Chapter - 15

3.5K 576 348
                                    

ජන්කූක් ටේහ්‍යුන්ග්ගෙ තොල් තදින් සිපගත්තා.. තෙත් උනු තොල්, එකට ගැටෙන හුස්ම එක්ක මුලු ශරීරය පුරාම උණුසුම් හැඟීමක් ගලාගෙන ගියා...

ටිකකින් ටේහ්‍යුන්ග්ව තමන්ගෙන් ඈත් කරපු ජන්කූක්... ඒ නලලට තමන්ගෙ නලල තියලා තද කර ගත්තා...
"මට ආය ගෙදර යන්න ඕන්නෑ..."

"මටත් යන්න ඕන්නෑ..." ජන්කූක්ගෙ ඇඟිලි තුඩු මත තමන්ගෙ මහපට ඇඟිල්ලක් එහා මෙහා යවන ගමන් ටේහ්‍යුන්ග් කිව්වා...
"ඒත් අපිට දිගටම ඉන්න බෑනෙ darling... අපි පිරිමි අය.. අපිට ගෙදර වගකීම් තියනවා ඉෂ්ට කරන්න.."

තමන් වගේම දුකින් ඉන්න ටේහ්‍යුන්ග් දිහා ජන්කූක් බැලුවා.. තව ටික වෙලාවකින් ගුවන් තොටුපොළට ගිහින් ලන්ඩන් වෙත යන ගුවන් යානයට ගොඩවෙන්න දෙන්නටම නියමිත වෙලා තිබුනා.. තමන් පසුදින කොලේජ් යන්න ඕන බව මෙන්ම තවත් සතියක් හෝ දෙකක් යනකන් ටේහ්‍යුන්ග්ව දකින්නවත් වෙන්නෙ නෑ කියලා ජන්කූක් දැනගෙන හිටිය ඒ සිතුවිල්ලම ජන්කූක්ව කනස්සල්ලට පත් කරා.. මොකද දෙන්නම ඕනවටත් වඩා කාර්යබහුල වෙන බව ජන්කූක් දැනගෙන හිටියා...

ප්‍රංශයේ ගතකල සතිය වචන වලින් විස්තර කල නොහැකි තරමට සුන්දර එකක් උනා.. දිනපතා ගත කරන අනුරාගී රැයවල් පමණක් නෙමෙයි දිනකට දෙවතාවක් වෙන විදියට අනුරාගී දහවල් කාල පවා තිබුනා... විවිධ වර්ගයේ ආහාර වර්ග, බෝට්ටු සවාරි, උණු වතුර ස්නානයන්, චිත්‍ර ඇඳීම් මෙන්ම මැටි භාණ්ඩ පවා නිර්මාණය කරා... ඒක ඇත්තටම පුදුම සහගත උනා.. ජන්කූක්ට, තමන් මුලු කාලය පුරාම හිනා වෙලා හිටිය බවට සම්පූර්ණ විස්වාසයක් තිබුනා.. ටේහ්‍යුන්ග් පවා කවදාවත් ජන්කූක්ගෙන් ඈත් වෙන්න බැරි තරමට ජන්කූක්ට ලංවෙලා හිටියා... හැම වෙලාවෙම තමන්ගෙ අත් ජන්කූක්ගෙ ඉන වටේ පටලගෙන වගේම තොල් සිපගනිමින්, ටේහ්‍යුන්ග් පුළුවන් තරම් ජන්කූක්ව තමන්ගෙ ලඟින් තියාගෙන හිටියා...

දෙන්නම ඉතා ඉක්මනින්.. වේගෙන්.. වගේම තදින් එකිනෙකා වෙනුවෙන් බැඳිලා හිටියා.. ඒක නිවැරදි දේ නොවුනත්, ඒකෙන් යහපත් දෙයක් නොවුනත්, ඒක නවත්වන්න තරම් ශක්තියක් දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් තිබුනේ නෑ...

Somebody To Love  ||  Taekook  [ COMPLETED ]Where stories live. Discover now