41. ලිට්ල් හැපිනස්

2.8K 384 262
                                    

ඩොක්ට කිව්ව විදියටම කාලය ගොඩක් වේගෙන් ගෙවිලා ගියා. ජිමින් සෙමීගෙ ජීවිත ටික ටික සම්පූර්ණ වෙනකොට සමහරුන්ගේ ජීවිත එකම තැනක නැවතිලා තිබුනා.

කාලය කොච්චර වේගෙන් ගෙවිලා ගියත් එයාලා හොයන වසන්තය පේන මානෙකවත් නොපෙනනකොට ඔවුන්ගේ ජීවිත ගිම්හානය එක්ක පොරබදමින් තිබුනා. පොඩි පොඩි වෙනස්කම් උනත් වසන්තය තවමත් ඔවුන්ට ගොඩක් දුර උනා.

ඒ විදියට ජන්කූක් නැති වෙලා හරියටම අවුරුද්දකුත් ගෙවිලා ගිහින් තිබුනා....

After 1 year....

යන්තම් මාස තුනක් වයස උන පුංචි කොලු පැටියෙක් හඩන සද්දෙකින් මුළු පාක් මන්දිරේම අවදි වෙලා. මූන රතු කරන් කෑගහන චූටි යස්ස පැටියව නලවගන්න කාටවත්ම බෑ. එයාට හොදටම බඩගිනි වෙලා වගේ.

"මැඩම් ඉන්නේ කොහෙද කියලා හොයාගත්තද වොන්?" බබාගේ ආයම්මා එයාව නලවගන්න උත්සහ කරමින් ලිම්ගෙ ප්‍රධාන ආරක්ෂකයට කෑගැහුවා.

"ෂිට්! හයිසිටි ක්ලබ් එකේ!"

මේක ඔවුන්ට අලුත් දෙයක් නෙමෙයි. ඔෆිස් එකේ කටයුතු වලින් පස්සෙ ලිම් වැඩිපුරම කාලය ගත කරේ ක්ලබ් වල, මුහුදු වෙරළක හරි එයාලට කවදාවත්ම අනුමාන කරන්න බැරි තැනක.

ඒ වගේම ඒ හැම දවසකම අලුත් ප්‍රශ්නයක් දාගන්නත් ලිම් අමතක කරේ නෑ. එක දවසක් ක්ලබ් එකක රණ්ඩුවක් දාගත්තොත් ඊළග දවසෙ වාහනයක් හප්පලා කරදරයක් දාගන්නවා. ඊළග දවසේ කාටහරි ගහලා.

වොන් කොහොමහරි ඒ හැමදෙයක්ම සෙට්ල් කරන නිසා ලිම්ට ප්‍රශ්නයක් නොවුනත් ඒකෙන් ඇගේ මුරන්ඩුකම තවත් වැඩි උනා.

වොන් හයිවේ එක දිගේ වේගෙන් කා එක ඩ්‍රයිව් එක කරන් ගියේ එයා එනකම්වත් ලිම් කිසිම ප්‍රශ්නයක් දාගන්න එපා කියලා ප්‍රාර්ථනා කරමින්.

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆✩☆✩✩✩✩

"යූ බිච්!! හව් ඩෙයා යූ!"

"ඕහ් මගෙ අත ටිකක් ලිස්සුවා" ලිම් අතින් දුඹුරු පැහැ tequila වීදුරුවක්ම ක්ලබ් එකේ ඩාන්ස් කරමින් හිටපු කාන්තාවකගෙ ඇගේ හැලුනේ ඒ ලේඩිගෙ නිල් පාට බ්ලවුසය මත්පැන් වලින් නහවමින්.

GangsterWhere stories live. Discover now