එදා හවස ජන්ග්කුක් ජන්ග් හෝසොක් එහෙම නැතිනම් සෝල් විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ඩීන්ගෙ ගෙදරට ගියෙ තමන්ගෙ නෑනාවයි තමන්ගෙ පුන්චි ලේලිවයි බලලා එන්න. එයා අද මේ සියෝල් වලට ආවේ ගොඩක් කාලෙකින්. ඉතින් එයා යුනි එකේ ඉදන් ගෙදර ගිය ගමන්ම පිරිසිදු වෙලා ජන්ග් මැදුරට ගියා.එයා ගෙදර දොරට තට්ටු කලාම එයාට ගෙට එන්න දොර ඇරලා දුන්නෙ හෝසොක්ගෙ බිරිඳ ජන්ග් සෙමී.
"ජන්ග්කුකී? ඕ මයි ගෝඩ්... පැටියෝ... කොච්චර කාලෙකින්ද මම මේ ඔයාව දකින්නෙ."
ජන්ග්කුක්ට ඇතුලට එන්න ඉඩ දුන්න සෙමී හරිම සතුටින් කියවන්න පටන් ගත්තා. සෙමීට ඇත්තටම ජන්ග්කුක් කියන්නෙ තමන්ගෙම මල්ලි වගේ. මොකද ජන්ග්කුක්ගෙ තාත්තා මැරුනට පස්සෙ ජන්ග්කුක්ගෙ අම්මා ගොඩක් අසනීප වෙන්න ගත්තා. ඒ නිසා එයා එයාගෙ මෙඩිකල් ට්‍රීට්මන්ට්ස් වලට ඇමරිකාවට ගිහිනුයි හිටියෙ. ඉතින් ඒ කාලෙ තුලදි ජන්ග්කුක්ට අම්මෙක් වෙලා ජන්ග්කුක්ව බලාගත්තෙ සෙමි.
"නූනා, කෝ පොඩි එකී? මම එයාව බලන්නමයි අද මේ ගමන් මහන්සියත් පැත්තක දාලා ආවේ?"
"ජන්ග්කුක් ඔයා ඔහොමම ටීවී ලොබි එකට යන්නකො. දූ ඔයාගෙ හ්‍යුන්ග් එක්ක ෆ්රෝසන් බලනවා. මම ඔයාලට කන්න බොන්න මොනවා හරි හදන් එන්නම්."
සෙමී එහෙම කීවම ජන්ග්කුක් ඔලුව වනලා හා කියලා ටීවී ලොබී එක දිහාට ගියා. එයා යනකොට හෝසොක් ෆෝන් එකෙන් බරපතල සාකච්ඡාවක්. එයාගෙ පුන්චි දුව, ඒරා බිම වැතිරිලා නිදාගෙන ටීවී එකේ ගිය කාටූන් එකක් බලනවා.
ඒරා එක පාරටම ආව ජන්ග්කුක්ව දැක්කා. එයා කෑගහගෙන ගිහින් ජන්ග්කුක්ගෙ අත් වලට පැන්නෙ ජන්ග්කුක් දැකලා දැනුන සතුටට.
"කුකී...!!!"
"හේයි බේබි ඩෝල්, ඔයා මොකද කර කර හිටියෙ?"
ඒරාව වඩාගත්ත ජන්ග්කුක් එයත් එක්කම ගිහින් සෙටියෙන් වාඩි වුනේ හෝසොක් කතාව ඉවරයක් කරනකන්.
ටික වෙලාවකින් හෝසොක් කෝල් එක කට් කරලා ජන්ග්කුක් සහ ඒරා ළගට ආවා. එයාගෙ මූනේ තිබුනෙ හරිම බැරෑරුම් පෙනුමක්.
YOU ARE READING
Gangster
Fanfic"කොල්ලෙක් වගේ හැසිරෙන කෙල්ලෙක් බැඳගන්න ඕන නෑ මට. මම ජොන් ජන්ග්කුක්! ලස්සන, සල්ලි තියන කෙල්ලො ඕන තරම් හොයාගන්න පුළුවන් මට!" "ප්ලීස් ජන්ග්කුක්, මම වෙනුවෙන් මේක කරන්න. මේ මම ඔයාගෙන් ඉල්ලන අන්තිම උදව්ව. මට මගෙ දූව බේරලා දෙන්න. ප්ලීස්..."