දඩිබිඩි ගාලා ලෑස්ති වෙලා එලියට බැස්සට මට ෆට්ට කම්මැලිකමක් දැනුනෙ.. වෙනදාට උදේම ඇවිත් මගෙ කරට පැනල වද දීලා පැය 24 ම කියවන මගෙ යූනා අද නෑනෙ.. එයාගෙ මිහිරි නාදය නැතුව අද පාරත් පාලුයි.. ඒත් එක බලාපොරොත්තුවක් තිබ්බා.. ඒ නම්ජූන් ඔප්පා.. මට හිතුනෙම එයාගෙ බයික් එක ඇවිත් මාව දාගෙන යයි කියල.. හරි නම් මේ වෙලාවට එයා මෙතනින් යනවා.. ඒත් අද තාම නෑ.. මම අද කඩි කුලප්පු පැත්තකින් තියලා ඇතින්න වගේ ඇවිද්දෙ කීයට හරි නම්ජූන් ඔප්පා එයි කියල හිතාගෙන..🏍🏍
අහෝ දෙවියනේ මට මේ ඇසුන දේ සත්යක් ද.. මට දැනුනෙ නම් බයික් එකක් ඇවිත් මගෙ පිටිපස්සෙන් නැවැත්තුවා වගේ.. ඇයි පිටිපස්සෙන් නැවැත්තුවෙ මැණික.. මම දැන් පිටිපස්ස හැරුණොත් ඔයා හිතයි මම එනකන් බලන් හිටියා කියල.. ආයිෂ් මොකෝ කරන්නෙ.. ළඟ පාත කණ්නාඩියක් වත් තිබ්බා නම්....ඕන දෙයක් වෙන්න හනා....දුල්......සෙ...ත්ත්තත්.....
📣📣📣📣
කියලා ඉවර කරන්න ලැබුණෙත් නෑ පිටිපස්සෙන් ආව සද්දෙට මාව ගැස්සිලා ගියා
ඕහෝ..හෝ පොඩ්ඩක් ඉන්න... මේ නම්ජූන් ඔප්පගෙ හෝන් එක නෙවෙයි නේ.. එහෙනම් මේ මොකාද
මොනවා උනත් පට්ට බයික් එක..ඒත් නැගලා හිටපු කෙනා ව නම් මට ඇල්ලුවෙ නෑ.. තඩි හෙල්මට් එක මදිවට සරුවාන්ගෙම වැහෙන්න කලු පාට ජැකට් එක
බයික් එක දැකපු පාර කටේ තිබ්බ කෙල ටික උගුර හරහා පහළට ගලන කොට තමයි මට මීටර් උනේ මම තාම අර මනුස්සයා දිහා කන්න වගේ බලන් ඉන්නව කියලා.. ඕනෝ... නෝ.. ඒත් මේකා මොකද මන් දිහාවට බෙල්ල දාගෙන මෙතැන පැල වෙන්නෙ
බලන විදිය නම් ඇගට ගුණ නෑ ලග පාත කවුරුත් ඇත්තෙත් නෑ..
දැන් නම් හනා කකුල් කරේ තියාගෙන හරි දුවපන්.. මැරයෙක් ද, මංකොල්ල කාරයෙක් ද, මොන මල යකෙක් ද දන්නෑඅද නම් බේර ගන්න ජන්ග්කුකා ත් නෑ..
හිත දහසක් දේ කියන වෙලාවේ මට පුළුවන් උනේ අනිත් පැත්ත හැරෙන්න විතරයි..
"හනා "
එකපාරට ම කනට වැටුණු සුපුරුදු නාදය ගිනි අරන් තිබ්බ මාව කූල් කරලා දැම්මා.. මන් ගැන අනුකම්පා හිතිලා ම උඩ ඉන්න කෙනා ටේහියුන් ව මන් ළඟට එවලා ද කොහෙද
YOU ARE READING
🥅⚽️FINAL MATCH 🥀 [ COMPLETED ]
Fanfictionපාසල් ජීවිතයේ අවසාන දවස. ක්රීඩා පිටිය දෙසට පා තැබූ හනාගෙ දෙනෙත් නැවතුනේ ඈ මෙලොව දකින්න ආසම රූපය ලග. කිම් නම්ජූන්. මද පවන හා රගදෙන කෙහෙරැලිත් නලල් පෙදෙස තෙල් කරමින් ගලන ඩා බිදුත් වෙනදා මෙන්ම අදත් ඔහුගේ රුව චමත්කාර කලා. අතෙහි වූ පන්දුව බිම හෙලූ හේ වල...