Few years later
"කුකී මට නම් තවත් බලන් ඉන්න බෑ..... තාමත් කිසිම දෙයක් වෙනස් නෑ.... අදත් හනා අසනීප උනා... මේ කී වෙනි පාර ද .. "
"අපි බලන් හිටිය ඇති බබා.... දැන් නම් මොකක් හරි කරන්නම වෙනවා... "
"කුකී.... වාහනේ හරවන්න "
"ඒ මොකද "
"මාව එතනට එක්කන් යන්න "
"මේ දැන්... හොදටම වහිනවා නේ"
"තව බලන් ඉන්න බෑ කුකී... මට විශ්වාසයි ටේහියුන්ග් ඉන්නෙ එතන... මේ ප්‍රශ්නෙ ඉවර කරලා මිසක් මං wedding එක ගන්නෙ නෑ "
"මොකක් "
"ඇයි "
"නෑ ඉතිං ඔයාගෙ කැමැත්තක්.... වෙඩින් එක නැතත් අපිට හනිමූන් එක තියෙනව නේ "
"යා කුකී... මන් මෙතන ඔලුව ගිනි අරන් ඉන්නවා... ඔයාට මේකත් ජෝක් ද"
"තරහ ගන්න එපා බබා..... ඔන්න මන් ආයි මුකුත් කියන්නෙ නෑ "
"ඔය කුඩේ දෙන්න "
"මේ මාත් එන්නම් "
"ආවට කමක් නෑ.. හැබැයි වැඩේ අවුල් කරන්න බෑ "
අගල් කිහිපයකට උස සීමා කල පාවහන් යුගලකට උරුමකම් කී යූනා නිල් තනකොල මතින් අඩිය තබා ඇදුනේ නිසල සිරුර මහ පොළොවට ලබා දී නොඑන්නට ගිය තම සොයුරාගේ සොහොන අසලටයි.....
කොතරම් මුරන්ඩු වදන් තෙපලුවත් ඇය මේ මොහොතේ අන් සැමටත් වඩා අසරණ බව දන්නා නිසාම ජන්ග්කුක්ගෙ සවිමත් අතක් යූනාගෙ සිහින් අතක පැටලුනේ ඇයට ශක්තියක් වෙමින්
එහෙත් දෑස් ඉදිරියේ අහස් දියෙන් නැහැවී සොහොන මත හිස තබා වැලපෙමින් සිටි ටේහියුන්ග් දිස් වෙද්දි යූනා පමණක් නොව ජන්ග්කුක් ද ගොඩක් අසරණ උනා
"ටේහියුන්ග් ඔය ඇති... දැන් වත් නවත්තන්න "
"මට බෑ ජන්ග්කුක්... මට තවත් බෑ මේ දිහා බලන් ඉන්න....හනා ආයෙත් අසනීප උනා... එන්න එන්න එයාගෙ මානසික මට්ටම නරක අතට හැරෙනවා "
"උබ මෙහෙම ඇඩුව කියල හනාට වෙන හොදක් නෑ නේද "
"මන් මොකද කරන්නෙ.... හනාට මන් කොහොමද ආයෙත් එයාගෙ නම්ජූන් ඔප්පව ගෙනත් දෙන්නෙ ..... මන් මොකද කරන්නෙ ජන්ග්කුක් "
"ඔය ඇති ටේහියුන්ග්.. දැන් හොඳටම ඇති.... හැමෝම දන්නෙ තමන්ට වැරැද්ද පටවගෙන අඩන්න විතරයි..... ඔය හැමොටම වඩා දුක් වෙන්න ඕන මං නේද....
ඒ මගේ ඔප්පා ටේහියුන්ග්.... එක බඩවැල කඩාගෙන ආව මගේම සහෝදරයා.... ඒත් මන් ශක්තිමත්ව ඉන්නව... මොකද මට බෑ අනිත් අයව තවත් අසරණ කරන්න... මගෙ ජන්ග්කුක්, මගෙ හනා, මගෙ ඔම්මයි අප්පයි .. මේ හැමෝම වෙනුවෙන් මන් ශක්තිමත්ව ඉන්නව
මගෙ ඔප්පා වීරයෙක්.. මොකද එයා ජීවිතයෙන් සමු ගත්තෙ තව කෙනෙක් වෙනුවෙන්... ඉතින් එයා ඒ තරම් පරිත්‍යාගයක් කරල ගියත්... අපිට හනාව සතුටින් තියන්න බැරි නම්... එයාගෙ ඒ පරිත්‍යාගයේ ප්‍රතිඵලය මොකක්ද ආහ්
හනා මෙහෙම ඉන්නව දැක්කොත් එයාට මොනව හිතෙයි ද.... හනාව සතුටින් තියන්න, හනාව ජීවත් කරන්න එයාට ඕන උනේ.... ප්ලීස් දැන්වත් එයාගෙ ආත්මයට සැනසීමක් ලබා දෙන්න.... "
"ඒ.. ඒත් යූනා.. හනාගෙ සතුට තියෙන්නෙ එයාගෙ නම්ජූන් ඔප්පා ලග විතරයි.... ඉතින් මන් "
"නෑ ටේහියුන්ග් නෑ.... ඔයාට පුළුවන් එයාව බලාගන්න... ආයෙත් ඒ කෙල්ලට හිනා වෙන්න උගන්නන්න.... ඒක අපි වගේ ඔප්පත් විශ්වාස කරනව... ඒ නිසායි එයා ඔයාට හනා ව බාර දුන්නෙ... මේ බලන්න අපි දෙන්නත් ඔයාලා එක්ක ඉන්නවා... දැන් වත් අලුතින් පටන් ගන්න..... බලන්න මේ ඔයාලගෙ ජීවිතයේ හොදම වගේම ලස්සනම කාලේ.... ඒක නාස්ති වෙන්න දෙන්න එපා "
"ඔව් ටේහියුන්ග් යූනායි මායි ඕන දේකට ඔයාලා එක්ක "
_________________________________________________
8 years later හමුවෙමු
කතාව ඉවර වෙන්න යන්නේ
YOU ARE READING
🥅⚽️FINAL MATCH 🥀 [ COMPLETED ]
Fanfictionපාසල් ජීවිතයේ අවසාන දවස. ක්රීඩා පිටිය දෙසට පා තැබූ හනාගෙ දෙනෙත් නැවතුනේ ඈ මෙලොව දකින්න ආසම රූපය ලග. කිම් නම්ජූන්. මද පවන හා රගදෙන කෙහෙරැලිත් නලල් පෙදෙස තෙල් කරමින් ගලන ඩා බිදුත් වෙනදා මෙන්ම අදත් ඔහුගේ රුව චමත්කාර කලා. අතෙහි වූ පන්දුව බිම හෙලූ හේ වල...