'ඇයි මෙච්චර වොරි වෙන්නෙ සෙමී? මේක ඉවරයක් කරලා දාන්න'
සෙමී ගොඩක් හෙමින් ඇගේ ආයුධය ඔහුගේ බෙල්ල අසලටම ගෙන ආවා.
අන්තිමේ ඇය ඇස් දෙක පියාගනිමින් ඇගේ අත ඉහළට ඉසෙව්වෙ තියුණු ආයුධය ඔහුගේ බෙල්ල මුලට පා කරමින්.
ඒත් එහි තල පාක්ගෙ ගෙල පසාරු කරගෙන යන්න කලින් කෙනෙක් ඒ පහර වැළකුවා. සමුරායි එක කාපට් ඇතිරූ බිමට වැටිලා කිහිප වරක් කැරකිලා නිසල උනා.
ඒත් එක්කම සෙමී මොකුත් හිතාගන්නත් කලින් එයාගෙ කට කළු පාට බයික් ග්ලවුස් දාගත්ත අතකින් හිර උනා. යකඩයක් වැනි ග්‍රහණයකින් එයාගෙ මුළු සිරුරම ඒ කෙනා තද කරලා අල්ලගන්නකොට සෙමීට හෙලවෙන්නවත් බැරි උනා.
ඇය ඒ ග්‍රහණයෙන් මිදෙන්න කොච්චර දැගලුවත් ඒ කෙනා සෙමීව ඒ විදියටම කාමරෙන් එළියට ඇදගෙන ගියා.
ඔවුන් කොරිඩෝව දිගේ ඉදිරියට ඇදෙනකොට අමාරුවෙන් කොරගසමින් එක ආරක්ෂකයෙක් ඔවුන් වෙතට දුවගෙන ආවා.
ඒත් සෙමීව අල්ලන් හිටපු කෙනා දිගටම ඉදිරියට ඇවිදන් යමින් ඒ කෙනාගේ පපුව මැදට එල්ල කරපු පා පහරින් ඔහු ඉවතට විසි උනා.
ඒත් එක්කම සෙමී දැක්කෙ පහළ මාලෙයේ ඉදන් ඔවුන් පැත්තට දුවගෙන එන තව ආරක්ෂකයො කණ්ඩායමක්.
ඒත් එයාව අල්ලන් හිටපු කෙනා ඒක බාධාවක් කරගත්ත බවක් පේන්න තිබ්බෙ නෑ.
එතනට හිටපු ආරක්ෂකයො අට දෙනාට ෆේස් කරනකොට ඔහු මදකට සෙමීව අතෑරියා.
ඒත් ආරක්ෂකයො එක්ක ෆයිට් කරනවා ඇරෙන්න සෙමීටත් වෙන ඔප්ෂන් එකක් තිබ්බෙ නෑ.
අන්තිමට හැමෝම ඉවරයක් කරාට පස්සේ සෙමී එයාගෙ ප්‍රධාන බාධාව දිහා බැලුවා.
ඔහු ඒ වෙනකොටත් සෙමී දිහා බලාගෙන හිටියා.
කළු මාස්ක් එකකින් සහ කැප් එකකින් ඔහු මුහුන ආවරණය කරගෙන හිටියත් ඒ කෙනා අදුරගන්න සෙමීට අමාරු උනේ නෑ.
'ජි...ජිමින්!?'
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
දෙදරුම් දෙන වෙඩි හඩවල් මැද යුද්ධය ඇවිලෙමින් තිබුණා. ජන්කූක් ගන් එක ලෝඩ් කරගන්න ආයෙම ලී පෙට්ටියකට මුවා උනා.
YOU ARE READING
Gangster
Fanfiction"කොල්ලෙක් වගේ හැසිරෙන කෙල්ලෙක් බැඳගන්න ඕන නෑ මට. මම ජොන් ජන්ග්කුක්! ලස්සන, සල්ලි තියන කෙල්ලො ඕන තරම් හොයාගන්න පුළුවන් මට!" "ප්ලීස් ජන්ග්කුක්, මම වෙනුවෙන් මේක කරන්න. මේ මම ඔයාගෙන් ඉල්ලන අන්තිම උදව්ව. මට මගෙ දූව බේරලා දෙන්න. ප්ලීස්..."