CHAPTER 4

200 42 15
                                    

අපි Exam එක පටන් ගන්න ඔන්න මෙන්න වෙනකන් ම පාඩම් කරන එක නැවැත්තුවේ නම් නැහැ. කලින් දවස් ටිකේ කොච්චර පාඩම් කලත් මට යි යූනාටයි නම් හිතට මදි. අපි දෙන්නගෙ අත් සීතල වෙලා දත් ටික  කට ගහල ගැහෙද්දි පාඩම පාඩම එක හුස්මට කියවලා දැම්මා. සමහර වෙලාවට එකම ජේදය දෙතුන් පාර කියෙව්වා. ටේහියුන්ග් ඇවිත් පොත් දෙක උදුරලා අපි දෙන්නව ඇදගෙන Hall එකට ගියේ නැත්නම් අපි තාම එළියේ.

පේපර් එකට දෙතුන් පාරක් වැදලා කියවන්න ගත්තම තමයි තේරුනේ හිටතපු තරම් අමාරු නැහැ කියලා. Answers ලියන්න කලින්ම මම එහා පැත්ත හැරිලා බැලුවෙ මගේ ආදරණීය යූනා දිහා. මම හැරෙනවා එක්කම එයත් මගේ දිහා බැලුවේ හිනා කටක් පුරවගෙන. ඒ කියන්නේ එයාටත් ලේසි වගේ.

ටේහියුන්ග් නම් ඉක්මනට ඉවර කරලා එලියට ගියා. යූනා ඉතින් slow motion නිසා ජන්ග්කුකාත්  යූනා ඉවර වෙනකන් ඉඳගෙන හිටියා. Paper එක බාර දීලා මම එලියට ආවේ ටේහියුන්ග් එක්ක දෙයක් කතා කරන්න.

මම ඊයේ දැකපු දේ ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි නිසා මට ඒක ගැන අනිත් අයට කියන්න ඕනේ උනා. යූනාට කිවුවොත් එයා කලබල වෙන නිසා මම මේක මුලින්ම ටේහියුන්ග් ට කියනවා කියලා හිතා ගත්තා.






"ටේහියුන්ග්, ම .....මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුළුවන් ද"

"කියන්න හනා මොකක් ගැනද "

"මේ මේ  න්...... නීරා....." මට කියන්න හම්බ උනේ නෑ

"ටේහියුන්ග්! Namjoon ඔයාව හොයනවා " මගේ කතාව අතරමැද නවත්තන්න උනේ නොසිතූ වෙලාවක නීරා එතනට ආවා නිසා.

හනා මම ඉක්මනට එන්නම් කියා ටේහියුන්ග් එතනින් ගියා. තාමත් නීරා මගේ ඉස්සරහ ඉන්න නිසා මම ලොකු තැතිගැනීමක හිටියේ.

" හනා හනා හනා
ඇත්තටම මට ඔයා එක්ක කිසිම ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. ඔයාම තමයි නැති ප්‍රශ්නයකට රිංගුවෙ. ඔයාට ඒක නොදැක ඉන්න තිබ්බේ හනා.

එදා ඔයා එහෙම නොකළා නම් මේ ප්‍රශ්නෙ ඊයෙම ඉවර වෙනවා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔයාට තියෙන්නේ කට වහගෙන පාඩුවේ ඉන්න. නැත්නම් මට ඔයාගේ කට වහන්න වෙනවා. "

🥅⚽️FINAL MATCH 🥀 [ COMPLETED ]Where stories live. Discover now