"ජන්කූක්!!!"
එක උණ්ඩයක් ජන්කූක්ගෙ උරහිස පසාරු කරගෙන යනකොට කොල්ලගෙ සුදු ෂර්ට් එක පෙගෙන්න ගත්තෙ රත් ලේ වලින්.
දැනෙන වේදනාවත් එක්ක ලේ යන එක නවත්තන්න එක අතකින් උරහිස මිරිකගනිමින් ගන් එකත් අරන් කොල්ලා අමාරුවෙන් දොර ඇරලා එළියට බැස්සා.
"ජ..ජන්කූක් ඔයාගෙ ලේ-" ලිම් කතා කරේ වෙව්ලමින්. කෙල්ල ඉන්නෙ හොදටම ෂොක් වෙලා කියලා ජන්කූක්ට තේරෙනවා.
"මං ගාවට එන්න ෂුගර්. මොකුත් වෙන්නෑ. කම් මයි බ්රේව් ගර්ල්" ජන්කූක් කිව්වේ ලිම්ට අත දිගු කරමින්.
ඒත් ලිම් බයෙන් ඔලුව දෙපැත්තට වැනුවෙ ජන්කූක්ගෙ ලේ ගලන උරහිස දිහා බලාගෙන.
"ඉට්ස් ඕකේ. කමෝන්" එහෙම කියලා ජන්කූක් තමන්ගේ ලේ ගෑවුනු අතකින් ලිම්ව අල්ලගෙන එයා ළගට ගත්තා.
ලිම් පූස් පැටියෙක් වගේ ගැහෙමින් ජන්කූක්ට තුරුල් වෙනකොට කොල්ලා බැලුවේ එයාටලට මදක් ඈතින් එන ජීප් රථ දිහා.
ජන්කූක් ඉතුරු වෙලා තිබුන අන්තිම පතොරම් ටිකෙන් හෑන්ඩ් ගන් එක ලෝඩ් කරලා අනිත් අත ලිම්ගෙ ඉන වටා යවලා කෙල්ලව තදින් අල්ලගත්තා.
☆☆☆☆☆✩✩✩✩✩✩✩✩✩✩✩✩✩✩✩
ඔවුන් කැළය ඇතුළට දුවනකොට පිට පිටම පිටුපසින් උණ්ඩ ඇදිලා එනකොට
ජන්කූක් ලිම්වත් එක්කම විශාල පයින් ගහකට මුවා උනා. කොල්ලා ගහට හේත්තු වෙලා ඇස් දෙක පියාගෙන ඔලුව පිටුපසට කරේ වේදනාවෙන් උරහිස අල්ලගනිමින්.ඒත් ජීප් රථ වල හඩ ඔවුන් ළගින්ම ඇහෙනකොට කොල්ලා ආයෙම ඇස් දෙක ඇරලා එයා ගාව හිටපු ලිම්ව පපුවට තුරුල් කරගත්තා.
ඒත් එක්කම ජන්කූක් ගාව ඉතුරු වෙලා තිබුන උන්ඩ තුනෙන් එක උණ්ඩයක් ඔවුන් පසුපසින් ආපු රෝලර් එකේ ඉස්සරහා පැසෙන්ජර් සීට් එකේ හිටපු කෙනාගේ පපුව හරහා යනකොට අනිත් උණ්ඩෙ රෝදෙකට වැදුනා.
ලිම් වෙඩි හඩට ගැස්සෙනකොට කොල්ලා තවත් තදින් එයාගෙ කන් වහන්න උත්සාහ කරා.
"ෂිට්! උන්ව අල්ලපං" ජීප් එකේ ඩ්රයිවින් සීට් එකේ හිටපු කෙනා කෑගහනකොට ඇතුලෙ හිටපු දෙන්නෙක් ජීප් එකෙන් එළියට පැනලා ජන්කූක් හිටපු පැත්තට දුවගෙන ආවා.
YOU ARE READING
Gangster
Fanfiction"කොල්ලෙක් වගේ හැසිරෙන කෙල්ලෙක් බැඳගන්න ඕන නෑ මට. මම ජොන් ජන්ග්කුක්! ලස්සන, සල්ලි තියන කෙල්ලො ඕන තරම් හොයාගන්න පුළුවන් මට!" "ප්ලීස් ජන්ග්කුක්, මම වෙනුවෙන් මේක කරන්න. මේ මම ඔයාගෙන් ඉල්ලන අන්තිම උදව්ව. මට මගෙ දූව බේරලා දෙන්න. ප්ලීස්..."