සීතල සුළං ජනේලයෙන් ඇවිත් ඇඟේ වඳිනකොට මම ඇහැරුනේ scl යන්න. අජුම්මාත් මේ දවස්වල නැති නිසා මම හිටියේ ගොඩක් පාළුවෙන්. කොහොම උනත් scl එක කියන්නේ මගේ ගෙදර වාගේ අකැමැති අය කොහොම උනත් මම කැමතිම අයත් එන්නේ එහෙ නේ.
යූනා එක්ක වල්පල් කියව යනකොට අපි දෙන්නා නැවතුනේ notice board එක ළඟ. එතැන ලමයි පිරිලා තෙරපෙනවා. මොනවා ඔච්චර හූස් ගගා බලන්නේ කාගෙ හරි photos ලීක් වෙලා වත් ද. අපි දෙන්නත් අස්සෙන් අස්සෙන් රිංගලා ගියේ මොකක්ද කියලා බලන්න.
හුටා මේ ලස්සනට ගහලා තියෙන්නේ Next week Exam එකක්! හැමෝම හිතන් හිටියේ Football match එක ලඟ නිසා අපිට exam කල් යයි කියලා. අපිට විතරයි exam තියෙන්නේ seniors ලාට නැහැ නේ. කුකී විතරයි අපේ අයගෙන් team එකේ ඉන්නේ. මොන දේ උනත් එයා කොහොමත් pass වෙනවා නේ. මාර මොලයක් අෆ්ෆා.
මම යූනා ව ඇදගෙන library එකට ගියේ පාඩම් කරන්න. පිටිපස්සෙ දිගම table එකට ගිහින් පොත් ටික දිග ඇරන් වතුර බෝතල් ටිකකුත් ගොඩගහ ගත්තෙ මොනවා හරි බොන ගමන් පාඩම් කරන එක අපේ පුරුද්ද නිසා.
විනාඩි 10 ක් ගියේ නැහැ ඔන්න ඉතින් කුකියා ආවා. මෙහෙම couple ඉස්සරහ තනිකඩ මම හරි අසරණයි. වතුර බෝතල් ටික පැත්තකින් තියලා මෙන්න මෙයා තාප්පයක් බදින්න වගේ banana milk තියනවා.
ඕන දෙයක් කර ගන්න කියලා මම ගනන් පොත දිග ඇර ගත්තා.හරියටම 52 පිටුවේ තිබ්බ ප්රාස්ථාර ගාන දිහා මම බැලුවේ ඇස් කරකෝ කරකෝ. හැම පාරම මම හොම්බ ඇන ගන්නේ ප්රාස්ථාර වල.
"මේ යූඌඌඌ මේක!!!!" ටිකක් ඇදල පැදල මම යූනා ළඟට පොත දික් කළේ එයා ට ඉතින් එයා පයිතගරස් ගෙ යොදොන්සන් නිසා
"ආහ් හ් මෙ මේක මේක ද"
මොකද මෙකී මෙ ගොත ගහන්නේ.
"ඔව් ඔව් අනේ මේක තමයි "ආහ් ඉන්නකෝ කිය කිය යූනා පැන්සල කටේ ගහන් ප්රශ්නෙ දහ පාරකට වඩා කියෙව්වා. ඔය අහු උනේ හොරේ යූනා ඇස් පොත දිහාවට යනවා ඊට පස්සේ පොත දිගේ ගිහින් ඉස්සරහ ඉන්න කෙනාගෙ මූණට ඇදෙනවා. ඔය ඉන්නේ bunny හිනාවත් දාගෙන. ඔය හිනාව තමයී මගේ යාළුවා ව මගෙන් උදුර ගත්තෙ. මොකද මේ නලියන්නේ කියලා බැලුවම තමයි මම දැක්කේ දෙන්නා කකුලෙන් කකුල ට ඇණ ඇන ඉන්නවා. මම මෙතන අවුලෙන් ඉන්නවා එයාල lv කරනවා. ඒ එක්කම අතේ තිබ්බ අඩිරෑලෙන් මම යූනා ට එකක් ගැහුවේ ආවේ පාඩම් කරන්න කියලා මතක් කරන්න. ඒක හයියෙන් වැදුනෙත් නැති උනත් යූනා ආව්ව්ව් කිව්වේ පුරුද්දට. ඔය පුරුද්ද ඉතින් අපි දෙන්නටම තියෙනවා. සමහර වෙලාවට ගුටි කන්න කලින් ආව්ව්
ව් කියලා ත් ඉවරයි.
YOU ARE READING
🥅⚽️FINAL MATCH 🥀 [ COMPLETED ]
Fanfictionපාසල් ජීවිතයේ අවසාන දවස. ක්රීඩා පිටිය දෙසට පා තැබූ හනාගෙ දෙනෙත් නැවතුනේ ඈ මෙලොව දකින්න ආසම රූපය ලග. කිම් නම්ජූන්. මද පවන හා රගදෙන කෙහෙරැලිත් නලල් පෙදෙස තෙල් කරමින් ගලන ඩා බිදුත් වෙනදා මෙන්ම අදත් ඔහුගේ රුව චමත්කාර කලා. අතෙහි වූ පන්දුව බිම හෙලූ හේ වල...