34. ඩෝන්ට් ලීව් මී

1.6K 336 150
                                    

මීට අවුරුදු තුනකට කලින් අනාථ දරුවෙක් විදියට රගපාලා ජන්කූක්ගෙ අනුකම්පාව දිනාගෙන සෙමී ජොන් ගැන්ග් එකට ඇතුළු උනේ ලොකු දේකට. ඒ ඇගේ එකම සහෝදරයගෙ මිනීමරුවන්ගෙන් පලිගන්න එක. මිස්ටර් යැන්ග් එහෙමත් නැත්නම් එයාගෙ තාත්තා කියපු විදියට ඒ දේට අවශ්‍ය තොරතුරු ඔහුට සපයන්න දක්ෂ ස්පයි කෙනෙක් උන සෙමීට පුළුවන් උනා.

ජන්කූක්ට අනාථ දරුවන් ගැන තිබුන අසාමාන්‍ය සෙන්සිටිව් එකෙන් ඇය උපරිම ප්‍රයෝජන ගත්තා. ඇය තුළින් ඔහුගේ ළමා කාලය සිහිවෙන බව සෙමී දැනගෙන හිටියා.

ඒ වගේම ඔවුන් එදා ෆයිට් කරපු බ්ලැක් ෆයිල් එක තමන්ගේ අතට ගන්නත් රයිවල් ගැන්ග් එකට ඕන උනා. එයින් ඔවුන්ගේ බලය අසීමාන්තික වේවි. එහි ඇතුළත් වුන දත්ත වලින් හැම කෙනෙක්ම ඔවුන් ළග දන ගසාවී.

යැන්ග්ට ඒක අවශ්‍ය උනා. මුළු ආසියාවෙම මාෆියා බලය තමන්ගේ අතට ගන්න ඔහුට ඕන උනා.

ඒත් ඒකට ඔහුට ප්‍රධාන බාධක දෙකක් තිබුණා. ඒ කොරියාවේ විශාල බලකණු දෙකක් ලෙස පැතිරිලා තිබ්බ ජොන් සහ පාක් මාෆියාව.

ඔවුන්ගේ විනාශය ගැන්ග්ට තදින්ම ඕන කරා. ඒ ජොබ් එක තමන්ගේ අභිමානය වගේම ගැන්ග් එකේ ඊළග නායකයා උන තමන්ගේ පුතාට යැන්ග් බාර දුන්නා.

එහිදී ඇති උන ගැටුම් වල ප්‍රතිඵලයක් විදිහට ජන්කූක් ඇර ජොන් පවුලම වගේම පාක් පවුලේ නායිකාව මිය ගියා. ඒ කියන්නේ ලිම්ගෙ අම්මා, ජන්කූක්ගෙ අම්මා තාත්තා දෙන්නම එයින් මිය ගියා.

ඒ වගේම යැන්ග්ට ඔහුගේ පුතා, ගැන්ග් එකේ අනාගත නායකයා ඔහුට එහිදී අහිමි උනා. ඒ වගේම බ්ලැක් ෆයිල් එක අතුරුදහන් උනා. ඒක තියෙන්නේ කොහෙද කියලා තාමත් ඔවුන් කාටවත් හොයාගන්න බැරි වෙන විදියට එය සැගවිලා තිබ්බා.

ඒ කියන්නේ අවසානයේ යැන්ග්ට ඔහුගේ පුතා පමණක් අහිමි වෙලා තිබ්බා. එයින් ඇති උන කම්පනත් එක්ක යැන්ග් මදක් පසු බැස්සා. ඒ කාලය තුළ ඔහු නොසිතූ විදිහට නැවතත් ජොන් සහ පාක් මාෆියා බලවත් වෙමින් තිබ්බා.

මේක යැන්ග්ට ලොකු පහරක් උනා. ඒත් දැන් ඔහු අවසානයකට ළගා වෙලා තිබ්බා. මිස්ටර් පාක් වගේම ජොන් පවුලේ අන්තිම පුරුක... මේ අවස්ථාව නැති කරගන්න ඔහු කොහොමවත් ඉඩ තියන්නේ නෑ.

GangsterWhere stories live. Discover now