"ආආහ් මගෙ කකුල...."ලිම් පිං පොං බෝලයක් වගේ පඩිපෙළ පාමුල රෝල් වෙලා හිටියේ වේදනාවෙන් කෑගහමින්.
"ලිම්! මොකක්ද උනේ!?"
ජන්කූක් ඉක්මනටම කෙල්ල ගාවට දුවගෙන ගිහින් එයාව හිමීට කෙලින් කරා.
"යූ ඕකේ? ලිම්? ලිම්!"
"මගෙ කකුල ආහ් මෙතන" එහෙම කියන ගමන් බාගෙට ඉදිමීගෙන එන වළලුකර අල්ලන් කෙල්ල කෑගැහුවා.
"ඕ ෂිට් ඔහොම ඉන්න. දගලන්න එපා"
එහෙම කියමින් කෙල්ලගෙ බද වටා අත් යවලා ජන්කූක් ඒ විදියටම පරිස්සමට කෙල්ලව උස්සලා අත් දෙකට අරගත්තා.
එතකොටම ගෙදර සේවිකාවො දෙන්නෙකුත් එයාලා ගාවට දුවගෙන ආවා.
"සර්..."
"අජුම්මා ඩොක්ට ෂින්ට දැන්මම එන්න කියන්න"
එහෙම කියන ගමන් ජන්කූක් ලිම්වත් වඩාගෙන ඉක්මනට එයාගෙ රූම් එකට ඇවිදන් ගියා.
ඒත් කාමරේට ඇතුළු වෙන්න හදනකොටම කොල්ලා මොහොතක් නැවතුනේ එයාලගෙ රූම් එකේ වහලා තිබුණු දොරේ සුදු පාට කොළේකින් අලවලා තිබ්බ නෝටීස් එක දැකලා.
"RESTRICTED AREA. Don't break in without permission"
වට් මගෙ කාමරේට ඇතුල් වෙන්න මේ පිං පොං බෝලෙන් පර්මිෂන් ගන්න ඕන?!
වට් ද ෆක් ලුක් එකකින් ඒ නෝටීස් එක කියවලා ජන්කූක් බැලුවේ වේදනාව නිසා මූනත් ඇඹුල් කරන් එයාට තුරුල් වෙලා කුටු කුටු ගගා කාටද බැන බැන ඉන්න ලිම් දිහා.
"දිස් ෆකින් Sweatpant... අම් ගෝන රිප් දෙම් ඉන්ටු ටයිනි ටයිනි ටයිනි පීසස්.... මේක විකාරෙ පැටලුනු නිසයි මාව වැටුනෙ...ෂිට්... ආහ්... ඒක රිදෙනවා..."
ජන්කූක් මුකුත් නොකියා ඇස් දෙක රෝල් කරමින් ඔලුව දෙපැත්තට වැනුවෙ මේවට මුකුත් කියලා වැඩක් නැති නිසා.
කෙල්ල වේදනාවෙන් ඉන්න නිසා ඒවා ගැන අහන එක පැත්තකින් දාලා කොල්ලා ලිම්ව වඩාගෙන ගිහින් එයාව හිමීට ඇදෙන් තිබ්බ.
කෙල්ලගෙ වැලමිටයි නළලයිත් ටිකක් තුවාල වෙලා.
"සුකී අයිස් බෑග් එකක් අරන් එන්න"
YOU ARE READING
Gangster
Fanfic"කොල්ලෙක් වගේ හැසිරෙන කෙල්ලෙක් බැඳගන්න ඕන නෑ මට. මම ජොන් ජන්ග්කුක්! ලස්සන, සල්ලි තියන කෙල්ලො ඕන තරම් හොයාගන්න පුළුවන් මට!" "ප්ලීස් ජන්ග්කුක්, මම වෙනුවෙන් මේක කරන්න. මේ මම ඔයාගෙන් ඉල්ලන අන්තිම උදව්ව. මට මගෙ දූව බේරලා දෙන්න. ප්ලීස්..."