CHAPTER 21

169 34 5
                                    

"මන් නිසයි එයාට යන්න උනේ "

ඒ සිතුවිල්ල මාව නොමරා මරනවා

හැම රෑකම මන් වේදනා විදිනවා

හිරුත් එක්ක උදේට අවදි වෙලා සොදුරු මතක විතරක් ඉතුරු උන මගේම ලෝකයක ජීවත් උනත්
සන්ධ්‍යා යාමයේ සූර්යයා මා හැර යන්නෙ මවාගත්ත ලෝකයෙන් මා පිටුවහල් කරමින්

බය... තනිකම... වේදනාව විතරයි මන් ලඟ ඉතුරු වෙන්නෙ

දරුණු හිසේ වේදනාවක් එක්ක නපුරු මතක මගෙ ඇස් ඉදිරියේ සක්මන් කරද්දි  හදවතේ වේදනාව නොනවත්වා ගලන කදුලටත් භාදාධක් උනා

අනිත් අයගෙන් හැංගිලා ජීවත් වෙන්න හැදුවත්.... ඇත්තටම මම තනිකමට බයයි..

ඒක පුදුමාකාර හැගීමක්... මම කවදාවත්ම හිතුවෙ නෑ හැගීමකට බය වෙන්න සිද්ධ වෙයි කියල

මන් බයයි.... මට බෑ ඇත්ත පිලිගන්න

තාමත් හදවත කියන්නෙ එක දෙයයි
එයාට විතරයි මේ අන්ධකාරයෙන් මාව ගලව ගන්න පුළුවන්

ඒත් ඒ එනා ආයේ මන් ළඟට එන්නෙ නෑ
මට ආයේ ඒ හිනාව දකින්න වෙන්නෙ නෑ
මට ඒ සුවඳ විඳින්න වෙන්නෙ නෑ

අපිව මවපු ස්වභාවධර්මය ද අපිට හතුරු වෙලා

මේ දේවල් සිහිවන හැම මොහොතක්ම මාව මගේම පාලනයෙන් ඈත් කරනවා

වේදනාව දරාගන්න බැරිව සිහි සුන් උන වාර අනන්තයි

ලොකූ වේදනාවකින් පසුව මන් අවදි වෙන්නෙ බිදී ගිය මල් බදුන්... පුලුන් පිටතට පැනපු කොට්ට... ඉරී ගිය ඇද ඇතිරිලි එක්ක...

මන් මානසික රෝගියෙක්... සරලවම කිව්වොත් පිස්සියක්
මම නෙවෙයි කියන්නෙ... මට ප්‍රතිකාර කරන ඩොක්ටර්
මූනට නොකිව්වත්..
මට ඇහිල තියෙනවා

.............................................................................

8 YEARS LATER

HANA'S POV

ගිම්හානය ගෙවී ගොසින් ... වියළි පොළොවට වැටෙන ජල බිදිති පරිසරයට නැවුම් පුසුඹක් ගෙනාවා... ඔව් මේ වස්සානයේ ආරම්භය.... ජනේලයෙන් හමා ආ ජල බිදිති මුසු උන සුලං රැලි මට සීතල කිතියක් ගෙන එද්දි මන් ජනේලයෙන් එලියට හිස යොමු කලේ තව තවත් ඒ වාතාශ්‍රයේ රසය විදින්න....

🥅⚽️FINAL MATCH 🥀 [ COMPLETED ]Where stories live. Discover now