"පාක් ලිම්සූන් මගෙ නම. ඕන දෙයක් කරගන්න."
ලිම් ජන්ග්කුක්ට එහෙම කියලා ජන්ග්කුක්ව සත පහකට ගනන් ගන්නෙ නැතිව යන්න ගියා. මෙයා කොහොමද එයාලගෙ අලුත් ලෙක්චරර් වෙන්නෙ? මේ පොඩි කොල්ලෙක්නෙ. එයාලගෙ ලෙක්චරර් වෙනවා කීවෙ ලෝකප්රකට ව්යාපාරිකයෙක්. ලෝකප්රකට ව්යාපාරිකයන්ට මේ ලෙක්චරර්ට වගෙ ජිම් ගිහින් ඇඟ හද හද ඉන්න වෙලාව තියනවා කියලා හිතන්න අමාරුයි. ඒ ලෙක්චරර්, බඩ තඩි ඇඟ මහත නාකි මනුස්සයෙක් වෙන්න ඕන.
තමන්ව ගනන් නොගත්ත මේ ඇච්චන් කෙල්ල නිසා ජන්ග්කුක් ඒ වෙලාවේ හිටියේ පුපුරලා යන්න ආසන්න පරමානු බෝම්බයක් වගේ. ඉතින් එයා පන්තියත් දමලා ගහලා ගිහින් ආපහු ඩීන්ගෙ කාමරේට ගොඩ වුනා.
"හ්යුන්ග්!!!!!!"
ඇතුලු වුන ගමන් එයා වහලෙත් උඩ යන්න කෑගැහුවෙ ඒකෙන් හරි තමන්ගෙ තරහා ටිකක් හරි අඩු වෙයිද බලන්න.
"මිස්ටර් ජොන්, විශ්වවිද්යාලයේ වැඩ පටන් අරන් තියෙන්නේ. මම දැන් ඔයාගෙ හ්යුන්ග් නෙමෙයි මේ ෆැකල්ටියෙ ඩීන්."
කුළු හරකෙක් වගේ කුලප්පු වෙලා හිටිය ජන්ග්කුක්ට ඩීන් තුමා උත්තර දුන්නෙ හරිම සාමකාමී විදියට.
"හරි එහෙනම් ඩීන්!!!!!"
"ජන්ග්කුක් මොකද මනුස්සයො වෙලා තියෙන්නෙ. මම මේ තමුන්ගෙ ඉස්සරහමයි ඉන්නෙ. ගිරිය කඩන් කෑගහන්නෙ නැතුව කියන දෙයක් හිමින් කියනවා."
ඩීන් ඔලුවේ අත ගහගත්තා.
"හරි. මට මගෙ ස්ටුඩන්ට් කෙනෙක් රිපෝට් කරන්න ඕන මොකද ඒකි මාව-"
"ගනන් ගත්තෙ නෑ. ලැජ්ජා කරා. එහෙමද? කමෝන් ජන්ග්කුක්, තමුන් අවුරුදු තිස්තුනක මිනිහෙක්, ලොකු ව්යාපාරියකෙක්. වැඩිහිටියෙක්. මෙතන ඉන්න ඇච්චං කෙල්ලො කොල්ලො ඔහොම තමයි. එයාලා එක්ක ඉවසීමෙන් වැඩ කරන්න. මොනවා උනත් මුන් ළමයිනෙ. හරි දැන් පන්තියෙ මොකද උනේ කියනවා."
ඩීන් තවමත් හරිම සංසුන්.
"මට පාක් ලිම්සූන් කියන කෙල්ලව මේ දැන් රිපෝට් කරලා, ඒකිට මාසෙක පන්ති තහනමක් අරන් ඕන! ඒකි මාව ගනන් ගත්තෙ නෑ. පන්තියෙන් නැගිටලා යන්න ගියා. ඒකට පිළිගන්න පුළුවන් හේතුවක් දුන්නෙත් නෑ."
YOU ARE READING
Gangster
Fanfiction"කොල්ලෙක් වගේ හැසිරෙන කෙල්ලෙක් බැඳගන්න ඕන නෑ මට. මම ජොන් ජන්ග්කුක්! ලස්සන, සල්ලි තියන කෙල්ලො ඕන තරම් හොයාගන්න පුළුවන් මට!" "ප්ලීස් ජන්ග්කුක්, මම වෙනුවෙන් මේක කරන්න. මේ මම ඔයාගෙන් ඉල්ලන අන්තිම උදව්ව. මට මගෙ දූව බේරලා දෙන්න. ප්ලීස්..."