Chapter - 11

3.1K 645 240
                                    

මේ ලෝකෙ සමහර අය ඉන්නවා ඔවුන් හැමදේකින්ම පරිපූර්ණයි...

ඔවුන් දිහා බලන එකම එක බැල්මකින් අපිව ඔවුන් වෙත ඇද ගන්න සමත්වෙන අය..... ඔවුන් ආකර්ෂණීය බවෙන්, හැකියාවෙන්, දක්ශතාවයෙන්, සුන්දර සිනහවකින් හා වශී වෙන ඇස්වලින් සමන්විත වෙනවා... ඔවුන් පවතින්නේ කොහොමද ? කිසිම අඩුපාඩුවක් නැතුව ඔවුන් පවතින්නේ කොහොමද යන කාරණාව තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි.. නමුත් කාලයක් ගියාම අපි අපිටම ඒත්තු ගන්වනවා ඔවුන් කිසිඳු ගැටලුවක් නැති පරිපූර්ණ අය බව.... මොකද ඔවුන්ගේ පැවැත්ම කියන්නෙ අපේ පැවැත්මෙන් ඔබ්බට ගිය දෙයක් නිසා....

ජන්කූක්ට ටේහ්‍යුන්ග් ගැන හිතුනෙත් අන්න ඒ විදියට....

තවත් කෙනෙකුට වඩා අඩු මට්ටමක ඉන්නවා කියන්නෙ එක දෙයක්... ජන්කූක් කියන්නෙ සාමාන්‍ය කෙනෙක්.. එකම කෝට් එක දවස් හතම පාවිච්චි කරන, අඩු වැටුපක් එක්ක රස්සාවක් කරන සාමාන්‍ය කෙනෙක්... ජන්කූක්ගෙ කොණ්ඩෙ ඉඳලා ආකල්ප වලට එනකන්ම සරලයි... සාමාන්‍යයි... ජන්කූක් ගැන තිබුන හැම දෙයක්ම සාමාන්‍යයි... ජන්කූක් තමන්ගෙ ජීවිතයේ අවුරුදු 23ක්ම 'සාමාන්‍ය' කියන හැඟීම එක්ක ගත කරා...

ඒත් ටේහ්‍යුන්ග් සාමාන්‍ය උනේ නෑ....

ටේහ්‍යුන්ග් විශිෂ්ටයි.. සුඛෝපභෝගී බව... ධනය... තමනුත් ඒ වගේ වෙන්න ඕන, ඔහු එක්ක ඉන්න ඕන කියලා දනවන සමාජයේ ඉහලම පංතිය... පළල් උරහිස්... කෙලින් තබාගෙන ඉන්න හිස... ගැලපෙන උස... තමන්ගෙම හැසිරීම් පිලිබඳ තියන විස්වාසය.. හැමදේම ටේහ්‍යුන්ග් විශිෂ්ට පුද්ගලයෙක් කරා.. ටේහ්‍යුන්ග්ගෙ පැහැදිලි, මෘදු වචන පවා සිතුවිල්ලකින් තොරවම කටින් පිට වෙන්නෙ ඇත්තටම ටේහ්‍යුන්ග් කියන්නෙ මිනිසෙක් නෙමෙයි, ඉන් ඔබ්බට ගියපු පරිපූර්ණ පුද්ගලයෙක් බව තවත් පැහැදිලි කරන ගමන්...

ඒ සිතුවිල්ල ජන්කූක්ව බය කරා.. ඒත් දැන්... ලී දොරවල් අතරින් පේන දර්ශනය ජන්කූක්ගෙ හිතේ තිබ්බ ඒ සිතුවිල්ල සම්පූර්ණයෙන්ම වෙනස් කරා.. ඇස් දෙකත් පියාගෙන, දුර්වල විදියට ඇඳේ හාන්සි වෙලා හිටිය ටේහ්‍යුන්ග් කවදාවත් නැති විදියට ජන්කූක්ට වඩා පොඩියට පෙනුනා...

Somebody To Love  ||  Taekook  [ COMPLETED ]Where stories live. Discover now