පාක් ලිම්සූන් එදත් නැගිට්ටෙ සුපුරුදු පරිදි ගොඩක් පරක්කු වෙලා. එයා නැගිටිනකොට වෙලාව හතටත් කිට්ටුයි.ම්ම්ම්... අදත්නම් ලෙක්චර්ස් යන්න බෑ වගේ... මගෙ ඇඟට හරි නෑ.
නැගිටපු ගමන් හතර අතට ඉදල් අත්ත වගේ කූරූ ගැහිලා තිබුන කොන්ඩෙ අත් දෙකෙන්ම එකතු කරලා හිස් මුදුනින් බැඳගෙන එයා ඇඳෙන් බැස්සා.
ආහ්! අද යුනි ගියොත් අහක යන ලෙඩක් ඇගේ වැටෙයි කියලා ඇයි මට හිතෙන්නෙ?
තමන්ටම එහෙම මුමුණගන්න ගමන් අමාරුවෙන් බාත්රූම් එකට බඩගාගෙන ගිහින් එයා එයාගෙ දත් බුරුසුව හොයන්න පටන් ගත්තා. කොච්චර බෑ කියලා හිතුනත් අද එයාට යුනි යන්නම වෙනවා. මොකද අද එයාගෙ තාත්තා ගෙදරනෙ. අද කට්ටි පනින්න වෙන්නෙ නැහැ.
වෙනදට නම් තාත්තා ගෙදර නැති නිසා එයා ගෙදර ඉන්න සර්වට්න්ට්ස්ලටත් සැර දාලා බය කරගෙන ලෙක්චර්ස් වලට නොයා ගෙදර ඉන්නවා. ඒත් අද ඉතින් තාත්තට රැස් පෙන්නන්න කියලයෑ.
ඉක්මනට මූන කට අත පය හෝදගෙන සුපුරුදු හඩු ටී ෂර්ට් එකයි ඩෙනිමයි ඇඳගෙන බෝයි කැප් එකකුත් දාගෙන ලිම්සූන් පහළට බැස්සා. මොකද සේවිකාවක් ටිකකට කලින් ඇවිත් එයාව ඇහැරවලා ගියෙ තාත්තා එයා එනකන් කෑම කනන් බලාගෙන ඉන්නවා කියලයි.
එයා යනකොටත් තාත්තා කෑම මේසේ වාඩි වෙලයි හිටියෙ. ලිම්සූන් තාත්තව දැකපු ගමන් දුවගෙන එයා ළගට ගිහින් එයා ඉස්සරහින් ඉඳගත්තා.
"ගූඩ් මෝනිං තාත්තා."
"ගුඩ් මෝනිං ලිම්, කොහෙ යන්නද මේ ලෑස්ති වෙලා ඉන්නේ ඔයා?"
මිස්ටර් පාක්, ලිම්ගෙ තාත්තා, ලිම්ගෙන් එහෙම ඇහුවේ ලිම් දැන් විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් බව අමතක වෙලා.
"මම මේ අද යුනි එකට ගිහින් එන්න බැලුවෙ තාත්තා. ගොඩක් දවසකින් ඒ පැත්ත පළාතෙ යන්න බැරි වුනා."
ලිම් ඒක කීවා නෙමෙයි. එයාට ඒක කියවුනා. ඒත් එක්කම මිස්ටර් පාක් ලිම් දිහා ඇහිබැමක් ඔසවගෙන බැලුවා.
ඕ ෂිට්! මාළුවා නහින්නෙ කට හින්දා කියලා කියන්නෙ මෙන්න මේකට වෙන්න ඇති... මාව අහු උනා නේද තාත්තට?
YOU ARE READING
Gangster
Fanfiction"කොල්ලෙක් වගේ හැසිරෙන කෙල්ලෙක් බැඳගන්න ඕන නෑ මට. මම ජොන් ජන්ග්කුක්! ලස්සන, සල්ලි තියන කෙල්ලො ඕන තරම් හොයාගන්න පුළුවන් මට!" "ප්ලීස් ජන්ග්කුක්, මම වෙනුවෙන් මේක කරන්න. මේ මම ඔයාගෙන් ඉල්ලන අන්තිම උදව්ව. මට මගෙ දූව බේරලා දෙන්න. ප්ලීස්..."