ඊයේ රෑ එළි වෙනකම් පාඩම් කරපු හින්දා දැන් නම් නැගිටින්නත් කම්මැලි. ඒත් ඉතින් ගෙදර ඉන්න එකට වඩා scl යන එක මට දහසකින් සම්පතක් නිසා ඉතිං ස්කූල් ආවා. ඒ උනාට ෆට්ට කම්මැලි නිදිමතයි .😴
"උදේ පාන්දර නිදි කිරන්න එපා bn"
මම හ්ම් කියලා පිළිතුරු දුන්නෙ කට ඇරලා ඈනුමක් පිට කරන ගමන්.
"ඔච්චර කට අරින්න එපා bn. ඔන්න යටි ඇන්දේ පනුවො කාපු දතකුත් තියෙනවා
චී දත් මදින්නේ නැද්ද "හෑ කවදද මගෙ කටේ එහෙම දතක් තිබුණේ.
"ඔව් හනා දත් මනින්නේ නැද්ද, පුදුම ගඳක් නේ " ඔන්න මදි පාඩුවට කුකියත් ඇවිල්ලා.
පුදුම යාළුවෝ අෆ්ෆා. මගෙන්ම ආතල් ගන්නවා නේ. මම ඉතින් ඇහෙන්නෙ නැහැ වගේ අනිත් පැත්ත හැරිලා මෙසේ උඩින් ඔලුව තියා ගත්තා.
"මොකද yku පොඩ්ඩක් පිළිවෙළට ඉඳගනින් අන්න Taehyung එනවා "
යූනා කෑ ගහද්දි මම ටක් ගාල කෙලින් වෙලා කොන්ඩෙ හදා ගත්තෙ.මම මෙහෙම පෙරේතයා පොළේ ගහලා වගේ ඉන්නවා Taehyung දකින් එක හරි නැති නිසා.
ඔක්කොම කරලා වටපිට බැලුවම Taehyung තියා එයාගෙ බල්ලා වත් නැහැ.මෙන්න මේ දෙන්නා මෙසේ ට ගගහා හිනා වෙනවා.
"හම්මෝ හනා මොකක්ද ඒ උනේ 😅"
"කෝ Taehyung "
"Taehyung කොහෙද මෙහෙ, අන්න එයා groud එකේ"
දැන් නං මට තහවුරු උනා මෙයාල මාව ඇන්ඳුවා කියලා. ඒත් මොකක් ද Taehyung groud එකේ කියපු කතාව.
"Groud එකේ " මම අහන්නත් කලින් යූනා ඉස්සර උනා.
"ඒ මට කියන්න අමතක උනා නේ "
Jungkook ඇස් දෙකත් ලොකු කරගෙන කතාව කට ආරම්භය ගත්තා.ඒක රසවත් කතාවක් කියලා හිතුන නිසා මමයි යූනා යි දෙන්නම Jungkook දිහාවට බෙල්ල දික් කලා.
" Taehyung Football team එකට එන්න ඇහුවා නේ. ඒකත් මේ අපේ හනා football වලට කැමති නිසා. මට ඊයේ හවස කිව්වේ "
හෑ මොකක්. එයා ඇයි මම කැමති කියලා football team එකට බැදුණේ. මේකත් මේ දෙන්නගෙ මොකක්ද හරි කූට වැඩක් ද.
"ඈ හනා ඔයා කවදද Taehyung ට football වලට කැමති කිව්වේ " Jungkook එහෙම අහද්දී මට මතක් උනේ ඊයේ හවස. ඒත් ඒ ගැන මතක් කරන්න ඉඩ නොදී යූනා කට ඇරියා.
YOU ARE READING
🥅⚽️FINAL MATCH 🥀 [ COMPLETED ]
Fanfictionපාසල් ජීවිතයේ අවසාන දවස. ක්රීඩා පිටිය දෙසට පා තැබූ හනාගෙ දෙනෙත් නැවතුනේ ඈ මෙලොව දකින්න ආසම රූපය ලග. කිම් නම්ජූන්. මද පවන හා රගදෙන කෙහෙරැලිත් නලල් පෙදෙස තෙල් කරමින් ගලන ඩා බිදුත් වෙනදා මෙන්ම අදත් ඔහුගේ රුව චමත්කාර කලා. අතෙහි වූ පන්දුව බිම හෙලූ හේ වල...