නම්ජූන්ටම අයිති වෙලා තිබ්බ ගාර්ඩන් එකේ hezal ගස් අසල මිහිදන් කල නම්ජූන් අසලින් හනාට හෙල්ලෙන්නෙවත් උවමනා නොතිබුණත්... යූනා බලෙන් ම කෙල්ලව ගෙදර එක්කන් ආවෙ..... නම්ජූන්ගෙ ලේ තැවරුණු ගවුම පිලින්ම සොහොන් කොත ලග ඔලුව තියන් ඉන්න හනා දිහා තවත් බලන් ඉන්න බැරි නිසා
සුදු ගවුමෙ තැවරුන රතු ලේ අද දුඹුරු පැහැයට හැරුනත් පිරිසිදු වෙන්න තියා කෑමක් කන්න වත් හනාට සිහියක් තිබුනෙ නෑ...... කෑමක් නැතුව හොදටම දුර්වල වෙලා හිටපු හනා මහන්සියට ඈස් බාගෙට අඩවන් කරන් ශටර් එකට ඔලුව තියා ගත්තත් නොනවත්වා ගලන කදුලු කෙමෙන් කෙමෙන් පිට කලේ හදවතේ ඇති මහා වේදනාව
තමන්ට හිටපු එකම සහෝදරයාගෙ වෙන් ව යාම යූනාට දරාගන්න අමාරු උනත් හනා වෙනුවෙන් ශක්තිමත්ව ඉන්න කෙල්ල තිරණය කළා......
දිවා කාලයේ ආලෝකය මැකී ගොස් උදාවුන රාත්‍රියේ හනා කලේ විවර වූ ජනේලයෙන් පෙනෙන රෑ අහසේ තරු ගැනපු එක........ පේන මානයේ තරු ගැන අවසන් වූ පසු කෙල්ල ඒ වැඩේ අවසන් කලේ ඒ දෙස බලා ඉදලම බෙල්ල රිදෙන්න ගත්ත නිසා........ කොට්ටය පිටු පසට කර සැතපෙන්න සැරසූන හනා මදකට නැවතුනේ බාගෙට එසවී තිබුන බිලවුස් එක අතුරින් පේනුන කැලල අසලට අත තවන ගමන්...... දින කිහිපයකට කලින් බිදුන වීදුරුවකින් සටහන් උන කැලල කෙල්ලගෙ සිත අරන් ගියේ පරන අතීතයට........ එය සිහි වීමෙන් තමන්ගේ සිත නැවත නැවත පෑරෙන බව දන්න නිසාම හනා ජනේලය දෙසට හැරී කොට්ටය තුරුලු කර ගත්තේ නින්ද ප්‍රාර්ථනා කරමින්........ එහෙත් හද එලියෙන් සැරසුන කාමරයත්..... රැහැයියන්ගේ හඩට සීමා වූ රාත්‍රියත් ඇයට පරන මතක නැවත නැවත ගෙනහැර පෑවා....... සුදු පැහැය ගත් තිර රෙදි පවන සමග රග දෙනවිට ඒ අතරින් වැටුන හද එලිය හනාගෙ දෑස් ඉදිරියෙ මැව්වෙ තමන්ගෙ ප්‍රතම ප්‍රේමය......... ඇස් හීනි කරන් වල ගැසුන කම්මුල් වලින් තමන්ද හිනහ තිලින කරන ඔහුට පුලුවන් උනා මොහොතකට ඇගේ වේදනා උදුරා දමන්නට......ඒත් ඒ සිනහව පැවතියේ මද වේලාවක් පමණයි....වේගයෙන් හමන සුලග හා එක් උන තිර රෙද්දට හසුව බිද වැටුන මල් බදුන හනාට පෙන්නුම් කළේ වෙඩි හඩ මැද තමාව හැරදා ගිය ආදරයි ...... දෑතින්ම දෙකන් බදාගෙන මොර ගාන කෙල්ලගෙ හඩ පහළ තට්ටුවේ නිදන් හිටපු යූනා සහ ජන්ග්කුක් වත් අවදි කලා...... අගුල් වැටී තිබුන දොර ජන්ග්කුක් බිද දැමූ පසු යූනා ගිහින් හනාව වැලදගත්තෙ මිතුරිය ගේ හිස පිරිමදින ගමන්...... යූනාගෙ පපුවට මූන තද කරන් මොන මොනවදො මුමුණන කෙල්ල කියන කිසිම දෙයක් මිතුරන්ට නොවැටහුනත් යූනා ඇයව තවත් ලන් කරගත්තෙ අවශ්‍ය උනුසුම සපයමින්
YOU ARE READING
🥅⚽️FINAL MATCH 🥀 [ COMPLETED ]
Fanfictionපාසල් ජීවිතයේ අවසාන දවස. ක්‍රීඩා පිටිය දෙසට පා තැබූ හනාගෙ දෙනෙත් නැවතුනේ ඈ මෙලොව දකින්න ආසම රූපය ලග. කිම් නම්ජූන්. මද පවන හා රගදෙන කෙහෙරැලිත් නලල් පෙදෙස තෙල් කරමින් ගලන ඩා බිදුත් වෙනදා මෙන්ම අදත් ඔහුගේ රුව චමත්කාර කලා. අතෙහි වූ පන්දුව බිම හෙලූ හේ වල...