ලිම් එක්සෑම් හෝල් එකෙන් එළියට ඇවිත් ලොකු හුස්මක් අරගත්තා. එයාට දැනුනෙ ලොකු නිදහසක්. ලොකු බරක් නිදහස් උනා වගේ.
ඊයෙ කුණාටුව නිසා කැඩුණු වලාකුළු අහස පුරාම විසිරිලා තිබ්බත් ඒ අතරින් උණුසුම් හිරු රැස් පෙරිලා ආවා. ඉර එළිය මූනට වැටෙන විදියට ලිම් අහස දිහා බැලුවා. ලස්සන දවසක්.
කෙල්ල හිනාවෙලා ජන්කූක්ට කෝල් කරන්න එයාගෙ ෆෝන් එක අතට ගත්තා.
"හේයි ලිම්" කෙනෙක් එයාගෙ උරහිසට අත තිබ්බ නිසා ලිම් ගැස්සිලා හැරිලා බැලුවා.
"සෙමී?"
කැෂුවල් ජීන්ස් කලිසමකිනුයි ටී ෂර්ට් එකකිනුයි සැරසිලා හිටපු සෙමී හිනාවෙලා එයා අතේ තිබ්බ වගේම ස්ට්රෝබෙරි මිල්ක් බෝතලයක් ලිම් පැත්තට අතට දිගු කරා.
"මං ස්ට්රොබෙරි වලට කැමති නෑ" ලිම් කියනකොට සෙමී ඇස් දෙක රෝල් කරලා අත ආපහු අරගත්තා.
"ඔයා මොනවද මෙහෙ කරන්නේ?"
"මිස්ටර් ජොන්ගෙ වැඩකට මං මෙහෙට ආවේ"
"ඒත් ඔයා?"
"ඇයි ලස්සනට ඇදලා එතනින් යන හැමෝම එක්ක විරිත්තුවට මං මෝඩයෙක් කියලද හිතාගෙන ඉන්නේ"
"ඔව්"
"යා මට විශ්වාසයි මං දවසක් හරි ඔයාට වැඩිය වැඩිමල්. ඒ නිසා හරියට කතා කරනවා"
"හහ් තමුන්නෙ මං එක්ක කතා කරන්නේ මට තමුසෙ එක්ක කතා කරන්න උවමනාවක් නෑ"
"ෆයින්! මේ මාත් තමුන් එක්ක කතා කරන අන්තිම වතාව"
"ලොකු දෙයක්. මොනව ගැනද කියන්න තියෙන්නේ?"
"පාක් යේරින් ගැන"
"මොකක්ද? මගෙ අම්මා!?" ලිම් ඇහුවෙ කෙලින් වෙලා හරියට සෙමී දිහා බලමින්.
"මාත් එක්ක එන්න" සෙමී ලිම්ගෙ අතකින් අල්ලගත්තා.
"හේයි මාව අල්ලන්න එපා අනිත් එක ඔයා මොනවද මගෙ අම්මා ගැන දන්නේ!?"
ලිම් කෑගහද්දිම සෙමී එයාව එක්කන් ආවෙ කොලේජ් එකේ තිබ්බ ටිකක් නිදහස් පැත්තකට.
පරණ ඕක් ගහකින් කැඩුණු කොටයක් උඩ එයා ලිම්ව වාඩිකරා.
"ආව්... මොනවද කරන්නේ?"
YOU ARE READING
Gangster
Fanfiction"කොල්ලෙක් වගේ හැසිරෙන කෙල්ලෙක් බැඳගන්න ඕන නෑ මට. මම ජොන් ජන්ග්කුක්! ලස්සන, සල්ලි තියන කෙල්ලො ඕන තරම් හොයාගන්න පුළුවන් මට!" "ප්ලීස් ජන්ග්කුක්, මම වෙනුවෙන් මේක කරන්න. මේ මම ඔයාගෙන් ඉල්ලන අන්තිම උදව්ව. මට මගෙ දූව බේරලා දෙන්න. ප්ලීස්..."