Chapter - 9

3.7K 662 692
                                    

තමන්ගෙ හුස්ම නිරුවත් පපුවක වැදෙනවත් එක්කම ජන්කූක් ඇස් ඇරලා බැලුවා... ඇස් ඇරලා බලපු ජන්කූක්ට හදවත වේගෙන් ගැහෙන්න ගන්නවත් එක්කම තමන්ට එහා පැත්තෙන් නිදාගෙන ඉන්න ටේහ්‍යුන්ග්ව පෙනුනා... එහෙමම ටේහ්‍යුන්ග් ලඟට ගියපු ජන්කූක් තමන්ගෙ තොල් ටේහ්‍යුන්ග්ගෙ බෙල්ලෙන් තිබ්බා...

නින්දෙන්ම කෙඳිරිගාපු ටේහ්‍යුන්ග් ඇස් ඇරලා බලනවත් එක්කම තමන් දිහාම බලාගෙන ඉන්න ජන්කූක්ව දැක්කා.. ඒත් එහෙමම ජන්කූක්ගෙ උරහිසට උඩින් ඊට පිටිපස්ස බලපු ටේහ්‍යුන්ග්ගෙ ඇස් එකපාරම ඇස් ලොකු වෙන්නත්, නොසන්සුන් වෙන්න ගත්තා...

"ඉවරයි..!!" කලබලෙන් කිව්ව ටේහ්‍යුන්ග් ඒ සැනින් නැගිටලා ඇඳෙන් වාඩි උනා.. "මට අමතක උනා.. මට වැඩට යන්න තියනවා.." නිදිමත ස්වරූපයකින් උනත් ගැඹුරු කටහඬකින් ටේහ්‍යුන්ග් කියනකොට ජන්කූක් තමන්ගෙ අත ටේහ්‍යුන්ග්ගෙ උරහිස උඩින් තිබ්බා...

"ඊයෙ රෑ ඇත්තටම පුදුමයි.. ටේහ්‍යුන්ග්..." ජන්කූක් සිහින් කටහඬකින් කතා කරන්න ගන්නකොට, ටේහ්‍යුන්ග් ජන්කූක් දිහා බැලුවා.. "ඔයා ඇත්තටම නියමයි... මං...."

"ඔයා දැන් යන්න ඕන.." කිව්ව ටේහ්‍යුන්ග් නොසන්සුන් කමකින් තමන්ගෙ තඹ පාට කොණ්ඩෙ හදන ගමන් කලබලෙන් ඇඳුම් අඳින බව ජන්කූක් දැක්කා...
"දැන් කොයි වෙලාවෙ හරි වෙරෝනිකා ඒවි...."

එහෙමම ටිකක් වෙලා බලාගෙන හිටිය ජන්කූක් ටිකකින් ඔලුව වැනුවා... "ඔව්... හරි.. ඇත්ත... මම නිකන්....." කතා කරන්න හැදුවත් ආයෙම නතර උන ජන්කූක්, කාමරේ එහා කොනට ගිහින් සුදු ශර්ට් එකක් අරන් ඇවිත් කලබලෙන් අඳින ටේහ්‍යුන්ග් දිහා බලාගෙන හිටියා...

සම්පූර්ණ නිරුවතින් උනත් ඇඳෙන් බැස්ස ජන්කූක් ටේහ්‍යුන්ග් ලඟට යන්න හැදුවත් තමන්ගෙ පිටුපසින් දැනෙන වේදනාවත් එක්ක එහෙමම නතර උනා... කලබලෙන් ශර්ට් එකෙ බොත්තම් දාන ගමන් ටේහ්‍යුන්ග් ටයි එකක් අතට ගත්තබව දැක්ක ජන්කූක් අපහසුවෙන් උනත් හිමීට ටේහ්‍යුන්ග් ලඟට ඇවිදගෙන ගිහින් ටයි එකෙන් අල්ලගත්තා...

"මං ඔයාට උදවු කරන්නම්..." ජන්කූක් කියනකොට ඒ දිහා බලපු ටේහ්‍යුන්ග් ජන්කූක් ඉන්න විදියත් එක්ක ටිකක් කලබල උනා... ටේහ්‍යුන්ග්ගෙ ඇස් තමන් දිහාවට තියන බව දැනුන ජන්කූක් තොලකුත් හපාගෙනම පරිස්සමට ටයි එක දාලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා... "අපිට... ආයෙමත් ඒක කරන්න පුළුවන්ද ? මං... මං කිව්වේ... දැන් නෙමෙයි... ඇත්තමයි... මං කිව්වේ... දැන් උනොත් ඒක මෝඩකමක් වෙනවා... මං කිව්වේ... වෙන වෙලාවක... අපි දෙන්නටම නිදහසක් තියන වෙලාවක... නැත්තං...."

Somebody To Love  ||  Taekook  [ COMPLETED ]Where stories live. Discover now