Chapter - 19

2.5K 556 295
                                    

ලන්ඩන් නිවස පුරාම නිහඬතාවය පැතිරෙනකොට, ටේහ්‍යුන්ග් එහෙමම හිටගෙන හිටියා... ජනෙල් හරහා වැටිලා තිබුනු තද රතු පාට තිරරෙදි වලින්, ගේ ඇතුලේ බිඳිලා ගිහින් තියෙන තරුණ හදවත් දෙක ආවරණය කරනකොට, තවමත් කම්මුලේ සටහන් වෙලා තිබුන රතු පාට සලකුණත් එක්කම ටේහ්‍යුන්ග් ඔලුව උස්සලා බැලුවා...

අවිශ්වාසයේ ඔබ්බටම ගිය අඳුරු ඇස්, සැතපුම් ගණනාවක් දුරට ඇහෙන හදවත ගැහෙන හඬ එක්ක සාලෙ දොර ලඟ හිටගෙන හිටිය වෙරෝනිකා, අතත් මිට මොලවගෙනම ටේහ්‍යුන්ග් ලඟට ආවා...

"පිරිමියෙක් ?? ඔයා... ඔයා මේ හැමදේම තව පිරිමියෙක් එක්ක කරාද ?"  වෙරෝනිකා හිමීට ඇහුවා..

තාමත් නිහඬව ඉන්න ටේහ්‍යුන්ග් දිහා බලපු වෙරෝනිකා අතේ තිබුනු බෑග් එක ටේහ්‍යුන්ග් දිහාවට විසි කරනකොට, එහි ඝන ලෙදර් ආවරණය වේගෙන් ටේහ්‍යුන්ග්ගෙ පපුවෙ වැදෙනවත් එක්කම ටේහ්‍යුන්ග් අඩි කීපයක් පස්සට ගියා...

"පිරිමියෙක්...!!"  වෙරෝනිකා කෑ ගහන්න ගත්තා..
"ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ ? ඔයා එච්චරටම පහත් කෙනෙක් උනාද ?"

ටේහ්‍යුන්ග්ගෙ නිහඬතාවය කියලා කියන්නේ, හැමවෙලාවෙම වගේ ඔහුගේ කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැති, කිසිම දෙයක් ගනන් ගන්නෙ නැති ආකල්පය බව දැනගෙන හිටිය වෙරෝනිකා හිනා උනා... නපුරු විදියට හිනා උනා...
"මේ හැමදේම ඔයාට විහිලුවක්, එහෙම නේද ? නෑ !! මේක විහිලුවක් වෙන්නෙ නෑ ! ඇයි !! ඔයා මොකටද ඒවා ගැන හිතන්නේ නේද ! ඔයාගෙ වයිෆ්ගේ අම්මා අසනීපෙන් ඉන්න නිසා, එයා කොච්චර දුකින්ද ඉන්නේ කියලා !!"
තරහින් වෙව්ලන ගමන් වෙරෝනිකා කෑ ගහන්න උනා...
"කියන්න ! මට කියන්න ! ඔයා එයාව මීට කලින් අපේ ගෙදර එක්කන් ආවද ? අපේ... අපේ නිදන කාමරේටත් එක්කන් ගියාද ?"

"ඔව්...."  තාමත් බිම බලාගෙන ඉන්න ටේහ්‍යුන්ග් හිමීට කිව්වා...

හිතුවෙවත් නැති විදියේ ටේහ්‍යුන්ග්ගෙ හදිසි පිලිතුර නිසා වෙරෝනිකා එක පාරටම ගැස්සුනා...
"කී...කීවතාවක්ද ?"

"මාසයක්... එහෙමත් නැත්තං ඊටත් වැඩියෙන්..."  තමන්ගෙ මංගල මුද්ද ඇඟිලි වලින් එහා මෙහා කරන ගමන් කිව්ව ටේහ්‍යුන්ග්, අවසානයේ සාමාන්‍ය විදියටම කට කොනකින් හිනාවෙන ගමන් වෙරෝනිකා දිහා බැලුවා...
"එයා අපේ ඇඳෙත් හිටියා... ඔයා නැති හැම දවසකම මං එයා එක්ක නිදාගත්තා වෙරෝනිකා !"

Somebody To Love  ||  Taekook  [ COMPLETED ]Where stories live. Discover now