Chapter - 7

3.7K 690 277
                                    

අඳුරු ඕක් ලීයෙන් තනා ඇති කුඩා මේසයක් මත වර්ණවත් එමරල්ඩ් බඳුනක් තුල දමා තිබෙන සියුම් ලැවැන්ඩර් සුවඳ ජන්කූක්ට දැනුනා... ටේහ්‍යුන්ග්ගෙ නිදන කාමරයේ ඇඳ ඇතිරිල්ල තමන්ගෙ ඇඟිලි වලින් තද කරලා අල්ලගත්ත ජන්කූක් ඇඳ උඩින් වාඩි වෙලා කලබලෙන් වටපිට බැලුවා.. ටේහ්‍යුන්ග් කිව්වා වගේම කාමරයේ එක බිත්තියක් සම්පූර්ණයෙන්ම මියුසික් රෙකෝඩ්ස් වලින් පිරිලා තියන බව ජන්කූක් දැක්කා...

පුරුදු විදියටම තඹ පාට කොණ්ඩෙත් එක්ක ඇඳගෙන හිටිය දුඹුරු පාට ශර්ට් එකේ අතත් වැලමිට ලඟට එනකන් නවාගෙන ඉන්න ටේහ්‍යුන්ග් දිහා ජන්කූක් බලාගෙන හිටියා.. ජන්කූක් නොසන්සුන් වෙලා ඉන්න අතරේ ඒ පිළිබද ගානක්වත් නැතුව ටේහ්‍යුන්ග් කාමරේ පුරා තියන රෙකෝඩ්ස් අතර ඇවිද්දේ මේ වෙලාවට ගැලපෙනම, නිවැරදිව සිංදුවක් සොයාගැනීනේ අදහසින්....

නමුත් යම් දෙයක් නිවැරදියි කියලා හැඟුනේ නෑ...

විනාඩි කීපෙකට පස්සෙ තමන්ගෙ හිතට දැනුන සිංදුව වාදනය වෙන්න දාන ටේහ්‍යුන්ග් දිහා ජන්කූක් බලාගෙන හිටියේ තමන්ගෙ කකුල් දෙකත් එක ලඟට තියලා තද කරගන්න ගමන්...
Love Me Forever by Jodie Sands
සිගරට් එකක් දල්වපු ටේහ්‍යුන්ග් ඒක තමන්ගෙ තොල් අතර රඳවන ගමන් ජන්කූක් දිහා බැලුවා...

"ඔයා බය වෙලා වගේ my love..." ටේහ්‍යුන්ග් කියනකොට නොසන්සුන් විදියට හිනා උන ජන්කූක් තමන් වාඩි වෙලා ඉන්න වියන ලද ඇඳ ඇතිරිල්ල දිහාම බලාගෙන හිටියා...

"මං.... මං...." ජන්කූක් කතා කරන්න ගත්තත් ආයෙත් නවත්තලා තමන් දිහාට ඇවිදගෙන එන ටේහ්‍යුන්ග් දිහා බලාගෙන හිටියා..
"අ... අපි මොනවද මේ කරන්නෙ ?"

"මේ වගේ වෙලාවකත් තාම සදාචාරය ගැන හිතනවද ජන්කූක් ?" ඇහුව ටේහ්‍යුන්ග් ජන්කූක්ගෙ නිකටෙන් උස්සලා ඒ මූණ තමන් දිහාවට හරව ගත්තා..

"අපිට වයිෆ්ලා ඉන්නවා..." ජන්කූක් කියනකොට දෙන්නම අතර තිබ්බ ඉඩ තවත් අඩු කරලා ටේහ්‍යුන්ග් තව ටිකක් ජන්කූක් ලඟට ගියා..
"We're married... ටේහ්‍යුන්ග්.. රෝසි මාව විස්වාස කරනවා.. මම..."

එහෙමම තමන්ගෙ එක අතක් ජන්කූක්ගෙ කලවා දිගේ පහලට අරන් ආව ටේහ්‍යුන්ග් ජන්කූක්ගෙ කකුල් දෙකම තමන්ගෙ ඉන වටේට දාගෙන ඇඳ උඩින් වාඩි වෙනකොට ජන්කූක් එහෙමම ඇඳේ හාන්සි වෙලා හිටියා.. සිගරට් එකත් තාම තොල් අතර තියාගෙනම ටේහ්‍යුන්ග් ජන්කූක් දිහා බැලුවා.. "තව කෙනෙක්ගෙ විස්වාසෙ නැති කරලා දාලා, මෙහෙම නීතියට උනත් විරුද්ධ දේවල් කරන එක සාධාරණ නෑ ටේහ්‍යුන්ග්..." ජන්කූක් ආයෙත් කතා කරන්න ගත්තත් ටේහ්‍යුන්ග් කිසිම කලබලයක්, පුදුමක් නැතුව බලාගෙන ඉන්න හැටි ජන්කූක් දැක්කා..

Somebody To Love  ||  Taekook  [ COMPLETED ]Where stories live. Discover now