ක්ලාස් එකට ගිහින් ඉද ගන්න කියල ටේහියුන්ග් කොච්චර බල කලත් මම කොහොම හරි ග්රවුන්ඩ් එකට ආවා.. පැවිලියන් එක උඩ ඉන්න ටේහියුන්ග් ට මම අතින් සන් කලේ ප්රැක්ටිස් වලට අවධානය දෙන්න කියල.. ඒ පාර මෙයා අමුතු හිනාවක් දාගෙන බලන් ඉන්නව.. හිනා යන්න ආවත් මම ඒක කාගත්තෙ මම හිනා වෙන්න ගත්තොත් මෙයාගෙ කෝලන් තව වැඩි වෙන නිසා.. ටේට ඉස්සරහ හැරෙන්න කියල මම අනිත් පැත්ත හැරුනෙ නම්ජූන් ඔප්පා එක්ක නීරා මේ පැත්තට එනවා දැකපු නිසා.. ඒ එක්කම මගෙ හිතට දුකක් වගේම තරහක් ආවත් මම හොද හුස්මක් අරන් ඒ පැත්තට ගියේ මම ආව වැඩේ ඉවර කරන්න.. ඒත් මම එතනට යන්න කලින් නම්ජූන් නීරාව පුටුවකින් ඉන්දවල සැලියුට් එකක් ගහල ග්රවුන්ඩ් එකට දිව්වෙ පිටිපස්ස හැරි හැරී හිනාවෙන ගමන්.. නීරාත් අත වන වනා හිනා වෙනවා..
"අහ් හනා මම ඔයාව මීට් වෙන්නමයි හිටියෙ "
මන් ලගට ආව නීරා එයාගෙ අතේ තිබ්බ pom poms දෙක මගෙ අතින් තිබ්බා."මේ මොකටද "
"ඇයි දන්නෙම නැද්ද..... ඔයා වගේ කෙල්ලන්ට ගැලපෙන්නෙ මේක තමයි"
"මොකක්ද ඔයා කියන්නෙ "
" ඔයා දන්නෙම නෑ නෙ.... ටේහියුන්ග්ව මදි නිසා ද හනා ජුනී ට බැල්ම දාන්න..."
"මොකක්ද ඔයා කියන්නෙ..... ට් ටේහියුන්ග් කියන්නෙ මගෙ යාලුවෙක්.. එ එතකොට නම්ජූන් ඔප්පා..."
"ඇයි නැවතුනේ ආ කියන්න ඉතින් ඉතුරු ටිකත් "
නීරා හිනා වෙන්න ගද්දි මගෙ ඇස් වලට කදුලු ආවෙ ඉබේටම යි."ඔව් මම නම්ජූන් ඔප්පට ආදරය කරනවා.. මම ආදරය කරනවා... මම මටත් වඩා එයාට ආදරය කරනවා .... ඇහුනද ඔයාට ඇහුනද... එයාව මට අයිති නොවුනත් ඔයාට නම් ලැබෙන්නෙ නෑ නීරා... කවදාවත් නෑ"
හිතට ආව හැම ආවේගෙම මම පුලුවන් තරම් හයියෙන් කෑ ගහලා පිට කලත් මේ වෙලාවෙ එන කදුලු නම් නවත්ත ගන්න බැරි උනා.. ඊළඟට තමයි මට තේරුනේ මම කියපු හැමදේම පැවිලියන් එකේ හිටපු හැමෝටම ඇහිලා කියල.. කෙල්ලො කොල්ලො හැමෝම මන් දිහා කන්න වගේ බලන් ඉද්දි මම අඩියට දෙකට වොෂ් රූම් එකට ගියා.. වාසනාවට හරි අවාසනාවට හරි මම කියපු දේවල් ග්රවුන්ඩ් එකේ හිටපු අයට නම් ඇහිල නෑ වගේ..
YOU ARE READING
🥅⚽️FINAL MATCH 🥀 [ COMPLETED ]
Fanfictionපාසල් ජීවිතයේ අවසාන දවස. ක්රීඩා පිටිය දෙසට පා තැබූ හනාගෙ දෙනෙත් නැවතුනේ ඈ මෙලොව දකින්න ආසම රූපය ලග. කිම් නම්ජූන්. මද පවන හා රගදෙන කෙහෙරැලිත් නලල් පෙදෙස තෙල් කරමින් ගලන ඩා බිදුත් වෙනදා මෙන්ම අදත් ඔහුගේ රුව චමත්කාර කලා. අතෙහි වූ පන්දුව බිම හෙලූ හේ වල...