Chapter - 26

2.5K 543 193
                                    

"Good morning..." සිහින් කටහඬක් ඇහෙනවත් එක්කම නින්දෙන් අවදි උනු ටේහ්‍යුන්ග්, කාමරයේ තිබුන උස ජනෙල් කවුලු වලින් ගලාගෙන එන හිරු එලියට ඇස් හුරු කරගන්න ඕන නිසාම කීපසැරයක් ඇහිපිය ගැහුවා... වෙල්වට් තිර රෙදි විවර වෙලා තිබුනු අතර, අවසානයේ ලන්ඩනයට ගිම්හානය පැමිණ තිබුනා...

තේ කෝප්ප දෙකක් සහිත ට්‍රේ එකක් අල්ලගෙන ඉන්න ජන්කූක්ව ටේහ්‍යුන්ග් දකිනවත් එක්කම, ටේහ්‍යුන්ග් දිහා බලලා හිනා උන ජන්කූක් ඔහුට එහා පැත්තෙන්ම ඇඳේ වාඩි උනා...
"මං ඔයාට තේ හැදුවා, love..." හිමීට ආදරණීය විදියට කිව්ව ජන්කූක්, එහෙමම තමන්ගෙ අතක් ඉස්සරහට අරගෙන ගිහින් ටේහ්‍යුන්ග්ගෙ තඹපාට කෙස් අතර හිමීට ඇඟිලි යැව්වා...
"ඔයාට දැන් කොහොමද...?"

"දැන් හොඳයි..." නැගිටලා ඇඳෙන් වාඩිවෙන ගමන් ගොරෝසු කටහඬක් එක්ක ටේහ්‍යුන්ග් කිව්වා... ජන්කූක් සිහින් ආදරණීය හාදුවක් ටේහ්‍යුන්ග්ගෙ කම්මුලක තැවරුවත්, නමුත් ඔවුන්ගේ වෙන්වීම, ඔවුන් මේ වෙනකොට වෙන්වෙලා ඉන්නෙ කියන කාරණාව අකුණක් වගේ ඔලුව හරහා යනවත් එක්කම ක්ෂණිකව ඉවත් වෙන ලෙස දැනුන අවවාදයත් එක්ක ජන්කූක් ඉක්මනට ටේහ්‍යුන්ග්ගෙන් ඈත් උනා...

ටේහ්‍යුන්ග් තේ කෝප්පය අතට ගත්තත්, ඒ කෙට්ටු දිගු ඇඟිලි වෙව්ලන දිහා බලන් හිටිය ජන්කූක් තමන්ගෙ අත ටේහ්‍යුන්ග්ගෙ අත උඩින් තියලා තදකරලා අල්ලගත්තා...
"ඔයා වෙව්ලනවා..."

"ඒ සීතල නිසා..." ටේහ්‍යුන්ග් තමාටම පිලිගන්න පුළුවන් වෙන විදියට කිව්වත්, ඔලුව උස්සලා ජනේලයෙන් එලිය බලපු ජන්කූක් දිනෙන් දින උණුසුම් වෙන කාළගුණය දිහා බලාගෙන ඉඳලා එහෙමම ටේහ්‍යුන්ග්ගෙ කම්මුලක් මතින් අත තිබ්බා...

"ඔයාගෙ හම... රස්නෙයි... මං හිතන්නේ ඔයාට උණ හැදිලා..."
හුස්මක් පිටකරපු ජන්කූක් ට්‍රේ එක පැත්තකින් තියලා ඇඳෙන් නැගිටින ගමන් කිව්වා...

"ජන්කූක්...." ටේහ්‍යුන්ග් හිමීට කතා කරා...
"මං ගැන කලබල වෙන්න එපා love... ප්ලීස්... මං හොඳින්... ඔයා.. ඔයා දැනටමත් ඕනවටත් වඩා දේවල් කරලා තියෙන්නේ..."

"මං ඔයාට මීපැණි ටිකක් අරන් එන්නම්... ඔයාගෙ තේ එකට දාන්න..."
ජන්කූක් කිව්වත් ටේහ්‍යුන්ග් ඔලුව උස්සලා බැලුවා...

Somebody To Love  ||  Taekook  [ COMPLETED ]Where stories live. Discover now