09. උලමා

2.4K 453 51
                                    

"මං.... මං එයාව බය කරාද?"

රැස් වෙලා හිටපු අයත් චියර් කරන එක නවත්තලා බලන් හිටියෙ මොකක්ද වෙන්නේ කියලා

"ලිම්...." ජන්කූක් හිමීට ලිම්ට කතා කරා

ඒත් එතකොට කෙල්ලගෙ ඇඩිල්ල තවත් වැඩි උනා.

"ආහ් මේ මෝඩයා" මේක දිහා බලන් හිටපු ටේහියුන් ඇස් රෝල් කරලා ඔලුව දෙපැත්තට වනමින් ඉක්මනටම අමුත්තො පැත්තට හැරුනා

"ආ... මං හිතන්නේ ලිම් ටිකක් ඉමෝෂනල් වෙලා... ඒ දෙන්නට ඉන්න දීලා එහෙනම් අපි පාටි එක පටන් ගමු."

"හේයි මොනවද බලන් ඉන්නේ.... ගෙස්ට්ලට බැන්ක්වට් එක ඕපන් කරපං." ටේ කිව්වේ ලිම්ගෙ ගාඩියන්ස්ලා වගේ බලාගෙන ඉන්න ජින් ජිමින් යූන්ගි තුන් දෙනාට

ජිමිනුයි යූන්ගි ඇස් හීනි කරලා එකටම ටේ දිහා බැලුවේ නුරුස්සන බැල්මකින්.

"මූ නේද අර ප්‍රොස්කෙයුටර් කිම් ටේහ්යන්" ජිමින් ඇහුවේ ටේගෙ යට ඉදන් උඩටම බලන ගමන්.

"ඔව් ඔය ඉන්නේ ජොන්ගෙ රයිට් හෑන්ඩ් එක. ඌ අපිට ඇදපු හැම කේස් එකක් පිටිපස්සෙම මූත් ඉන්නවා." යූන්ගිත් කිව්වේ දැඩි බැල්මක් ටේට හෙලන ගමන්. 

ඉතිං ඒ දෙන්නා ටේව ස්කෑන් කරන අතරේ පාටි එක පටන් අරන් තිබුනා
.

.

.

ඒ අතරෙ ජන්කූක්ට හිතාගන්න බැරි උනා මොනවද කරන්නේ කියලා.

එයා කවදාවත් මෙහෙම දේකට මූන දීලා නෑ.

ලිම් අඩන හේතුව එයාටවත් හිතාගන්න බැරි එකේ ජන්කූක් මොනව කරන්නද

ඕන එකක් කියලා ජන්කූක් හිමිහිට ලිම්ට ළංවෙලා කෙල්ලගෙ ඔලුව අතගාන ගමන් එයාව තුරුලු කරගත්තා.

"ඉට්ස් ඕකේ... ඉට්ස් ඕකේ" ජන්කූක් ඒ විදියට මුමුනමින් ටිකක් වෙලා යනකොට ලිම්ගෙ ඉකිය ටික ටික අඩුවෙලා සාමාන්‍ය තත්වෙට ආවා.

තෑන්ක් ගෝඩ්...

මේ දිහා බලන් හිටපු මිස්ටර් පාක්ගෙ මූනෙ නම් ඇදුනෙ ජයග්‍රාහී හිනාවක්...

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ඊටපස්සේ ගෙවුනු මුළු කාලෙම ලිම් ජන්කූක් පස්සෙන්ම හිටියත් හැමවෙලේම ඒ ඇස් මග ඇරියා.

GangsterWhere stories live. Discover now