39. වැරැද්ද

1K 304 97
                                    

How to be brave
How can i love
When I'm afraid


සති දෙකක් ගත වෙලා තිබුනත් තවමත් ලිම් ඇස් ඇරලා තිබුනෙ නෑ.

ඒ උනත් බින්දුවෙන් බින්දුව බ්ලඩ් බෑග්ස් හිස් වෙනකොට සේලයින් බෝතල් එකතු වෙනකොට ලිම්ගෙ සුදුමැලි කම්මුල් ටිකෙන් ටික රෝස පාටට හැරෙමින් තිබුණා.

හැමෝම බලාගෙන හිටියේ ලිම් අවදි වෙනකම්. ඒ උනත් සිහිය ආවම ලිම්ට මොනවද කියන්නේ කියලා කාටවත් තවම හිතාගන්න බැරි උනා.

අදත් බෝනා සියුම්ව ලිම්ගේ හිස පිරිමදින් ඉන්නකොට චූටි හොලීට ලිම් ගාවම නින්ද ගිහින් තිබුනා.

.......

හුරුපුරුදු උණුසුමක් දැනෙනකොට ලිම් නින්දෙන්ම ඒ පැත්තට හැරුනා. සුපුරුදු කොලෝන්ග් සුවඳින් ලිම්ගෙ පෙනහලු පිරෙනකොට ඇය නින්දෙන්ම හිනා උනා.

ඒ කවුද කියන්න ලිම්ට තේරෙනවා.

ජන්කූක්ගෙ සන්සුන් හුස්ම ගන්න රිද්මය ලිම්ට දැනෙනවා.

ඇස් අරින්න ලෝබ හිතුනත් ලිම්ට ජන්කූක්ව දකින්න ඕන උනා. එයා කම්මැලිකමේ හිටපු ඇසිපිය හෙමිහිට ඔසවලා බලනකොට ලිම් හිතුවා වගේම ජන්කූක් එයාවයි හොලීවයි දෙන්නවම තුරුල් කරන් නින්දකට වැටිලා තිබුනා.

ලිම්ගෙ ඇස් වල කදුළු පිරෙනකොට එයා සේලයින් කටු ගහපු අතක් අමාරුවෙන් ඔසවලා ජන්කූක්ගෙ කම්මුලකින් තිබ්බා.

ලිම් හෙමිහිට ජන්කූක්ගෙ කම්මුල පිරිමදිමින් එයාගෙ මුහුන දිහා බලාගෙන හිටියේ පපුවෙන් දැනෙන සියුම් රිදීම අමතක කරලා. ජන්කූක් ඇහැරෙන පාටක් නම් නෑ. ලිම් හිනාවෙලා ජන්කූක්ගෙ තොල් උඩින් හාදුවක් තිබ්බා.

ඒත් ලිම් ජන්කූක්ගෙ තොල් වලින් ඈත් වෙනකොට ජන්කූක් ඇස් ඇරලා එයා දිහා බලාගෙන හිටියා.

එයා හිනාවෙලා ලිම්ගෙ ඉන වටා තිබුන අතෙන් ඇයව තව ටිකක් ඔහුට තුරුල් කරගත්තා.

"ඔයා නැගිට්ටද ෂුගර්?"

ලිම් හිස වැනුවේ කදුළු අතරින්ම හිනාවෙමින්.

GangsterWhere stories live. Discover now