27. වන් ඉන් අ මිලියන්

1.6K 364 79
                                    

පාට පාට බැලුම් බෝල, කප් කේක්ස්, පොඩි ළමයෙක් හිනාවෙන සද්ද... ඒත් එක්කම වෙඩි හඩවල් විලාප සද්ද ලිම්ගෙ ඔලුව ඇතුලෙ දෝංකාර දුන්නා.

"අම්මා..."
කිසි දෙයක් හරියට පැහැදිලි නැති උනත් ලිම් දාඩියෙන් තෙත් වෙලා වේගෙන් හුස්ම ගනිමින් හීනෙන් අවදි උනා.

මේ වගේ හීන එයාට නුපුරුදු නෑ. එයාගෙ ඔම්මා නැති උන දවසෙ ඉදන් මේ වගේ හීන ලිම් ඇතුළෙ හොල්මන් කරා. ඒත් ලිම් ටික ටික ලොකු වෙනකොට ඒ හීන ටිකක් ලිම්ව අතෑරලා තිබ්බත් ලිම් කලබල උන වෙලාවට ආයෙමත් එයාව හොයාගෙන ආවා.

කෙල්ල එහෙමම බැලුවේ ඇදේ එහාපැත්ත. එයාට ජන්කූක්ට තුරුල් වෙන්න හැමදෙයක්ම හොදින් කියලා තහවුරු කරගන්න ඕන උනත් ජන්කූක් එතන හිටියෙ නෑ.

ලිම් තාමත් ජන්කූක්ගෙ සුවද රැදිලා තියෙන කොට්ටෙ එයාට තුරුල් කරගත්තා.

හැමදෙයක්ම හොදින් ලිම්.... 

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"ගුඩ් මෝනිං මිසිස් ජොන්!"

"ගුඩ් මෝනිං" සෙමීට ඔරවන් සුපුරුදු පරිදිම ලිම් එතනින් ඇවිදන් ආවා.

"ටිකක් ඉන්න. මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ"

"මං හිතන්නේ අද මං පරක්කු නෑ"

"ඕහ් ඇත්තටම නෑ. මං කියන්නේ ඔයාට වෙලාව තියෙනවනම් අපට ටිකක් කතා කරන්න පුළුවන් ද?" ලිම් නැවතිලා ආපහු හැරිලා සෙමී දිහා බැලුවා.

"මොනවද කියන්න තියෙන්නේ?"

"දැන් නෙමෙයි. ඔයා ෆ්‍රී වෙලාවක කතා කරමු. තව ටිකකින් මීටින් එක පටන් ගන්න නිසා මිස්ටර් ජොන් ඔයා එනකම් බලන් ඇති"

ජන්කූක් මතක් කරාම ලිම්ටත් ඉක්මනට එතනට යන්න ඕන උන නිසා තවත් මොකුත් නොකියා සෙමීට හිස වනලා ලිම් ජන්කූක්ගෙ රූම් එක පැත්තට දුවගෙන ආවා.

ලිම් රූම් එකට එබෙනකොට ජන්කූක් හිටියෙ එයාට පිටුපාලා වාඩිවෙලා මොනවහරි ෆයිල් එකක් චෙක් කරමින්.

ලිම්ගෙ මූනෙ හිනාවක් ඇදෙනකොට කෙල්ල සද්ද නොකර ඇතුළට ඇවිදන් ගිහින් අතේ දබරැගිලි දෙක එකට තියලා ජන්කූක්ගෙ ඔලුව පිටුපසින් තිබ්බා.

GangsterWhere stories live. Discover now