහ්යුන්ග්, උදෑසනම විස්කි වීදුරුවකුත් පානය කරන ගමන් ටිකක් තනියම ඉන්නත් පුරුදු උනා...
එක් සිකුරාදා උදෑසනක, ටේහ්යුන්ග්ගේ වැඩ කරන කාමරයේ දොර අසල නතර උන ජන්කූක්, මේසෙට හිස තියාගෙන තවමත් හිස් විස්කි වීදුරුවක් අල්ලගෙන ඉන්න ටේහ්යුන්ග්ව දැක්කා...
"ටේහ්යුන්ග්..." ජන්කූක් හිමීට කියනකොට, ඒ ඇහුන කටහඬත් එක්ක ටේහ්යුන්ග් එකපාරටම ඔලුව උස්සලා බැලුවා... දෙතුන් සැරයක් ඇහිපිල්ලම් ගැහුව ටේහ්යුන්ග්, අවට තිබ්බ එලියට ඇස් දෙක හුරු කරගෙන එහෙමම ජන්කූක් දිහා බලලා හිනා උනා...
"Hello.. love... මේ වෙනකොට ඔයා ඔයාගෙ ලෙක්චර්ස් වලට ගිහින් තියෙන්න ඕන නැද්ද ?"
ටේහ්යුන්ග් දුර්වල අපැහැදිලි හඬකින් ඇහුවා...හිමීට ඇහිබැමකුත් උස්සලා නලලත් රැලි කරගත්ත ජන්කූක්, හිතේ තිබුන නොසන්සුන්කම එක්කම අත් දෙකත් එකට පටලගත්තා...
"අද ලෙක්චර් එක කරන කෙනා අසනීප වෙලා... ඒ නිසා මම යන්න ඕන නෑ..."
ජන්කූක් කිව්වත් එහෙමම අපහසුවෙන් වගේ ඉන්න ටේහ්යුන්ග්ගෙ උරහිසෙන් අත තිබ්බා...
"ඔයා හොඳින්ද ?""මම... මම හොඳින්... මම හොඳටම හොඳින් darling..."
වාඩිවෙලා හිටිය පුටුවෙන් නැගිටින ගමන් ටේහ්යුන්ග් කිව්වත්, එකපාරටම ඉස්සරහට වැටෙන්න ගිය නිසා, ඉක්මනට ටේහ්යුන්ග්ගෙ ඇඟ දෙපැත්තෙන් අල්ලගත්ත ජන්කූක් ඇස් දෙකත් ලොකු කරගෙන ඒ දිහා බැලුවා...
YOU ARE READING
Somebody To Love || Taekook [ COMPLETED ]
Fanfiction1950 ගණන්වල තවත් මිනිසෙකු සමඟ ආදරයෙන් බැඳීම කිසි විටෙකත් ටේහ්යුන්ග් හෝ ජන්කුක් සිතූ දෙයක් නොවේ. විශේෂයෙන්ම ඔවුන් දෙදෙනාම විවාහ වී දෙදෙනාටම ලස්සන භාර්යාවන් සිටින විටකදී. නැතහොත් මෙය කිසි විටෙකත් එකිනෙකා වෙනුවෙන් සිටී යැයි අදහස් නොකළ පෙම්වතුන් දෙදෙන...