Pic : Brandon
මගෙ නම Eden. මට සහෝදරයන් නැහැ.ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා... මොකද එහෙම කවුරුත් හිටිය නම් එයාලටත් මම විඳින දුක විඳින්න වෙනවා....මට මතකයි මං පොඩි කාලේ දවසක එයා බීලා ගෙදර ඇවිත් අම්ම ට ගහන්න පටන් ගත්තා.....
මගෙ වයසේ ළමයි එයාලගේ තාත්තලා එක්ක සෙල්ලම් කරනකොට අපෙ ගෙදර....අපේ තාත්තා එයාගෙ belt එක අරං මගේ ඇගේ කවදාවත් නොමැකෙන රටා මැව්වා...
එයාගෙ මරු පහරවල් ඉවසාගෙන මායි අම්මයි හිටියා... මට 16ක් වෙනකොට මම එදා හිටපු ළමයා නෙවෙයි.... මගෙ සිතුවිලි , මට දැනුන ඒ පීඩනය ඔක්කොම මගෙ මූනෙ හිනාවෙන් යටපත් කර ගත්තා....
එයා ගහන පාරක් ගානෙ මට දන්නැතුව ම හිනා ගියා... එතකොට මට එයා තව ගැහුවා.... ඒත් මට ඒවා රිදුනෙ නැහැ.... මොකද මම බිඳෙන්න ඕන උපරිමයෙන් බිඳිලා හිටිය නිසා.
ටික කලකට පස්සෙ ඒ බේබද්දා වෙන ගෑනියෙක් එක්ක ඇවිත් අපිව පාරට දැම්මා....
සල්ලි හොයන්න යන්න අම්ම එයාගෙ හොඳම යාළුවා එක්ක මාව තියලා රට ගියා..... ඒත්
අම්ම දැනං හිටියෙ නැහැ එයා ල මට වද දුන්න විදිහ....මගෙන් කෑමට හරියන්න කියලා සේවකයෙක් ගෙන් වගේ වැඩ ගත්තා....
එතනිං මං ඉගෙන ගත්තේ මගේ ලෝකයේ ඉන්නෙ මායි, අම්මයි විතරයි කියලා...ඒත් මගෙ ලෝකෙ වෙනස් කරන්න, මට ඇත්තටම ආදරේ කරන්න කවුරු හරි මේ ලෝකයේ ඉන්නවද කියලා මට හැමදාම හිතුනා.
මට 17 වෙනකොට අම්මා ලංකාවට ආව.... අම්ම හිටියෙ ගොඩක් සතුටින්.... ඒත් නියම නෙවෙයි Brandon එක්ක.
එයා මගේ අලුත් තාත්තා
For a moment I felt my world shatter into pieces.... My mom was with another man...
I held my breath .... Tears falling along my cheeks.ඒ උනාට අම්මා Brandon ව විශ්වාස කරන නිසා මං මගේ ඇස් හිනාවෙන් හංගගත්තා...
" මගෙ පැටියෝ අපි ලංකාව අතැරලා ඕස්ට්‍රේලියාව ට යමු පුතේ.... ඔයාට නැති උන ඒ ආදරේ දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා..."
අම්ම සතුටෙන් නම් ඒ මට ඇති...!
මං දන්නවා ලංකාවේ හිටියොත් ආයෙ අපිට වද දුන්න එයා අපිව හොයාගෙන එයිද කියලා
අම්ම වද වෙන බවමගෙ කතාව පටන් ගන්නේ මෙහෙමයි!
A/N
Please comment
කතාවෙ මුල serious වගේ ද? ගනං ගන්න එපා මොකද මම මේ මුල විතරයි. ;)wink...wink😉Love , ASH
YOU ARE READING
Alpha & His Pup❤️
RomanceEden ලංකාව අතැරලා ඕස්ට්‍රේලියාව ට යන්නෙ එයාගෙ ජීවිතේ මුල ඉදන්ම පටන්ගන්න.... Declan Stoneheart කියන්නේ වෘකයෙක්....වෘකමිනිසෙක්..... Eden සහ Declan දෙන්න ඕස්ට්‍රේලියාවෙ Elite Highschool එකේ දී මුනගැහෙන්නෙ නම් කවුරුත් නොහිතපු විදියකටයි... ඒ දෙන්නගේ කතා...