Final Chapter

4.6K 642 474
                                    

ඔවුන් පවසන්නේ ආදරය කියලා කියන්නේ විශ්වයේ පවතින බලවත්ම බලය බවයි...

ඔවුන් පවසන්නේ, වෙන කිසිවකට නොහැකි පරිදි එයට දෙදෙනෙකු එකට බැඳ තැබිය හැකි බවයි....
ඔවුන් පවසන්නේ, එමගින් කෙනෙකුට යා හැකි උපරිම දුරක් දක්වා වුවත් ගමන් කරවීමේ හැකියාව ඇති බවයි....
ආදරය මිනිසුන්ව උමතු කරවනවා... ආදරය මිනිසුන්ව හඬවනවා... ආදරය මිනිසුන්ව සතුටින් තියනවා...
ආදරය කියන දේ ආදරණීය සැමියෙක් මෙන්ම බිරිඳක් අතර ඇතිවිය හැකියි... මවක් හා ඇගේ දරුවා අතරත්... කුඩා දැරියක් හා ඇගේ හොඳම මිතුරිය අතරත්...

ඔවුන් පවසන්නේ ආදරයට කිසිඳු සීමාවක්, මායිමක් නොමැති බවයි....

නමුත්... ආදරය තුල සීමාවන්, මායිම් ඇති කලෙත් ඔවුන්ම නෙවෙයිද ?

ටේහ්‍යුන්ග් උදෑසනම අවදි උනත්, ඒ වන විටත් ජන්කූක් අතුරුදහන් වී තිබුනා... තමා අසල ඇති හිස් බව මෙන්ම, ඇඳෙහි ඇති සැහැල්ලුවත් ටේහ්‍යුන්ග්ට දැනුනා... ටේහ්‍යුන්ග්ට තමා තුලම අඳුරක් දැනුනා... ඒ නිසාම හැකි ඉක්මනින් නැගිටලා ජනේලය දිහාවට අඩි තිබ්බේ, හිමීට තමන්ගෙ ගෙදර දිහාවට ඇවිදගෙන යන ජන්කූක්ව බැලීමට පමණක්ම නිසාවෙනි...

"ජන්කූක්..."  ජනේලයෙන් එලිය බලාගෙනම ටේහ්‍යුන්ග් හයියෙන් කතා කරනකොට, එහෙමම පාරෙ නතර උන ජන්කූක් අනිත් පැත්ත හැරිලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා... ටේහ්‍යුන්ග්ගෙ හදවත නතර උනා... මොකද, ජන්කූක්ගෙ මූණෙ තාමත් තැලීම් සලකුණු හොඳින්ම පේන්න තිබුනා...

ජන්කූක් ටේහ්‍යුන්ග් දිහා බැරෑරුම් විදියට බැලුවා... එකම වචනයක්වත් හුවමාරු උනේ නැති උනත්, එයින් අදහස් වන දේ ටේහ්‍යුන්ග් දැනගෙන හිටියා... හැමදේම මේ තරමින් ප්‍රමාණවත් බව ජන්කූක්ගෙ ඇස්වල ලියවිලා තිබුනා... ඒ වගේම, ඔවුන්ට නැවත කවදාවත් මේ විදියට එකට සිටීමට නොහැකි බවකුත්... ටේහ්‍යුන්ග්ට ඒ වන විටත් හදවත කඩාගෙන වැටෙන බවකුත් එක්ක කිසිම දෙයක් තේරුම් ගන්න බැරි බවකුත් දැනුනා... කිසිම දෙයක් තේරුම් ගන්න බැරි බවක්... මොකද... කොහොමද ජන්කූක් මේ තරමටම ත්‍යාගශීලී වෙන්නේ....?

ටේහ්‍යුන්ග්ට වේදනාවක් දැනුනු හැමවෙලාවෙම ඔහු ජන්කූක් වෙතට දිවගියා... එහෙම නෙමෙයිද ? හැම වතාවකම ඒ වගේම වේදනාවක් තමන්ටත් දැනෙන බව ජන්කූක් දැනගෙන හිටියත්, ඒ හැම වතාවකම ජන්කූක් තමන් ගැන හිතන්නෙ නැතුව ටේහ්‍යුන්ග්ව සැනසුවා... ටේහ්‍යුන්ග් වෙතට දෑත් දිගු කරා... මුලු රාත්‍රිය පුරාම ටේහ්‍යුන්ග්ව තමන්ගෙ ලඟ තියාගෙන ඉඳලා හැමදේම නැවතත් හොඳින් සිදුවෙන බව පැවසුවා... මේ ලෝකේ තියන හැමදේටම වඩා, හැම කෙනෙක්ටම වඩා ටේහ්‍යුන්ග්ට වටින්නේ ඔහුගේ දරුවා බව ජන්කූක් විසින්ම ටේහ්‍යුන්ග්ට පැවසුවා... ටේහ්‍යුන්ග් සමඟ මුලු හදවතින්ම ආදරෙන් බැඳිලා ඉද්දි පවා....

Somebody To Love  ||  Taekook  [ COMPLETED ]Where stories live. Discover now