Chapter 15

318 58 29
                                    

(A/N හිනාවෙන්න ලිව්වේ ඉතිම් 😌⛏️)

Declan's POV 

මට දැන් දහනවයක් වෙන්ඩත් ලගයි... සාමාන්‍යයෙන් මේ වෙනකොට පැක් එකේ අනාගත ඇල්ෆට තමංගෙ මේට් හම්බවෙනවා.. මටත් හම්බවුනා තමයි ඒත් එයා මාව අඳුරන්නෙ නැහැ... මං ගැන කොහොම කියන්නද කියලා හිතාගන්න බැහැ... එයා මං දිහා සතෙකුට සමාන කරලා බැලුවොත් ? මාව රිජෙක්ට් කරොත්? දෙන්නම පිරිමිනෙ!... අපෙන් පස්සෙ පැක් එකට අනාගතයක් නැහැ... 

අද පැක් එකේ දෙන්නෙක් කසාද බදිනවා.මාත් කරගන්ඩ දෙයක් නැතිව කපල් එකේ නාටක බලනවා.  බලෙන් ඇදගෙන ආවෙ මුංගෙ මගුල බලන්ඩ... වෙනදට නම් ඉතිං මාව වටකරගත්තු නාකි ඩයල් ටිකක් ඉන්නවා... දැං පේන තෙක් මානෙක නැහැ ... ආසාවට දැක්කත් අහක බලාගෙන..... හැංගෙනවා!

හැමදාම  මේම මගුලකට ආපු ගමන් නාකි ටික වටවෙලා එකාගානෙ මගෙ පිටට ගගහ කෑගහනවා ඊලගට ඉතින් උඹ තමයි කොල්ලො කියාගෙන... ඉවසන්ඩම බැරි තැන එකෙක් ගෙ මළගෙදරකදී මාත් ගිහින් ඔය කියපු හැමෝගෙම කොන්දට එකක් ගහගෙන ගියා ලැහැස්ති වියං ඊලගට උඹලැන් එකෙක් තමයි කියලා... හැරමිටි විසි උනා මගෙ දිසාවට💀... ඇත්තනෙ යකෝ මං කීවෙ!...

මේ දෙන්නා බඳින්නෙ ආදරේට.... දෙන්නට දෙන්නා ආදරේ නිසා...

ආදරේ..

ඉතින් මටත් ආදරේ හම්බුනා...

Oxford ලොකු ඩික්ශනරියෙ 926 පිටුවෙ...!


දැං උඹලා හිතලා බලපල්ලා ඇයි වායු දූෂණය දවසෙන් දවස වැඩි වෙන්නෙ? 

'Love' is in the air... ආන්න ඔය හේතුව නිසා... ඉතින් තනිකඩ ජීවිතේට පුළුවන් ලෝකෙ වෙනස් කරන්න ... 

.

එන ගමන් එකම ඇඳුම් ඇදගත්ත පිරිමි දෙන්නෙක් පාරෙ යනවා දැක්කා... ඉතින් මං ඇහුවා දෙන්නම ගේ ද කියලා...😃 පස්සෙ මට ගාංචු දාලා වාහනේකට ඔබං අරගෙන ආවා මෙතනට...

කූඩුව ලස්සනයි... අලුතෙන් හදාපු එකක්...

කලින් ඇවිත් තියේ එක සැරයක්.... අවුරුදු පහලොවක් විතර ඇති ඒ කාලෙ... දවසක් ඉස්පිරිතාලෙකට ගියා ලෙඩෙක් බලන්න... ඊළග මොහොතේ මාව අරෙස්ට් කරා... එතන ගහලා තිබ්බෙ 'stroke patients here' කියලා..  මං හිතාපු තේරුම වැරදිලා තිබුණෙ..!


Eden's POV

X

-ex-

එයාට එයාගේ එක්ස් හොයාගන්න බැරි උනාට අපි පලිද මං අහන්නේ.... මම මයෙ ඉස්සරහ තිබ්බ ගණන් පොත දිහා බලං මේසෙ ඔළුව ගහගත්තා... 

Eden මට මෙහෙ ඉන්න ලේසියට වෙනස් කරගත්තු නම...කරුමෙට ගණන් පොත පුරාවට ඒ නම තියෙනවා... ප්‍රසිද්ධ නමක්ලු ඒක... 

Eden ළග ඇපල් දහයක් ලු.... ඊළග පිටුවෙ Eden ළග වට්ටක්කාලු... ගණන් හදන්ඩ ගත්තු වෙලේ ඉඳන් හැමෝම මං දිහා බලනවා... මං ළග ඔය මොනවත් නෑ යකුනේ... 

ටීච බලනකොට මං මහ හයියෙන් හිනාවෙනවා..කොයි තරම් හිනා වෙනවද කීවොත්,... ඒ අස්සෙ උණන කඳුළු කකුල් දිගේ ගලන් යන්න ඔන්න මෙන්න... 

පට්ට අසරණයි ඒ වෙලාවට... ආතල් එක කියාගන්න බැරුවා...

හිනාවෙන එක ඇගට හොඳයි කියලා එදා ත.රේපිස්ට් කීවා.. ඒත් තනියම හිනා යනවනං ආයෙ එන්ඩ කියලත් කීවා... ආයෙ යන්න හිතයි ...!




Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


AD21❤️😃

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

AD21❤️😃




Alpha & His Pup❤️Where stories live. Discover now