32. ගිනිදැල්

1.6K 336 92
                                    

A/n - ළමයි සෙමී, සේරි කියන්නේ දෙන්නෙක් එක්කෙනෙක් නෙමෙයි...

සෙමී ජන්කූක්ගෙ ස්පයි කෙනෙක්... රිසෙප්ෂනිට් පාට් එක අමතරව කරන්නේ

සේරි දැනට එයාගෙ කම්පැනියෙ ඩිසයිනින් මැනේජර් කෙනෙක්

පැටලෙයි කියලා හිතලා ඇඩ් එකක් දැම්මේ 😂

දැම් කතාව 🌝

✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵

මිස්ටර් පාක් ඔහුගෙ අසනීප තත්ත්වය නිසා කලින්ම බෙහෙත් අරන් නින්දකට වැටිලා හිටියා. ඒ බෙහෙත් වලට ඔහුට ටිකක් වැඩිපුරත් එක්ක නින්ද යනවා.

ඒ නිසා මේ වෙලාවට කිසිම කෙනෙක් අවශ්‍යම දේකට හැර ඔහුට බාධා කරන්න ආවෙ නෑ.

අදත් ඔහු ඒ වගේම නින්දක හිටියා.

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ඒ අතර සෙමී අදුරු මාවත දිගේ දිගටම ඇවිදන් ඇවිත් පාක් මන්දිරයට සැතපුම් කිහිපයක් මෙහායින් තිබුන විශාල ඕක් ගසක සෙවනැල්ලට මුවා උනා.

කළු ජීන්ස් කලිසමට කළු හූඩියක් ඇදලා බ්ලැක් මාස්ක් බූට්ස් දාලා දැනටමත් නින්ජා කෙනෙක් වගේ හිටපු සෙමී සාක්කුවෙන් ගත්ත කළු ලෙදර් ග්ලව්ස් ජෝඩුවකුත් දාගනිමින් අවට බැලුවා.

ඇයට මදක් ඉදිරියෙන් පාක් මන්දිරය විශාල ප්‍රදේශයක් පුරා පැතිරිලා තිබුනා.

උද්‍යානයේ තවමත් දල්වලා තිබුන විදුලි බුබුළු ආධාරයෙන් මන්දිරය ඉදිරිපස මුර කරන ආරක්ෂකයො දෙදෙනෙක් එයාට දැකගන්න පුළුවන් උනා.

ඇය බළල් ඇස් කරකවමින් අවට පුරාම තියුණු බැල්මක් හෙළුවා. සීසීටීවී, ආරක්ෂකයො, මන්දිරය වසාගෙන තිබ්බ යෝධ තාප්පය, අදුරෙ ගිලිලා තිබුන කාමර...

ඇගේ දැඩි නිරීක්ෂණයෙන් පස්සෙ එයා වෙලාව බැලුවා.

පාන්දර දෙක හමාරයි...

සෙමී හුස්මක් අරන් ෆෝන් එක ඕෆ් කරලා සාක්කුවට දාගත්තා.

"අපි මේක ඉවර කරමු තාත්තා..."

.

.

.

කවුරුත් එයා පස්සෙන් නෑ කියලා තහවුරු කරගත්තට පස්සෙ සෙමී හෙවනැල්ල අස්සෙන් මදක් ඉදිරියට ඇවිත් ඇගේ සමුරායි එක පළවෙනි සීසීටීවී කැමරාව වෙත එල්ල කරා.

GangsterWhere stories live. Discover now