වසර 5කට පසු.....
ලී පොලව මත ගැටෙන අඩි ශබ්ද සමඟ නැගුනු ඝෝෂාකාරී බව හේතුවෙන් සාලය මෙන්ම මුලු ගෙදරමත් පිරී යන්නට විය... නිවස පුරාම මෙන්ම එහි බිත්ති පුරාමත් සිහින් සිනා හඬවල් ඇසෙන්නට උනේ මුලු නිවස තුල තිබුනු එකම ශබ්දයද එය බවට පත් කරන ගමන්මය...
"හොඳයි... ආහ්.. ඔයා අද සතුටින් වගේ... එහෙම නේද ?"
සෝෆා එකකින් තවත් සෝෆා එකකට පනිමින්, එය වටා දුවමින් ඉන්න අවුරුදු 5ක් වයසැති දැරියගේ සිහින් අතකින් අල්ලගන්න ගමන්, සිනාවකුත් මූණෙ රඳවගෙනම වෙරෝනිකා ඇහුවා... තම මවගේ වචන වලට හිනා උන ඇය සෝෆා එකෙන් ඉවත් වෙලා ඕක් ලීයෙන් සෑදූ මේසය වටා දුවන්න පටන් ගන්නට විය..."ජොඈන්...."
කාමර වටා දුවමින් ඉන්න කුඩා දැරියගේ කලු පාට කෙටි හිසකෙස්, ඇය සමඟම තාලෙට පැද්දෙනකොට ආයෙත් වෙරෝනිකා ඇයට කතා කරන්න උනා...
"ටිකක් සන්සුන් වෙන්න... කලබල වෙලා වෙන්න එපා... ඔයාට මහන්සි දැනේවි, love...""බෑ...!" ජොඈන් සතුටින් කිව්වා...
"පපා කොහෙද ?" නිතරම වගේ දොර වසා තිබුනු වැඩ කරන කාමරයේ පඩිපෙල දිහාම බලාගෙන ජොඈන් අහනකොට එහෙමම ඇය අසලට ඇවිදගෙන ගිය වෙරෝනිකා, එතනින් වාඩි වෙලා අවුල් වෙලා තිබුනු කුඩා ජොඈන්ගෙ කොණ්ඩය පිලිවෙල කරන්න උනා..."පපා වැඩ කරනවා..." වෙරෝනිකා හිමීට කිව්වා...
"ඇයි එයා හැමවෙලාවෙම වැඩ කරන්නේ ?" වෙරෝනිකාගෙ උරහිස් මතින් සිහින් අත් දෙකම තියන ගමන් පුංචි ජොඈන් ඇහුවා...
"පපා කවදාවත් මෙතෙන්ට එන්නෙ නෑ..."මූණෙ ඇඳිලා තිබුන සිනහව ටික ටික මැකිලා යනකොට, දැනුත් වසා තිබුනු දොර දිහා තත්පර කිපයක් බලාගෙන හිටපු වෙරෝනිකා ආයෙත් තමන්ගෙ දියණිය දිහා බැලුවා...
"ඒක ඇත්ත නෙමෙයි පැටියෝ... පපාට මේ දවස්වල ටිකක් වැඩ වැඩියි..."
ජොඈන් වෙරෝනිකාගෙ කලුපාට දිගු කෙස් අතර ඇඟිලි පටලනකොට, වෙරෝනිකා හිනාවෙලා කිව්වා..."හොඳයි... එහෙනං මං මගේ බෝනික්කෝ එක්ක සෙල්ලම් කරන්නම්..."
හයියෙන් කියපු ඇය තමන්ගෙ නිදන කාමරය දිහාවට දුවනකොට, ඇගේ හිස අතගාලා ඇයව පිටත් කරපු වෙරෝනිකා, තමන්ගෙ අතේ හතරවෙනි ඇඟිල්ලේ තිබුනු රත්තරන් මුදුව දිහා බලාගෙනම වාඩිවෙලා හිටිය තැනින් නැගිට්ටා...
YOU ARE READING
Somebody To Love || Taekook [ COMPLETED ]
Fanfiction1950 ගණන්වල තවත් මිනිසෙකු සමඟ ආදරයෙන් බැඳීම කිසි විටෙකත් ටේහ්යුන්ග් හෝ ජන්කුක් සිතූ දෙයක් නොවේ. විශේෂයෙන්ම ඔවුන් දෙදෙනාම විවාහ වී දෙදෙනාටම ලස්සන භාර්යාවන් සිටින විටකදී. නැතහොත් මෙය කිසි විටෙකත් එකිනෙකා වෙනුවෙන් සිටී යැයි අදහස් නොකළ පෙම්වතුන් දෙදෙන...