Chapter - 8

3.8K 686 127
                                    

⚠️️ Warning 🔞

ජන්කූක් ටේහ්‍යුන්ග්ගෙ නිදන කාමරයට ගියේ හැඟීමක් නැතුව උනත්, රෝසි එක්ක තර්ක කරපු එක පිළිබඳ නොසන්සුන්කමක් හිත ඇතුලෙ තිබ්බා. ජන්කූක්ගෙ කටින් කිසිම දෙයක් පිට උනේ නෑ.., කිසිම වචනයක්වත්... කිසිම සද්දයක්වත් පිට නොකර ජන්කූක් එහෙමම හිටියා.. එතකොටම ජන්කූක් ලඟට ආව ටේහ්‍යුන්ග් ඉස්සරහට නැවිලා ජන්කූක්ගෙ බෙල්ල සිප ගන්න පටන් ගත්තා..

ටේහ්‍යුන්ග්ගෙ උණුසුම් තොල් තමන්ගෙ බෙල්ලෙ ස්පර්ශ වෙනකොට ජන්කූක්ගෙ කටින් සිහින් කෙඳිරියක් පිට උනා.. එහෙමම ටේහ්‍යුන්ග් තමන්ගෙ අත් දෙක ජන්කූක්ගෙ ඉන වටේ පටල ගන්නකොට මීට කලින් කවදාවත් දැනිලා නැති හැඟීමක් එක්ක, ටේහ්‍යුන්ග් ඉස්සරහ තමන්ගෙ හැඟීම් අසරණ වෙනවා කියලා දැනුනත්.. ජන්කූක් පුළුවන් උපරිමෙන් තමන්ව පාලනය කරගත්තා..

ටේහ්‍යුන්ග් ජන්කූක්ව අනිත් පැත්ත හරවනවත් එක්කම ඉස්සරහට නැවුන ජන්කූක් ටේහ්‍යුන්ග්ගෙ අත් අතරට මැදි උනා..
"Get undressed !.. මං සිංදුවක් දාන්නම්..." ටේහ්‍යුන්ග් හිනාවෙලා ජන්කූක්ගෙ කනට කරලා රහසින් කිව්වා..

ඔලුව වනලා ටේහ්‍යුන්ග්ට අවනත උන ජන්කූක්ට තමන්ගෙ ඉන වටේ එතිලා තිබ්බ ටේහ්‍යුන්ග්ගෙ අත් ලිහිල් වෙන හැටිත් එහෙමම ටේහ්‍යුන්ග් කාමරයේ කොනක තිබ්බ ග්‍රැමෆෝන් එක දිහාවට ඇවිදන් යන හැටිත් දැනුනා.. ඇඳගෙන හිටිය ස්වෙටර් එක ගලවලා තමන්ගෙ දෙපා මුල බිමට දැම්ම ජන්කූක් තමන්ට පිටුපස හරවගෙන ඉන්න ටේහ්‍යුන්ග්ගෙ ශක්තිමත් මාංශපේෂි දිහා බලාගෙනම හිටියා...

තමන්ට පුළුවන් තරම් සද්දෙ ඇහෙන විදියට ශර්ට් එකෙ බොත්තන් ගලවපු ජන්කූක් එහෙමම තමන්ගෙ කලිසමත් ගලවලා පැත්තකට තල්ලු කරේ ටේහ්‍යුන්ග්ට ඇහෙන්න කටින් සද්දයකුත් පිට කරන ගමන්... ජන්කූක් කොච්චර උත්සාහ කරත් ඒ කිසි දෙයක් ඇහෙන්නෙ නැති ගානට ටේහ්‍යුන්ග් තමන්ගෙ පාඩුවේ සිංදු තෝරන ගමන් හිටියා...

"ඔයා මං දිහා බලන්නෙ නැද්ද ?" උත්සාහ කරපු හැමදේම අසාර්ථක වෙද්දි ටේහ්‍යුන්ග්ගෙ ඇඳේ කොනකින් වාඩි වෙන ගමන් ජන්කූක් හිමීට ඇහුවා..

Somebody To Love  ||  Taekook  [ COMPLETED ]Where stories live. Discover now