Chapter - 17

3.1K 570 310
                                    

⚠️️ Warning : Cross dressings / Drag queens / Homosexuality / Gay

කඳුලු පිරුනු ඇස් දිලිසෙනකොට ජන්කූක් කණ්ණාඩියෙන් තමන් දිහා බැලුවා.. නමුත් ඒ දුකක් වෙනුවෙන් නැගුනු කඳුලු නොවේ.. එයින් ඔබ්බට ගොස්, විවිධ අනුස්මරණයන් වෙනුවෙන් නැගුනු කඳුලු... නිදිනැති රැයවලුත්, ප්‍රසන්න කාන්තාවනුත් වෙනුවෙන් නැගුනු කඳුලු...

එක් උරහිසකින් පහලට වැටී තිබුනු සුදු පාට ශර්ට් එකත්, දිදුලන සුදුමැලි සමත් එක්ක ජන්කූක් නිකටත් උස්සලා තමන්ගෙම ප්‍රතිබිම්බය දිහා බැලුවා.. collarbone එකේ හරියටම මැදට වෙන්න දිලිසෙමින් තිබුනු දියමන්තිය, එදිනෙදා සිදුවන කිසිම සිදුවීමකින් සෑහීමකට පත් නොවෙන තරමටම විශාල තෘප්තියක් ජන්කූක්ට ලබා දුන්නා...

රෝසි ගෙදරින් එනකොට අරගෙන ආව සුදු පාට කණ්නාඩි මේසේ ඉස්සරහින් ජන්කූක් වාඩි උනා.. එහි මුදුනේ තියන සුදු පාට ලීයෙන්ම ඔපදමලා තියන කැටයම, නොදැනුවත්වම වගේ රෝසි කොච්චර ලස්සනද කියල ජන්කූක්ට සිහිපත් කරා... නිතරම ලා රෝස පැහැයක් ගත්ත ඇගේ තොල් ලිප්ස්ටික් හෝ ලිප් බාම් සමඟ තවත් තද රෝස පැහැයක් ගත්තා.. පිම්බුනු කම්මුල්, උරහිස දක්වා තිබුනු තඹ පාට කැරලි ගැසුන කොණ්ඩයත් එක්ක ඇයට තවත් ආකර්ෂණයක් ගෙනාවා.. රෝසිට සිහින් ඇඟක් තිබුන අතර, ඇය අඳින ඇඳුම් වලින් එය තවත් ඉස්මතු වෙලා පෙනුනා.. ලා රෝස පැහැති ඇඟිලි වලින් ඇගේ අත් තවත් කුඩාවට පෙනුනා.. ඇගේ මුලු ශරීරයම ලස්සනයි.. රෝසි ගැන තිබුන හැම දෙයක්ම ලස්සන... ලස්සන... වගේම තවත් ලස්සන උනා..

ජන්කූක් කවදාවත් රෝසිට ආදරේ කරේ නෑ.. එයා හැමතිස්සෙම රෝසිට ඊරිසියා කරා...

මොකද ජන්කූක් ප්‍රාර්ථනා කරා, තමන්ට ඇය වෙන්න තිබ්බා නම් කියලා...

රෝසිට ටේහ්‍යුන්ග් එක්ක ඉන්න පුළුවන්.. ටේහ්‍යුන්ග්ගෙ හැම ආශාවක්ම සපුරන්න පුළුවන්.. ඔවුන්ට සිපගන්න පුළුවන්.. රෝසිගෙ කුඩා ශරීරය තමන්ගෙ අත් අතර තියාගෙන ඉන්න ටේහ්‍යුන්ග්ට පුළුවන්.. ඔවුන් දෙන්නාගෙම පැහැපත් පෙනුම, තඹ පාට කොණ්ඩෙ වෙන හැමදේකටම වඩා හොඳින් ගැලපේවි.. හරියට වැලිත්, ජලයත් වගේ... ඒත් ටේහ්‍යුන්ග්, ජන්කූක් වැලිත්, ජලයත් වගේ උනේ නෑ.. ඒ වෙනුවට ඔවුන් ජලයත්, ගින්දරත් උනා...

Somebody To Love  ||  Taekook  [ COMPLETED ]Where stories live. Discover now