CHAPTER 18

198 36 37
                                    

----------------------------‐--------------------------------------------------------

අත්අඩංගුවට ගත් නීරා යම් මානසික රෝගයකින් පෙලෙන බව වාර්තා වීමත් සමග ඇයව නිදහස් කල බව අසන්නට ලැබුනත් නැවත ඈ ගැන කිසිම තොරතුරක් දැන ගන්නට නොලැබුනි..... එසේම ඒ ගැන සොයන්නට කිසිවකුටත් උවමනාවක් නොවීය

තේජූන් ද සැගවුනු චරිතයක් ලෙස සැමගේ මතකයන් වලින් මැකී ගියද වැසී ගිය අතීත තුල ඔහු සිටි මතක හනාට ගෙන දුන් චිත්ත පීඩාවෙ නම් අඩුවක් නොවීය

සැමගේම සිහිනයක් ව පැවතුන නම්ජූන්ගේ හා තේජූන්ගේ FINAL MATCH එක සදහටම සිහිනයක් බවට පත් වූ අතර....... ටේහියුන්ග් ඇතුලු බොහෝ දෙනෙක් කන්ඩායමෙන් ඉවත් විය .... මාස කිහිපයකට පසු නවකයන්ගේ සහබාගීත්වයෙන් නව පා පන්දු කන්ඩායමක් කොලතජියේ නිර්මාණය උවද...... නම්ජූන් වැනි නායකත්වයක් නැවතත් බිහි නොවීය .... වාර්තා පිට වාර්තා තැබූ පාසලට මෙවර කිසිදු ජයග්‍රහණයක් හිම කර ගත නොහැකි වූයේද ඒ නිසාම වන්නට ඇත

නම්ජූන්ගේ හැර යාම සමග හනා මානසිකව වැටීම හේතුවෙන් ටේහියුන්ග් ද වේදනාවට පාත්‍ර විය.... සෑම උදැසනම හනාට නොදැනෙන්න ඇය පසුපස යන ඔහු ඇය දැකගැනීම තුලින් චිත්ත ප්‍රීතියට පත් වෙයි...  ඔහුගෙ සතුට එය විය....

හිස් බැල්මකින් පාරේ ගමන් කරන කෙල්ලට මහා මාර්ගයේ අනතුරු බොහෝ විය..... තනියම සිනහ පාමින් තමන්ගේ ලෝකයක ගමන් කරන තරුණියව ගොදුර කර ගන්නට බලා සිටින සල්ලාලයන් මාර්ගය රැක සිටීම සමාජයේ සුලබ දසුනක් විය... නමුදු ඒ ගැම උගුලකින්ම ඇයටත් නොදැනිම ඇයව රැක ගන්න ටේහියුන්ග් සමත් විය ............  දවසින් වැඩි කලක් හනා දෙස බලාසිටිමින් සතුට සැනසීම ලබන ටේහියුන්ග් ඇගේ සුවද දැවටුන ලයිලැක් මලක් ඇයටත් නොකියාම රැගෙන යාම පුරුද්දක් කර ගත්තේය.... සෑම රාත්‍රියකම ඔහුට සවන් දෙන මල පසු දින පර වී ගිය ද වියළි ගිය පෙති අතර ඒකපාර්ශ්වික ප්‍රේමයේ නම් අඩුවක් නොතිබුනි

---------------------------------------------------------------------------------

"ටේහියුන්ග්... මේ දුක් වින්ද ඇති නේද තව කොච්චර කල් ඔහොම ඉන්නවා ද "  යූනා ආහාර පිසින අතරතුර කල්පනාවකට වැටී සිටි ටේහියුන් අසලට ගිය ජන්ග්කුක් කතාවකට මුල පිරුවේ තම අතෙහි වු එක් කෝපි කෝප්පයක් මිතුරාට තිලින කරමින්

🥅⚽️FINAL MATCH 🥀 [ COMPLETED ]Where stories live. Discover now