Chapter - 4

3.5K 736 210
                                    

ජන්කූක් හිටියේ කාන්තාවන් සඳහා වන ප්‍රංශ ඇඳුම් සාප්පුවක් ඉස්සරහ තියන ගඩොල් බිත්තියකට හේත්තු වෙලා. දෙසැම්බර් මාසයේ මුල් කාලයේ අඳුරු පදික වේදිකාවන් හරහා විහිදෙන හිරු එලියේ ප්‍රබල පැහැය ජන්කූක්ගෙ ඇස් දෙකට සැනසිල්ලක් ගෙනාවා.

මේ ජන්කූක්ට දෙසැම්බර් මාසය උදාවෙන 23වන අවුරුද්ද උනත්, ඒ වෙනකොටත් ජන්කූක් බලාගෙන හිටියේ වසන්ත කාලයේ අරෝරාවන් බලන්න. ඔහු නත්තලට ආදරෙයි. ඇත්තටම ආදරෙයි. එහෙම නොකරන්න තරම් මානසික ආබාධයක් ජන්කූක්ට තිබ්බෙ නෑ. ඒත් මිනිස්සුන්ගෙ මෝඩකම, ද්‍රව්‍යමය භාණ්ඩ පිළිබඳ තිබ්බ උමතුවට ජන්කූක් කැමති උනේ නෑ. මොකද කාලය ගෙවිලා යනකොට නත්තල කියන්නෙ පවුල, ආදරය, සාමය වගේ දේවල් වලට වඩා සම්පූර්ණයෙන්ම තෑගි බෝග හුවමාරු කරගැනීමක් පමණක්ම උන නිසා.

ඇඳුම් සාප්පුවේ උස වීදුරුවෙන් ජන්කූක් ඇතුල බැලුවේ රෝසි ඉන්නවද කියලා බලන්න උනත් එක එක විදියෙ බොරු වර්ණනා කර කර ඇඳුම් කීපයක් ගන්න රෝසිව පොලඹවන සාප්පු සේවකයෙක් එක්ක රෝසි හිනා වෙවී කතා කර කර ඉන්නවා ජන්කූක් දැක්කා. රෝසි කියන්නෙ ඇත්තටම ලස්සන තරුණියක්. කොණ්ඩෙ ඉහලට කරලා දාපු පෝනිටේල් එකත්, දීප්තිමත් කොළ පාටක් තිබ්බ ඇගේ සායත් එක්ක අද රෝසි තවත් ලස්සනට පේනකොට අලුත්ම විලාසිතාව මේක වෙන්නැති කියලා ජන්කූක් අනුමාන කරා.

"තරුණ ගෑණු ළමයි දිහා හොරෙන් බලන් ඉන්න එපා කියල කවුරුවත් කියලා නැද්ද ?" තමන්ගෙ පිටිපස්සෙන් කටහඬක් ඇහෙනවත් එක්ක ගැස්සිලා පිටිපස්ස බලපු ජන්කූක්ගෙ ඇස් දෙකත් එක පාරටම ලොකු උනා.

"ඕ... ඕහ්...රෝසි ඇතුලෙ ඉන්නවා. ඇත්තමයි. මම වෙන කෙනෙක් දිහා බලන් හිටියේ නෑ" ඇවිත් ඉන්න කෙනා දැක්ක ගමන් ජන්කූක් කිව්වා.

"මම විහිලුවට කිව්වෙ ජන්කූක්" ඇවිත් හිටිය වෙරෝනිකා කට කොනකින් හිනා වෙලා කිව්වා. ඇය දුඹුරු පාට දිග කෝට් එකක් ඇඳලා, beret තොප්පියක් පැලඳගෙන වගේම තද රතු පාට ලිප්ස්ටික් පවා පාවිච්චි කරලා තිබ්බා. "ඔයාලා ලෝයර්ස්ලා හරි ඉක්මනට කලබල වෙනවනෙ" වෙරෝනිකා හිනාවෙවී කියනකොට ජන්කූක් අපහසුවෙන් හිනාවක් මවා පෙන්නුවා.

Somebody To Love  ||  Taekook  [ COMPLETED ]Where stories live. Discover now