FINAL MATCH I

163 44 7
                                    

හනා ගෙ ගෙදර ට ආවේ 6ත් පහු වෙලා.. ටේහියුන්ග් හනා එක්ක යන්න ඉන්න හැදුවත් හනා එයාව යැව්වෙ Match එකට කලින් ටේහියුන්ග්ට රෙස්ටි එකක් ඕන නිසා.... මොකද කෙල්ල හොඳටම දන්නවා car එකේ නිදාගෙන දෙන්නගෙම බෙල්ල දැන් හොලවන්න වත් බැරි තරමට රිදෙනව කියල

හනාගෙ වෙරි ගතියත් අඩුවෙලා තිබ්බට මහන්සියයි තෙහෙට්ටුගතියති තාම එහෙමයි...... ඇදුම් ටික පැත්තකින් තියල හොට් වෝටර් පුරවපු ටබ් එකට බැස්සම හනාට දැනුනෙ ලොකු නිදහසක්...... ඒ නිසාම කෙල්ලව පැයකින් වත් එළියට ගන්න බැරි උනා

අතට අහු උන දෙයක් කටේ දාගෙන කෙල්ල ආයෙත් පැන්නෙ ඇදට

පැය හතරක නින්දකින් පස්සෙ ඇහැරිලා....  කෑම හදන ගමන් භනා කල්ලනා කලේ ඇත්තටම ඊයෙ මොකක්ද උනේ කියලා....වාසනාවට හෝ අවාසනාවට මෙන් හනා ට කිසි දෙයක් මතක නෑ

ඒ ප්‍රශ්නය වගේම හනා ගෙ හිතේ තිබ්බ අනිත් ප්‍රශ්න වලටත් උත්තර තියෙන්නෙ ටේහියුන්ග් ලග නිසා කැබ් එකක් දාගෙන හනා ගියේ ටේහියුන්ග් ගෙ ගෙදර

බෙල් කලේ ගමන් දොර ඇරියෙ මැදි වියේ හිටපු ගෑණු කෙනෙක්..... ටේහියුන්ග් කලින් දවස්වල අජුම්මා එක්ක හනා ගැන කියල තිබුන නිසාම හනාට ඇතුලට එන්න අවසරය ලැබුණා

අජුම්මා රූම් එක පෙන්නුවට පස්සෙ හනා ඇතුලට ගියත් කොල්ල නම් තාම නිදි... කොට්ටයක් බදාගෙන හුරලත් විදියට නිදාගෙන හිටපු හනාට ටේහියුන්ග්ව ඇහැරවන්න ලෝබ හිතුන නිසාම හනා කලේ කීයට හරි ඇහැරෙයිනෙ කියල හිතමින් කොල්ල දිහා බලන් හිටපු එක..... කාමරේ ඇතුලෙ පුදුම විදියෙ පිලිවෙලක් තිබුනෙ... ඒ වගේම අමූතු හිත ඇදිල යන සුවදකුත් කාමරේ පුරාම විසිරිලා.... ඒ සුවදමයි වෙනදට ටේහියුන්ග් ලගින් එන්නෙ කියල මතක් වෙද්දි හනා ගෙ ඇස් ගියේ ටේහියුන්ග් ලගට..... හිමින් හීරුවේ කොල්ල ලගට ගිහිල් විසිරිලා තිබ්බ කෙස් ගස් ටික එකපැත්තකට කලේ...ඒක හනාට හදවතින් ලැබුන අනක් නිසා

කෙල්ලගෙ ඇගිලි තුඩු ටේහියුන්ගෙ කෙස්ගස් අතරින් එහෙ මෙහෙ යද්දි කොල්ලා ගැස්සිලා ඇහැරුන පාරට තවටිකෙන් හනා බිම

"හ්... හනා ඔයා මේ" ටේහියුන්ග් ඇසුත් ලොකු කරන් කතා කරද්දී හනාට හිනාගියේ ඉබේටමයි

🥅⚽️FINAL MATCH 🥀 [ COMPLETED ]Where stories live. Discover now