Chapter - 23

2.4K 529 539
                                    

එය බියකරු සිහිනයකි....

අවට තිබූ සියල්ලම කඩා වැටෙමින්... කඩා වැටෙමින්... කඩා වැටෙමින්... හා තවත් කඩා වැටෙමින් තිබුනි.. මහ පොලොව අවසන් වන්නෙ කොතනින්ද... අහස ආරම්භ වන්නේ කොතනින්ද... මෙන්ම තමන්ගෙ දෙපා නතර වී තිබෙන්නේ කොතනද... වගේම තමන්ගේ දෑත් ලඟා වී තිබෙන්නේ කොතනටද කියලවත් ටේහ්‍යුන්ග් දැනගෙන හිටියේ නෑ.. ටේහ්‍යුන්ග්ගෙ මනස නොසන්සුන් වී තිබුනා වගේම උගුර වේලිලා තිබුනා...

ඒ ස්ථානයේ, ඒ මොහොතේ ටේහ්‍යුන්ග් දැනගෙන හිටියේ එකම එක දෙයක් විතරයි....

තමන්ම පසෙකට තල්ලු කරලා දැම්ම සිතුවිලි නැවත නැවතත් ඉස්මතු වෙනකොට, ටේහ්‍යුන්ග් අපහසුවෙන් උනත් ගෙදර ආවා.. ජන්කූක්... සති ගානක් පුරාම ජන්කූක් ගැන තිබුනු සිතුවිලි හැම එකක්ම පසෙකට තල්ලු කරත්, නමුත් දැන්.., ආයෙත් ජන්කූක් කියන සිතුවිල්ල ටේහ්‍යුන්ග් ඉදිරිපිට සිටී... මෙච්චර කාලයක් ටේහ්‍යුන්ග් සඟවපු ටේහ්‍යුන්ග්ගෙ හැම බියක්ම, හැම ඇත්තක්ම සමඟ ඒ හැමදේම හෙලි කරමින් ජන්කූක් පිලිබද සිතුවිලි නැවතත් ඉස්මතු වී ඇත....

ඔයා හරිම දුක්ඛිතයි ටේහ්‍යුන්ග්....

"ආහ් ටේහ්‍යුන්ග්... ඔයා ඇවිත්.."
කටහඬ ඇහෙනවත් එක්කම ඔලුව උස්සලා බලපු ටේහ්‍යුන්ග්, රතු පාට දිග ගවුමක් ඇඳලා පඩිපෙල දිගේ පහලට එන වෙරෝනිකාව දැක්කා..
"ඩොක්ටර් කිව්වා මාවම සන්සුන් විදියට තියාගන්න මොනවාහරි ක්‍රියාකාරකම් ටිකක් කරන්න කියලා.. ඉතිං මං මේක ගෙතුවා..."
ඇය විසින් ගොතපු, තවමත් ඉදිකටු රඳවලා තිබුනු කුඩා රතු පාට ලමා ඇඳුමක් පෙන්නන ගමන් වෙරෝනිකා හිනාවෙලා කිව්වා...
"ඒක ලස්සනයි නේද ? ඒක අපේ දරුවට ලස්සනට තියේවි..."

කතා කරමින් හිටිය දේ එහෙමම නතර කරපු වෙරෝනිකාගෙ ඇස් පුදුමෙන් ලොකු උනා.. කම්මුල් දිගේම කඳුලු ගලාගෙන යන ගමන් හිටිය ටේහ්‍යුන්ග්, හඬමින් හිටියා...
"ටේහ්‍යුන්ග්... මොකද්ද ප්‍රශ්නේ ?"
ටේහ්‍යුන්ග් ලඟට යන ගමන් වෙරෝනිකා ඇහුවා.. වෙරෝනිකා තවත් ටේහ්‍යුන්ග් ලඟට යන්න හැදුවත්, ඊට වඩා ඉක්මන් උන ටේහ්‍යුන්ග් එහෙමම ඉස්සරහට ගිහින් වෙරෝනිකාව තද කරලා බදාගත්තා.. වෙරෝනිකාගෙ අත් අතරට ගිය ටේහ්‍යුන්ග්, ඇගේ බෙල්ල අගින් මූණ හංගගත්තා...

Somebody To Love  ||  Taekook  [ COMPLETED ]Where stories live. Discover now