Eden's POV
ලංකාවේ මගෙ වයසේ ළමයි 12 වසරේ ඉගෙන ගත්තට මෙහෙ කියන්නේ highschool කියලා.
Highschool එකෙ senior student කෙනෙක් විදියට මෙහෙ තියන සුපිරිම ඉස්කෝලෙකට මාව යවන්න Brandon තීරණය කළා.ඉතින් අන්න එහෙම යි අද මම ඔය කියන ඉස්කෝලෙ ට ඇතුලත් වෙන්න ඉන්නෙ.
ඇත්තටම කියන්ඩ... ලංකාවෙ යි මෙහෙයි වෙලාවෙ වෙනස තාම පූරුදු නැති නිසා අපි ට පෝ..ඩ්ඩක් විතර ඇහැරෙන්න පරක්කු උනා.
හදිසියේ ඇදගත්ත මම අම්ම හදල දුන්න sandwich එකත් අරගෙන Brandon ගෙ කළු SUV එකට නැග්ගා.
එතකොට තමයි මට පොඩි ම පොඩි චූ බරක් ආවෙ.ආයෙ ගෙදරට යන්න වෙලාව නැති නිසා ඉස්කෝලෙ දී වැඩේ කරගන්න මං හිතාගත්ත.
Brandon වාහනේ වේගෙන් එලෙව්වට වෙලාව යනවා නම් මට දැනුනෙ නැහැ. ඔන්න මට මෙතනම යයි වගේ දැනෙනකොට කාර් එක නැවැත්තුවා.
අම්ම මාව ඇදගෙන පුලුවන් තරම් වේගෙන් ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුලට යන්න හදනකොට ම එතන security අම්මව නතර කළා.. මං අලුතෙන් ඇතුලත් වෙන්නෙ කියලා අම්මා කිව්වත් එක්කම ඒ මනුස්සය මහ පල් හිනාවක් දාල කිව්වනෙ...."madam I'm sure your son is old enough to handle himself on his own " කියලා.....කෙලින්ම කිව්වොත් අම්මා ඉස්කෝලෙ ඇරලවන්න තරම් මං පොඩි එකෙක් නෙවෙයි කියලා.
මං ඇතුලට යන්න ඉස්සෙල්ලා අම්මා මාව බදාගෙන පරිස්සමින් ගිහින් එන්න කිව්වා....මමනෙ දන්නෙ ඒකෙන් මගෙ අමාරුව දෙගුණ උනා කියල.
කොහොම හරි මේ ඉස්කෝලෙ ලස්සන බලන්න ත් කියලා මං ඉස්සරහ බලනවත්
එක්කම මං දකින්නේ මගෙ වයසෙම වගේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි එතන හිටගෙන mouth to mouth CPR දෙන විදිහ. උන් දෙන්නා උන් ගෙ ලෝකෙ...සහ..
කාටවත් ගානක්වත් නැහැ.....
මට හැර ...!
මං එතන ගල් වෙලා බලන් ඉන්නවා... මොනවත් හිතන්ඩ එපා මොකද මං මේ වගේ දෙයක් දැක්ක පළවෙනි සැරේ....
එතකොට තමයි එකපාරටම ඒ කොල්ලා මං ළගට ඇවිත් කෑගැහුවෙ....
"Chill dude ... what's up with you? Never seen a guy kissing or what?"Awkward!
මම පුලුවන් තරම් වේගෙන් sorry කියාගෙන එතනිං චුත උනා... අඩේ කවුරු හරි මට අඩි 6 ක වලක් කපන්ඩකො වැළලෙන්න.....
මට මතකයි මං පොඩි කාලේ මුලින්ම ඉස්කෝලෙ අලුතෙන් 1 වසරට ඇතුලත් වෙනකොට අපිව පිළිගන්න ලස්සන ට ඇඳගෙන ලමයි පෝළිමට හිටපු විදිහ...
ආ...මෙහෙ වෙනස් වෙන්ඩැති....!
A/N
🥴
👇enjoy this meme guys! I find it hilarious .....
YOU ARE READING
Alpha & His Pup❤️
RomanceEden ලංකාව අතැරලා ඕස්ට්‍රේලියාව ට යන්නෙ එයාගෙ ජීවිතේ මුල ඉදන්ම පටන්ගන්න.... Declan Stoneheart කියන්නේ වෘකයෙක්....වෘකමිනිසෙක්..... Eden සහ Declan දෙන්න ඕස්ට්‍රේලියාවෙ Elite Highschool එකේ දී මුනගැහෙන්නෙ නම් කවුරුත් නොහිතපු විදියකටයි... ඒ දෙන්නගේ කතා...