(A/N ඔය අලුත්ම character ලූකස්...)
ගාර්ඩ් අංකල් දුන්න ඉස්කෝලෙ map එකත් අරගෙන මම කොරිඩෝව දිගේ ටොයිලට් එකක් හොයාගෙන දිව්වා. මං පරක්කු හින්ද වෙන්නැති කොරිඩෝව හිස්ව තිබ්බෙ. ඒත් එක පාරටම කොරිඩෝව ලමයිගෙන් පිරෙන්න ගත්තා...
දුවන තරගයකට වගේ අඩි හයේ, හතේ ළමයි දුවනවා. මාව එයාලත් එක්කම ඉස්සරහට විසිවෙලා ගියා.... විසිවෙලා ගිහින් අන්තිමට නැවතුනේ මරා ගන්ඩ වගේ රණ්ඩු වෙන කොල්ලො දෙන්නෙක් ඉස්සර හ. එතන උසම එකා මිටි මොලවා ගත් අත් දෙකකින් අනිත් එකාගේ ලේ ගලන කම්මුලට තඩි බානව.
ඒ උනාට ටීච කෙනෙක්වත් උන් දෙන්නව නවත්තන්නෙ නම් නැහැ.මං ලාවට වගේ දැක්කා එතනින් ටීච කෙනෙක් මාරුවෙලා යන විදිය."මේක නවත්තන්න ඕන... නවත්තන්නෙ නැද්ද කවුරුත්..." මම මටම කියා ගත්තා.
"නවත්තන්න! පිස්සු ද බං... මේක වසරේ සුපිරිම fight එකනෙ." මට පිටිපස්සෙ ඉඳන් මගේ කොන්ද ට පොඩි එකෙක් වගේ එක දිගට ඇන ඇන කවුද කිව්වා.
"sup' man මම Lukas "
"Hi මම Eden"
"අලුතෙන් ද?"
"ම්...""ඔතන උස එක්කෙනාගේ නම Declan. මිනිහව අවුස්සගත්තොත් ඉතින් ඉවරයි... ඌව නවත්තන්ඩ ගියොත් ඔයාට ඔයාගේ අතපය ඇහිඳ ගන්ඩ තමයි වෙන්නේ"
ඒත්.. ඒත්... අනික් කොල්ලට මොනව හරි උනොත්... අවුරුදු දාහතක් ගුටිකාපු මම ඒකේ රහ දන්නවා.
Luke මොනවද කියන්න හදනවත් එක්කම
මං ගොනා වගෙ කට ඇරියා."STOP"
එකපාරටම වටේ හිටිය ළමයි ඔක්කොම මගෙන් ඈත් වුණා.
රණ්ඩුවත් නැවතුනා
සොරි! කියලා අනිත් පැත්ත හැරිලා දුවන්න හදනවත් එක්කම අර ගහ ගත්ත දෙන්නගෙන් ලොකු එකා ඇවිල්ල මාව ළඟ තියෙන locker එකකට තල්ලු කරලා මගෙ අත් දෙකම මගේ ඔළුව උඩින් locker එකට තියල තදින් අල්ලගත්තා .
"තමුසේ කලින් කිව්ව එක ආපහු කියපන්!"
ඒ අස්සෙ මට Brandon උගන්නපු ඉංග්‍රීසි ටිකත් අමතක උනා.... මම මගේ බය හංගා ගන්නත් එක්ක ලොකු හිනාවක් දාලා
"Sorry" කිව්වා.
එතකොට මේකගෙ ඇස් කළු වුණා. අත්වල, බෙල්ලෙ නහරවල් ඉදිමුනා.මං දන්නව ඊළඟට මට මොනවද වෙන්නේ කියලා. එකපාරටම ඌ උගේ අනිත් අත මිටමොලවලා මගේ බඩට ගැහුවා.
තව එක පාරක් ගැහුවනම්.... නැහැ පොඩි තට්ටුවක් දැම්ම නම් මම දන්නවා මට එතන වෙන දේ.
මම බේරෙන්ඩ දඟලනවත් එක්කම අර මගෙ බඩේ නැවතුන අත ඉතා භයානක ලෙස මගේ දකුණට ලඟයි කියල දැනුනා.
එයා මගෙන් මොනවත් ඇහුවා
මම දන්න ඉංග්‍රීසියෙන් මොනවද කිව්වා.එකපාරටම ඌ "FUCK" කියලා කෑ ගැහුවා!
මම බය උනා
මට
කලිසමේම චූ ගියා!
(A/N මෙතන ඉඳන් ටික ඊළඟ chapter එකට දාන්නම්... ඊළඟට Declan ගෙ POV
To be honest I kinda felt disappointed cuz there weren't many reads... I thought of taking the book down but hopefully some of you seem to be interested ☺️... So here goes nothing.....please comment and be nice enough to point my mistakes...)
ASH
YOU ARE READING
Alpha & His Pup❤️
RomanceEden ලංකාව අතැරලා ඕස්ට්‍රේලියාව ට යන්නෙ එයාගෙ ජීවිතේ මුල ඉදන්ම පටන්ගන්න.... Declan Stoneheart කියන්නේ වෘකයෙක්....වෘකමිනිසෙක්..... Eden සහ Declan දෙන්න ඕස්ට්‍රේලියාවෙ Elite Highschool එකේ දී මුනගැහෙන්නෙ නම් කවුරුත් නොහිතපු විදියකටයි... ඒ දෙන්නගේ කතා...