CHAPTER 17

166 42 8
                                    

Few months later

උදෑසන 6 පසු වෙලා යද්දිත් හනා හිටියෙ දම් පෑහැති කවරයකින් සැරසුන කොට්ටය දෑත් වලින් තර කරගෙනයි....  මාස කිහිපයකට පසු නැවතත් ඇයට ඈ අතීතයේ දී තම නිවස සේ සලකපු පාසලට යාමට අවස්ථාව උදා වී ඇත.....

හය පසු වී විනාඩි කිහිපයක් ගත වනවිට අවදි වූ කෙල්ල මූනට වැටිල තිබ්බ හිසකෙස් පිටුපසට කරමින් ඇදුනෙ ලයිලැක් පුසුඹ එන දිහාවට.... හැමදාම වගේ සම්පූර්ණයෙන් පිපී අවසන් මල් හත අටක් අතේ පුරවන් ඒවා එකට තබා තද දම් පැහැති රිබන් පටියෙන් සමනල ආකාරයට බැද දැමුවේ වෙදනාකාරී හුස්මක් පිට කරමිනි......

නැවතත් ඈ නාස්පුඩු මල් අතරට යොමු කර ඒ සුවද තදින් ආඝ්‍රහණය කලේ තමාගෙ හිතට සන්සුන් වන ලෙසම අවවාද කරමිනි.........

විවර කල අල්මාරිය තුල වූ නිල ඇදුම අතට ගත් ඈ නාන කාමරයට ඇදුනේ එය තම අතැගිලි වලින් සිනිදුවට පිරිමදිමිනි

ගලා යන දියෙහි නාදයට අමතරව විටින් විට නැගුන ඉකිය ඇරෙන්න වෙන කිසිදු ශබ්දයක් වටපිටාවේ නොතිබුනි....

තෙමුන කෙස් අගින් කඩාවැටුන ජල බිදිදි ඇගේ නිරාවරණය වූ පිට දිගේ ගලා යද්දි කෙල්ලට පුලුවන්ද උනේ දහසක් දේ හදේ දරාගෙන හැල හොල්මනක් නැතිව ඉදිරිපස වූ තම ප්‍රතිරූපය දෙස ඇස් යොමා සිටින්නටයි

ආයාසයකින් සිනහවක් මුහුණ ඈද ගත් කෙල්ල පාසලට පෙර අඩිය තැබුවේ නම්ජූන් වෙතටයි.... නම්ජූන් ඉතිරි කර ගිය ඒ සොහොන අසලටයි

සූර්ය කිරන හේසල් අතු අතරින් පතිත වනවාත් සමගම දිලිසෙන සොහොන කොත අසලට ඇස් යොමා ගත් ඈ තමන් හා සිනහ වන ඔහු වෙත සිනහ පහළ කළේ..... තම ආත්මයම සැනසීමෙන් පිනවෙද්දි

----------------------------------------------------------------------------

කලු පාට තීන්ත වලින් සැරසුන ගාම්භීරව පෙනෙන පාසද් ද්වාරය අසල මදකට රැදන හනා නැවතත් ඉදිරිය බලා ගමන් ඇරබීය...

පරණ පුරුද්දට මෙන් අදත් ඇගේ පලමු පියවර වැටුනේ ක්‍රීඩා පිටිය දෙසට උවත් සීනුව නාද වීමත් සමග සවන් වැටුන නිවේදනය ඇයව විභාග ශාලාව දෙසට රැගෙන ගියා

🥅⚽️FINAL MATCH 🥀 [ COMPLETED ]Where stories live. Discover now