"ලි..ලිම්..." තුවාල වලට බෙහෙත් කරලා වේදනනාශක විදියට දුන්න පිල්ස් නිසා ජන්කූක් පැය කිහිපයක් සිහිසුන් වෙලා හිටියා. ඒත් නැවත සිහිය ලැබුන ගමන්ම ජන්කූක් කරේ ලිම්ව හොයන්න ගත්ත එක.
ජන්කූක් අවදි වෙලා කියලා දැක්කම කාමරේ පසෙක සෝපාවෙ වාඩිවෙලා හිටපු කිම් නාම්ජූන් ඔහු ගාවට ඇවිදන් ආවා.
"හියුන් ලිම්-"
"ඔයා දැං ලිම්ට යන්න දෙන්න ඕන ජන්කූක්. එයාට තෝරගන්න ඉඩ දෙන්න"
"එයාට තාම විස්සයි හෙයොන්"
නාම්ජූන්ව ඇහුනෙ නෑ වගේ ඩුවට් එක විසි කරලා දාලා ජන්කූක් කේන්තියෙන් නැගිට්ටා.
"මොකක්ද උබ දැං කරන්න හදන්නේ?"
ජන්කූක් එයාගෙ ක්ලාසෙට් එකෙන් සුදු ෂර්ට් එකක් තෝරලා අරං ඒක බට්න්අප් කරමින් කළු කෝට් එකක් අතට ගත්තා.
"ජන්කූක් අහන්න එළියෙ තත්වය හොද නෑ. පාක්ගෙ මර්ඩර් එකෙන් ගොඩක් ගැන්ග්ස් ඇවිස්සිලා ඉන්නේ. උන් පාක්ගෙ තැනට ඇහැ ගහගෙන ඉන්නේ. ඒ වගේම-"
"ඔයා කියන්නේ ඒ වගේ තැනක ලිම්ව තනියම තියන්න කියලද? එයාට මාව ඕනම වෙලාවෙ එයාව තනි කරන්න කියලද හෙයොන්?"
"ඔයා හිතන්නේ පන පිටින් තමුන්ට ලිම් ගාවට යන්න පුළුවන් වෙයි කියලද? පාක්ගෙ අවසන් කටයුතු ඉවර උන ගමන්ම උන් හොයන්නෙ උබේ බෙල්ල ජන්කූක්!"
"මං ඒක බලාගන්නම්"
එහෙම කියලා කාමරෙන් අතුරුදහන් උන ජන්කූක් දිහා බලමින් නාම්ජූන් නළල මිරිකගත්තා.
"සීරියස්ලි ජන්කූක්?"
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
පුංචි කාමරේක ඇදක් උඩ අත් පා ගැටගහලා හිටපු සෙමී එයාගෙ අත් මුදවගන්න ගොඩක් දැගලුවා. කෑගහලා ඇති වෙලාම එයා දැන් උදව් ඉල්ලන එක නතර කරලා තිබ්බෙ. ජිමින් කිව්වා වගේම පන තියන දේකට කියලා මේ පැත්තටම ඉන්නෙ එයයි ජිමිනුයි විතරයි කියලා සෙමීට දැං හොදටම පැහැදිලි වෙලා තිබ්බෙ.
ඒත් තාමත් සෙමී උත්සහය අතාරින්න ලෑස්ති නෑ. එයා ඇදෙන් පැනලා ඒ විදියටම කැංගරුවෙක් වගේ ඉස්සරහට පැන පැන ආවා. දොරේ තිබ්බ අගුල සොලවමින් ඒක කඩාගන්න දෙයක් හොයාගන්න එයා කාමරේ පුරාම ඇස් යැව්වා. ඒත් ඇදක් එක්ක කුඩා සෝපාවක් ඇරුනම ඉදිකටුවක්වත් ඒ කාමරේ ඇතුලේ තිබුනේ නෑ.
YOU ARE READING
Gangster
Fanfic"කොල්ලෙක් වගේ හැසිරෙන කෙල්ලෙක් බැඳගන්න ඕන නෑ මට. මම ජොන් ජන්ග්කුක්! ලස්සන, සල්ලි තියන කෙල්ලො ඕන තරම් හොයාගන්න පුළුවන් මට!" "ප්ලීස් ජන්ග්කුක්, මම වෙනුවෙන් මේක කරන්න. මේ මම ඔයාගෙන් ඉල්ලන අන්තිම උදව්ව. මට මගෙ දූව බේරලා දෙන්න. ප්ලීස්..."