Hana's pov
ආව කලබලේට phone එකත් දාලා ඇවිත්..... ඒත් ආයෙ ගෙදර යන්න විදියක් නොතිබ්බ නිසාම ටැක්සි එකක බිල්ඩින් එක ලඟට ආවා
බිල්බින් එකක් කිව්වට මේක හදල ඉවර වෙන්නත් කළින්ම වහල දාපු එකක්..... කොලේජ් එකේ couple වලට ප්රසිද්ධ තැනක් උනත් මන් කල්පනා කළේ ඔප්පා මොකද මට මෙහෙට එන්න කිව්වෙ කියල
දැනටමත් හය පහු වෙලා විනාඩි කීපයක් උනත් අඩුමගානෙ එයාගෙ කාර් එක වත් තිබ්බෙ නෑ
මන් entrance එකට ලං වෙද්දි තිබුන ස්ටිකී නෝට් එක මට වෙන්න ඇති කියල හිතුන නිසාම මන් අතට අරන් කියෙව්වා
ඒකෙ තිබ්බ විදියට අට වෙනි තට්ටුවට මන් ගියත්.... අද වෙනද වගේ නෙවෙයි.... මගෙ හිතට මහ අමුතු සිතුවිලි පහල වෙන්න ගත්තා....ඒත් මන් ඒ හැමදේම පැත්තට තියල...., වැදගත්ම සිතුවිල්ලට එන්න හිතාගෙන මාත් එක්කම තනියම මිමිනුවෙ ස්ටික් නෝට් එකත් අතේ ගුලිකරගෙන
මන් කියපු තැනටම ආවත් මෙතන මන් බලාපොරොත්තුව උන විදියට නම් නෙවෙයි තිබූනෙ
මාස ගානක ඉදන් එක මත එක ගොඩගැහුන දූවිලි තට්ටුයි.... පරණ මෙසේ පුටු වලිනුයි පිරුණ මෙතැන තිබුනෙ ලොකු මූසල බවක්ආයෙ හැරිල ගෙදර යන්න හිතුනත් ඊළඟට ඇහුන අඩි සද්දෙ නිසා මන් ගැස්සුනා
"ඔප්පා" පුන්චි හරි එලියක් ලබා දුන්න දොරත් ආවරණය කරන ගමන් ඇතුලට ආව කෙනා නම්ජූන් ඔප්පා නොවන බව මට තේරුණත්....,, මගේ කටින් පිට උනේ ඒ වචනය විතරයි
ඒ කෙනා එකදිගට මහ හයියෙන් හිනාවෙන කොට අදුරට හුරු උන මගෙ ඇස් අදුර ගත්තා ඒ වෙන කවුරුත් නෙවෙයි නීරා කියන එක කියන එක
"ඔප්පා හහ්... තමුසෙ මහ මෝඩ කෙල්ලෙක් හනා... මමයි තමුසෙව මෙතනට ගෙන්නුවේ...... "
නීරා අත දික් කරගෙන මන් ලගට අඩිය තියන කොට තමයි මන් දැක්කෙ ඒ අතේ තිබ්බ ගන් එක
ඒක දැක්කම මගෙ මුලු ඇගම හිරි වැටිල ගියා ඒ වගේම ඒක අතේ තියන් හිටිය නීරාත් ගොඩක් වෙව්ලනවා මන් ඇස් කොනින් දැක්කා
අඩියක් දෙකක් පස්සට ගියාම තමයි මට තේරුනේ මන් දැන් හොදටම හිර වෙලා කියල
YOU ARE READING
🥅⚽️FINAL MATCH 🥀 [ COMPLETED ]
Fanfictionපාසල් ජීවිතයේ අවසාන දවස. ක්රීඩා පිටිය දෙසට පා තැබූ හනාගෙ දෙනෙත් නැවතුනේ ඈ මෙලොව දකින්න ආසම රූපය ලග. කිම් නම්ජූන්. මද පවන හා රගදෙන කෙහෙරැලිත් නලල් පෙදෙස තෙල් කරමින් ගලන ඩා බිදුත් වෙනදා මෙන්ම අදත් ඔහුගේ රුව චමත්කාර කලා. අතෙහි වූ පන්දුව බිම හෙලූ හේ වල...