25. ලව් බර්ඩ්ස්

1.9K 390 134
                                    

"ඔයා ලන්ච් අරන් ද ඉන්නෙ?"

"මං හිතන්නේ එකට කෑම කන්න තරම් අපි ක්ලෝස් නෑ"

"ඒ උනාට මට බඩගිනී" එහෙම කියලා ජිමින් තායි රෙස්ටොරන්ට් එකක් අසලින් බයික් එක නතර කරා.

"බහින්න" ජිමින් කියනකොට සෙමී ඇස් දෙක රෝල් කරලා බයික් එකෙන් බැස්සා.

"මට ඔයාට දෙන්න පුළුවන් පැය බාගයයි. දැනටමත් ඒකෙන් විනාඩි දහයක් ගිහින් තියෙන්නේ" සෙමී කිව්වේ හෙල්මට් එකේ කාදුව ගලවගන්න ලොකු උත්සහයක යෙදෙමින්.

පන්ඩිතකම නම් තියෙනවා ඒකවත් ගලවගන්න බැරි උනාට.

ජිමින් බයික් එකේ ඉදගෙනම කල්පනා කරේ සෙමී දිහා බලාගෙන. ඒත් එතකොටම කෙල්ලගෙ ඇගේ ගෑවී නොගෑවී එතනින් වේගෙන් ඇදිලා ගියේ තවත් බයික් එකක්.

ඒක සෙමීව චප්ප කරගෙන යන්න කලින් ජිමින් ඉක්මනටම කෙල්ලගෙ ඉනෙන් ඇදලා එයාව ළගට ගත්තා. එකපාරට උන දෙයින් සෙමී නැවතුනේ ජිමින්ගෙ පපුවෙ. එයාගෙ අත් ජිමින් ටී ෂර්ට් එකේ ගුලි උනා.

ටික වෙලාවකින් කෙල්ල ඇහි පිය ගහමින් ජිමින් දිහා බැලුවේ යන්තම් කම්මුල් රතු කරන්.

ජිමින්ගෙ කට කොනකින් ඇදුනෙ පොඩි හිනාවක්.

"ඇත්තටම තමුන් මෙච්චර කෙයාලස්ද?

නැත්නම් ඒ මං ඉන්න නිසා ද?" ජිමින් ඇහුවෙ තව ටිකක් කෙල්ලගෙ මූනට එබෙමින්.

"මො... මොකක්ද?" සෙමී ඇස් ලොකු කරන් අහනකොට ජිමින් හිනාවෙලා කෙල්ලගෙ හෙල්මට් එක ගැලෙව්වා.

"මොකද ඔහොම බලන්නේ? මං තමුසෙව ගිලින්නෑ" ජිමින් කිව්වේ සෙමීගෙ අවුල් වෙලා තිබ්බ කොන්ඩෙ තව ටිකක් අවුල් කරමින්.

"ඒයි"

"මෙහෙ එනවා" ඊටපස්සෙ ජිමින් බයික් එකෙන් බැහැලා බලෙන්ම සෙමීවත් ඇදන් ගියේ තායි අවන්හල ඇතුළට.

"මට වෙලා යනවා. මට තමුන් එක්ක කකා නාස්ති කරන්න කාලයක් නෑ!"
.

.

.

ජිමින් කම්මුලට අතකුත් තියාගෙන විනාඩි පහළවක් විතර තිස්සේ බලන් හිටියෙ සෙමී සේරම කෑම බන්දේසි ටික හිස් කරන දිහා.

GangsterWhere stories live. Discover now